Wednesday, June 21, 2017

සජීව ලිපිය: 2017 ජුනි මස 21 දින ප.ව. 6.00 ට කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී.

This photo was taken on June 21, 2017 in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
අද දින සවස කොළඹ ම. බ. ක. පරිශ්‍රයේ දී, රාත්‍රී 7.30 ට හැටන් බලා ධාවනය වීමට නියමිතව ගාල් කර තිබුණු මෙම, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් බඳ සහිත නවතම බස් රථය (HT 106 / NC-9529) දැකීමට ලැබීමෙන් මහත් සතුටක් ඇතිවිය. මුලින් 2x2 ආසන සැකැස්මට පැමිණි මෙම රථය, පළල් බඳෙන් වැඩි ඵලදායිතාවක් ලැබෙන පරිදි 3x2 ආසන සැකැස්මට ඩිපෝව මගින් සකසා තිබීමද සතුටට කරුණකි. ඒ අනුව දැන් මෙම රථය ආසන 54කින් යුක්තය. දැනට හැටන් ඩිපෝවට 10 ක් නුවරඑළිය ඩිපෝවට 04 ක් මහරගම ඩිපෝවට 04 ක් ආදී වශයෙන් කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඩිපෝවන් වෙත මෙම රථ ලබා දී ඇති බව සැලයි.

2 comments:

  1. bus eke athule photos dannako

    ReplyDelete
  2. බස් රථයේ පිටුපස ටයරය අසල නාම පුවරුවට මගේ ඇස ගියේය.

    ReplyDelete