Friday, September 7, 2018

Brij bodied Ashok Leyland Comet Minor bus from SLTB Badulla depot

This photo was taken on February 12, 2017 in Badulla, Uva, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Brij bodied Ashok Leyland Comet Minor bus (BD 34 / GD-9932) at the Badulla bus stand. Awaiting to leave for Kandegedara on a local route. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට ඒක වී ඇති රථය පසුකාලීනව ජා-ඇල ඩිපෝව මගින් ධාවනය සීමා කර තිබියෙදී බදුල්ල ඩිපෝව මගින් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කොට තිබිණි. ඡායාරූපය: ප්‍රීමාල් මධුසංක

2018 වසරේ අගෝස්තු මස 27 වන දින අළුගොල්ලේදී වෙනත් රථයකට මාර්ගයේ ඉඩ දීමට ගිය අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාම නිසා රථයට දැඩි හානි සිදුවී ඇති අතර එම අනතුරෙන් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරින් පසුව සිදු කරන ලද ඉංජිනේරු ඇස්තමේන්තුවේ දී, රථයේ තට්ටුවට සිදු වී ඇති දැඩි හානි සලකා රථය ධාවනයෙන් ඉවත් කිරීමට නිර්දේශ වී ඇති අතර රථයේ එන්ජිම ඇතුළු අමතර කොටස් යොදාගෙන වෙනත් බස් රථයක් අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීමට ඩිපෝව අපේක්ෂාවෙන් සිටී.

5 comments:

  1. Accident එකේ පින්තූරයකුත් update එකක් විදියට දාමුද?

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්තියක් වශයෙන් මෙම අඩවියේ අනතුරු ඡායාරූප පල නොකරේ..

      Delete
    2. සමාවෙන්න,
      නොදැනුවත් කමට ඇහුවේ.

      Delete
    3. අපෝ ඒකෙ අවුලක් නෑ. අපේ සයිට් එකේ දේවල් ඔයාල දන්නේ නෑ නේ.

      Delete
  2. Uthpala meka TL thibba ekak neda? GD9932 TL191 Wage matakai. TL ta labunu ekama brij body busseka wage mataka

    ReplyDelete