Tuesday, April 21, 2026

New Foton BJ6129C buses for the Lanka Metro Transit

This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
A new urban bus service was launched today under the Lanka Metro Transit (LMT) Company. As part of this initiative, 10 Foton BJ6129C model city buses received under the Clean Sri Lanka project were deployed for operation today as a pilot project. These buses, specially designed for urban transport, are equipped with essential features expected in a modern public transportation system. These include low-floor access, facilities to accommodate wheelchairs for passengers with disabilities, and automated fare payment systems. -- අද දින ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (LMT) සමාගම යටතේ නවතම නාගරික බස් රථ සේවාවක් ආරම්භ කරන ලදී. ඒ යටතේ LMT වෙත Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ලැබුණු ෆෝටන් BJ6129C වර්ගයේ නාගරික සේවා බස් රථ 10ක් අද දින නියමු ව්‍යාපෘතියක් ලෙස ධාවනයට එක් කරන ලදී. නාගරික සේවා වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු මෙම බස් රථ පහත් පිවිසුම් හැකියාව, ආබාධිත පුරවැසියන්ගේ රෝද පුටු ඇතුළු කිරීමේ හැකියාව, ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ හැකියාව ඇතුළු සම්මත පොදු ප්‍රවාහන පද්ධතියක පැවතිය යුතු පහසුකම් වලින් සමන්විතය.  


This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
The low-floor design of these buses allows easy boarding for wheelchair users, visually impaired passengers, and pregnant women. Each bus is equipped with 34 passenger seats, along with designated spaces for passengers using wheelchairs. The pilot project is currently operating on the routes from Makumbura to Colombo Fort and from Makumbura to Kadawatha. These routes cover major healthcare institutions such as the National Hospital of Colombo and Maharagama Apeksha Hospital, ensuring better accessibility for patients and visitors. Passengers can pay fares using bank cards or via QR code through the LMT-GO mobile application. The app also provides real-time information such as bus schedules and live bus locations, enhancing convenience for commuters. -- රෝද පුටු භාවිත කරන මගීන්ට සහ දෘෂ්‍යාබාධිත මගීන්ට සේම ගැබිණි මව්වරුන්ට ද ඉතා පහසුවෙන් බස් රථයට ගොඩවිය හැකි ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම පහත් පිවිසුම් සහිත නාගරික සේවා බස් රථ 10 ක් මේ යටතේ ප්‍රවාහන සේවාවට එක්කෙරිණ. මගී ආසන 34 කින් සමන්විත මෙම බස් රථවල රෝද පුටුවලින් ගොඩවන මගීන්ට වෙනමම ස්ථාන වෙන් කර ඇත. මාකුඹුර සිට කොළඹ කොටුව දක්වාත් මාකුඹුර සිට කඩවත දක්වාත් මාර්ගයන්හි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, විශේෂයෙන් කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දැනට මෙම මාර්ග මගින් ආවරණය කෙරේ. බැංකු කාඩ්පත් මගින් සහ LMT-GO ජංගම දුරකථන යෙදුම හරහා QR මගින් මෙම බස් රථ සේවාවන් සඳහා ගාස්තු ගෙවීමේ පහසුකම පවතින අතර  LMT-GO ජංගම දුරකථන යෙදුම මගින් බස් රථ පිටත්වන වේලාවන් දැන ගැනීම සහ බස් රථ දැනට පවතින ස්ථාන හඳුනා ගැනීම ආදියට පහසුකම් පවතී. 

Please use the below links to donload the app -- පහත සබැඳි හරහා අදාළ යෙදුම් ඔබට බා ගත කල හැකිය 
                       For Apple                                      For Android
                

                        
 
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on April 21, 2026, in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

This urban bus service, introduced under Lanka Metro Transit operating under the Sri Lanka Transport Board (SLTB), is expected to expand further with the addition of more buses and extended route networks in the future. All operational aspects and passenger facilities are managed directly by the company. -- ශ්‍රී ලංගම යටතේ ක්‍රියාත්මක වන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමගම යටතේ ආරම්භ කරන ලද මෙම නාගරික බස් සේවාවට ඉදිරියේදී තවත් බස් රථ එකතු වීමට නියමිත අතර ආවරණය කෙරෙන මාර්ග ජාලය තවදුරටත් පුළුල් වීමට නියමිතය. සේවාවන්ට අදාල සියළු පහසුකම්ද සමාගම මගින්ම පාලනය වේ.

Lanka Metro Transit (Pvt) Ltd, commonly known as LMT, is a state-affiliated transport company established to develop and operate a modern urban bus network. Formed as a subsidiary under the Sri Lanka Transport Board (SLTB), the company was created to introduce a high-quality “Metro Bus” service as an alternative to private vehicle use, particularly to help reduce traffic congestion within the Colombo Metropolitan Region. According to an official project memorandum published on the company’s website, the ownership structure of LMT consists of 60% held by the Sri Lanka Transport Board and 40% held by the General Treasury of the Government of Sri Lanka. This means the company is fully state-owned, with SLTB holding the controlling majority stake while the General Treasury represents direct government financial ownership.  -- ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම, කෙටියෙන් LMT ලෙස හඳුන්වනු ලබන අතර, ශ්‍රී ලංකාවේ නවීන නාගරික බස් සේවාවක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපිත කරන ලද රාජ්‍ය ප්‍රවාහන සමාගමකි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) යටතේ අනුබද්ධ සමාගමක් ලෙස ආරම්භ කරන ලද මෙම සමාගම, කොළඹ මහනගර කලාපයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් පෞද්ගලික වාහන භාවිතයට විකල්පයක් ලෙස උසස් තත්ත්වයේ “මෙට්‍රෝ බස්” සේවාවක් හඳුන්වා දීමට පිහිටුවන ලද්දකි. සමාගමේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති ව්‍යාපෘතියට සම්බන්ධ ලේඛනයකට අනුව, LMT හි හිමිකාරීත්ව ව්‍යුහය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු 60% කින් සහ ශ්‍රී ලංකා රජයේ මහා භාණ්ඩාගාරය සතු 40% කින් සමන්විත වේ. ඒ අනුව, මෙම සමාගම සම්පූර්ණයෙන්ම රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින අතර, ශ්‍රී ලං.ග.ම. ප්‍රධාන පාලන කොටස් හිමියා ලෙසත්, මහා භාණ්ඩාගාරය සෘජු රාජ්‍ය මූල්‍ය හිමිකාරීත්වය නියෝජනය කරන පාර්ශවය ලෙසත් කටයුතු කරනු ලබයි.

Further information can be obtained by visiting the official website of the company -- සමාගමේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර කරුණු ලබාගත හැකිය. පහත සබැඳියෙන් ඒ වෙත පිවිසිය හැක

සිංහල :  lankametro.lk    |    English :  lankametro.lk
 
It is believed that this initiative will bring a modern transformation to Sri Lanka’s currently outdated public transport system. There is strong hope that it will provide the public with a more comfortable and safer transportation experience. -- මේ වන විට යල්පැනගොස් ඇති ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය මෙම සේවාවන් යටතේ නව මුහුණුවරක් ගනු ඇති බව අපගේ විශ්වාසයයි. එමගින් පොදු මගී ජනතාවට වඩාත් සුව පහසු මෙන්ම ආරක්‍ෂිත පොදු ප්‍රවාහන පද්ධතියක් උරුම වේය යන බලාපොරොත්තුව සැමගේ සිත් තුල ඇත.

Article by: Uthpala Dilhan -- සටහන / ඡායාරූප :  උත්පල දිල්හාන් 

No comments:

Post a Comment