Saturday, May 12, 2012

SLTB Supply Division - Negombo depot

This photo was taken on February 24, 2012 in Kadawatha, Western, LK, using a Canon IXUS 210. 
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Supply division, Mercedes Benz lorry (24ශ්‍රී2354) in front of Kadawatha depot. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් වර්ගයේ සම්පාදක සේවා ලොරි රථයක් කඩවත ඩිපෝව ඉදිරිපිට. බස් රථ වෙනස් කර සකසා ගත් සම්පාදක සේවා රථ වෙනුවට ඇතැම් ඩිපෝවල පමණක් ලොරි රථ භාවිතා වේ.

7 comments:

  1. මේ ලොරිය දැක්කහම හරියට මගේ ළමා කාලයට ගියා වගේ දැනෙනවා. ඒ කාලේ පාරවල්වල නිතරම දකින්න ලැබුණු ලොරියක් තමයි මේ මර්සඩීස්-බෙන්ස් එක. මම හිතන්නේ මේක 1950 ස් ගණන්වල මොඩල් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේක බොහොම පරණ ලොරියක්.. ලංගම නිසාම හදාගෙන දුවනවා.. නැත්තම් මෙව්වයේ කෑලිවත් නෑ දැන්.

      Delete
    2. මේ ලොරිය ඇතුළුව ඔබේ ඡායාරූප එකතුවේ තිබෙන සමහර බස් තිබිය යුත්තේ ලංගම කෞතුකාගාරයක යි. එවැන්නක් කවදා හැදෙයි ද දන්නේ නෑ මේ ලංකාවේ!

      Delete
    3. ඔබ නිවැරදී..ලංගම කියන්නේ අපේ ප්‍රවාහන ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගන්න ආයතතනයක්.. ඒත් කිසිම කෙනෙකුගේ උනන්දුවක් නැති කමින් ඒ ඉතිහාසය වැළලිලා ගිහිල්ල.. අපිට දකින්නවත් නැති බස් ගොඩක් කිසිම සංරක්ෂණයක් නැති කමින් දිරාපත් වෙලා ගිහිල්ල.. එංගලන්ත ආධාර විදිහට ලැබුණු බස් වර්ග ගණනාවක් ඒ ලෙස අහිමි වෙලා.. අද ඒ බස් වලින් එක බැගින් වත් සංරක්ෂණය කරලා තිබුනානම් ඒවා බලන්නම සෑහෙන සංචාරකයෝ ප්‍රමාණයක් මෙහෙට එන්න තිබුනා.. මේවා හිතනකොට ලොකු කනගාටුවක් ඇති වෙන්නේ.. :(

      Delete
    4. ඔබේ මේ බ්ලොගයත් එක්තරා ආකාරයක ලංගම කෞතුකාගාරයක්!!!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ වගේ ඇත්තම ලොරි බොහොම ටිකයි ලංගම ඉස්සර වුනත් තිබුනේ. මම මාහෝ ඩිපෝවේ ඉන්න කාලේ එහෙ අයින් කරලා තිබුන කලින් පාවිච්චි කල ඇත්තම BMC ලොරියක්.

    ReplyDelete