Friday, September 23, 2016

ගැජමැටික්ස් - ලිපි අංක 04 - ගියර් පෙට්ටි ඔසවනය

මෙවර ගැජමැටික්ස් ලිපිය කුරුණෑගල උතුර ඩිපෝවේ ඉංජිනේරු අංශයේ  දී දැක ගැනීමට ලැබුණු අපූරු මෙවලමක් ගැන. බස් රථයක ගියර්  පෙට්ටියක් ගැලවීමෙදීත්, අලුත්වැඩියා කරන ලද ගියර් පෙට්ටියක්  නැවත සවි කිරීමේදීත් එය නියමිත ආකාරයන් ඔසවා තැබීම සඳහා මෙම ගියර් පෙට්ටි ඔසවනය නිර්මාණය කර ඇත. ඩිපෝවෙන්ම සපයා ගත් දෑ එකතුකොට මෙම නිර්මාණය කර ඇත්තේ කුරුණෑගල උතුර ඩිපෝවේ ඉංජිනේරු අංශයේ ටී. එම්. ජී. විජේරත්න සහ එම්. ඩී. ජයතිලක යන මහත්වරුන් විසින්. ඩිපෝ සේවක මහත්වරුන්ගේ මෙවැනි නිර්මාණ මගින්  ඩිපෝවේ එදිනෙදා ක්‍රියාවලිය කාර්යක්‍ෂම කර ගැනීමට විශාල පිටිවහලක් ලැබෙන බව ඩිපෝ ඉන්ජිනේරුතුමාගේ අදහසයි.

No comments:

Post a Comment