Sunday, July 27, 2014

Leyland RTL double decker bus from CTB Maharagama depot

This photo was taken in 1973 in Colombo Fort, Western LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Maharagama depot, (Ex London transport) Leyland RTL double decker bus (23ශ්‍රී3102) in Colombo. This photo was taken in 1973 while it was running under the route number 112 between Mharagama and Kaduwela. Photo courtesy: Wiltsguy on flickr. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්ව තිබූ ලේලන්ඩ් RTL වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹදී. මෙම බස් රථය 1968 වසරේ ලංගමට ලැබී ඇත. London transport ආයතනයේ භාවිතා කල මෙම රථ පසුව ලංගම සඳහා මිලදී ගෙන ඇත. ශ්‍රී ලංකාවට ලැබෙන විට මෙම රථ බොහොමයක් වසර 15 ක සේවා කාළය සම්පූර්ණ කොට තිබී ඇත. එනම් මෙම බස් රථ 1950 දශකයේ මුල භාගයේ ධාවනයට එක් වූ ඒවාය. Leyland වර්ගයේ තට්ටු යොදාගෙන "London Transport" ආයතනයේ පිරිවිතරයන්ට අනුව බඳ නිමවා ඇති මෙම බස් රථ ලන්ඩන් නගරයට ආවේණික සංඛේතයක් බඳුය. අවාසනාවට මෙන් වර්තමාන ශ්‍රී ලංගම සතුව මෙම වර්ගයේ එකදු බස් රථයක් හෝ නොමැත. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 112 යටතේ මහරගම හා කඩුවෙල අතර ධාවනය වෙමින් තිබී ඇත. එවකට මාර්ග අංක 112 බස් සේවය මහරගම, ඩික්මන් පාර, කොල්ලුපිටිය, කොටුව, කොටහේන, වැල්ලම්පිටිය හරහා කඩුවෙල දක්වා ක්‍රියාත්මක වී ඇත. අනාගත පරපුරට දැකගනීම් පිණිස එක් බස් රථයක් හෝ සංරක්ෂණය විය යුතුව තිබුනද අද අපට මෙම බස් රථ දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ ලබාගත් මෙවැනි ඡායාරූප වලින් පමණි. ඡායාරූපය: Wiltsguy on flickr

6 comments:

  1. danata lankawa sunami ,double daker ahama kiyak wada karanawada.

    ReplyDelete
    Replies
    1. RM, Atlantian, MCW okkoma 15 k withara duwanwa.

      Delete
  2. Oya photo eka gaththu kale adata wada godak double decker thiyenna athi neda ?

    ReplyDelete
  3. 1980දී 112 සේවය කොටහේන දක්වා දීර්ඝ කර ඇති බව කීම කරුණු වරදවා වටහාගැනීමට තුඩු දෙයි. 1980ට පෙර 112 සේවය මහරගම ඩික්මන් පාර කොල්ලුපිටිය කොටුව කොටහේන වැල්ලම්පිටිය හරහා කඩුවෙල දක්වා ක්‍රියාත්මක විය. 1980දී එය කොටහේනෙන් නැවතිනි. දැන් එය කොටුවෙන්ම නැවතී ඇත.
    ඒ කා‍ලයේ 138 ක්‍රියාත්මක වූයේ හෝමාගම සිට පිට‍කොටුව හරහා කිරිබත්ගොඩ දක්වා ය.
    මේ ක්‍රමය නිසා කොටුවේ සහ පිට‍කොටුවේ බස් තදබදය අඩු වීමක් අපේක්ෂා කරන ලදී.
    තවද, ඒ කාලයේ තිබුනු 113, 114, 115 සහ 131 සේවාවන් අද වන විට දකින්නටවත් නැත.

    ReplyDelete
    Replies
    1. මේවා ගැන විවිධ අය විවිධ දේවල් නේ කියන්නේ. අපි මේ ලිපියේ මුලින් දාල තිබුනේ මහරගම හා කොටගෙන අතර කියල. පස්සේ කෙනෙක් කිව්වේ මේක ඒ කාලේ කොටහේනට ගියේ නැහැ, ගියේ කොටුවට විතරයි කියල. ඒ නිසා අපි වෙනස් කලේ. ප්‍රශ්නේ කියන්නේ දැන් ඩිපෝ වල ඉන්න ගොඩක් අය දානෙත් නැහැ 1980 කලින් දුවපු විදිහ. :(

      Delete
    2. Hi Uthpala
      Thanks for maintaining the website.
      sorry to correct you, this a RTL -with Leyland engine, not AEC .this was imported in 11/1967
      see the Radiator- no AEC triangle with central chrome strip- found in AEC - RT double deckers
      from London

      Delete