Friday, June 5, 2015

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 29, 2015, in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-3551) at Deraniyagala. Acquired to the SLTB fleet in 2006. Allocated for the services between Hathkela and Deraniyagala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් දැරණියගල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය දැරණියගල සිට හත්කෑල බලා ධාවනය වෙමින් තිබුණි.

1 comment:

  1. මේ උත්පල,
    ලංගම ඩිපෝ රාශියකට ලොකු ගැටළුවකට මුහුණ පාන්න සිද්ධ වෙලා! අළුතින් ලැබුණු NC කාණ්ඩයේ බස් ධාවනය කළ නොහැකි මට්ටමෙන්ලු ලැබිලා තියෙන්නේ, මට අද දැරණියගල ඩිපෝ කළමණාකාරතුමාගෙන් දැන ගන්න ලැබුණේ. ඔවුනගේ NC කාණ්ඩයේ බස් රථ කිහිපයක්ම නැවත Ashok Leyland වෙත හරවා යවා ඇත්තේ ඒවා එන්ජින් ගැටළු වලින් යුක්ත නිසාලු. ඊට අමතරව අධිවේගී මාර්ගයේ ධාවනය වු දැරණියගල ඩිපෝවට අයත් අධි සුඛෝපබෝගී බස් රථයක්ද තවමත් සමාගමෙන් නැවත ලබා නැතිලු. අනිත් ඩිපෝ වල තත්වයද මේ ආකාරයෙන්ලු! බස් රථ Ashok Leyland සමාගමේ කාර්මික අංගන වලට ඇතුළු කරනවා පමණක් බවත් ඒවා කඩිනමින් සකසා නැවත් ඩිපෝ වලට භාර දීමක් කෙරෙන්නේ නැතිලු, මේ නිසා දැරණියගල ඇතුළු ඩිපෝ රාශියකට ලොකු ගැටළුවකට මුහුණ ප එමට සිදුවී ඇති බවද ඩිපෝ කළමණාකාරතුමා පවසනවා. කණගාටුවට කරුණ නාරාහේන්පිට ලංගම බළධාරීන් මේ ගැටළු හමුවේ මුණිවත රැකීමයි!! දැනට ලැබී ඇති Lynx කුඩා බස් රථ වල තත්වය ඉතාමත් පහත් මට්ටමක පවතින බව ඩිපෝ විසින් සඳහන් කරනවා. නමුත් පුදුමයට කරුණ නම් ලංගම බස් වලට සමගාමීව රටට ගෙනා පුද්ගලික බස් රථ ඉතාමත් හොඳ තත්වයක පවතිනවා සේම සමාගමෙන් පුද්ගලික අයිතිකරුවන්ගේ බස් රථ වල කාර්මික දෝෂ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ලබන බවත් ඩිපෝ වලන් ලැබෙන විශ්වාස කටයුත
    ආරංචි මාර්ග මඟින් අපට දැනගන්නට ලැබී ඇත. ඩිපෝ වල මෙම ගැටළු ගැන ලංගම බළධාරීන් මීට වඩා හොදින් අවධානය යොමු කළ යුතුය , නැතිනම් එහි වාසිය පුද්ගලික බස් කරුවාටයි! උත්පල, මේ ගැන ඔබට කළ හැක්කේ කුමක්ද? එය ඔබ විසින් ලංගම වෙනුවෙන් ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙන්නෙමු !!

    ReplyDelete