Thursday, March 7, 2019

ගැජමැටික්ස් - ලිපි අංක 14 - ශ්‍රම ශක්තියෙන් ක්‍රියා කරන ඉන්ධන පොම්පය - උඩුගම ඩිපෝව

This photo was taken on February 26, 2019 in Udugama, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
මෙවර අපි ඔබ වෙත ගෙන එන ගජමැටික්ස් ලිපිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු ප්‍රාදේශිකයේ උඩුගම ඩිපෝව සතු වූ අපූරු මෙවලමක් පිලිබඳවයි. ඒ ඩිපෝවේ තිබෙන ශ්‍රම ශක්තියෙන් ක්‍රියා කරන ඉන්ධන පොම්පයයි. විදුලි බලයෙන් තොරව ලීවරයක් හරහා ලබා දෙන ශ්‍රම ශක්තියෙන් මෙම ඉන්ධන පොම්පය ක්‍රියාත්මක වේ. මෙවැනි පොම්ප අතලොස්සක් ලංගම සතුව පැවති අතර ඒවායින් ද අද ක්‍රියාකාරී මට්ටම පවතින්නේ මෙයම පමණක් විය හැකිය. මෙය 1970 දශකයේ එංගලන්තයේ නිෂ්පාදිතය. මේ වන විට උඩුගම ඩිපෝව සතුව නවතම ඉන්ධන පොම්පයක් පවතින හෙයින් මෙය භාවිත වන්නේ අඩුවෙනි. 

පොම්පයට ජවය සැපයෙන ලීවරය. මෙය දෙපසට එහා මෙහා කිරීම මගින් පොම්පයට අවශ්‍ය ශක්තිය ලැබේ. 
This photo was taken on February 26, 2019 in Udugama, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

No comments:

Post a Comment