Tuesday, September 17, 2019

New Ashok Leyland 12M and Lynx buses for the SLTB

This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Today the Sri Lanka Transport board (SLTB) received 18 of new Ashok Leyland 12M 50 seater and 03 of Ashok Leyland LYNX 33 seater buses. Those are allocated to several depots. Totally 272 buses will allocate under this project. -- අද දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ ආසන 50 බස් රථ 18 ක් සහ අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ ආසන 33 බස් රථ 3ක් ලැබුණු අතර ඒවා ඩිපෝවන් වෙත ලබාදීම සිදුවිය. ඒ යටතේ ඩිපෝවන් 06 ක් වෙත සංඛේතාත්මකව බෙදා දුන් බස් රථ 06 ක් ශ්‍රී ලංගම ශාලිකා ක්‍රීඩාංගන පරිශ්‍රයේ නවතා ඇති අකාරය ඡායාරූපයේ දැක්වේ. අදාළ බස් රථ ඩිපෝවන් මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ බස් රථ ඩිපෝවන් වෙත, ආසන 50 බස් රථ 272 ක් සහ ආසන 33 බස් රථ 53ක් වශයෙන් බෙදී යනු ඇත.

Ashok Leyland 12M buses -- අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථ

This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
අශෝක් ලේලන්ඩ් 12M  වර්ගයේ මෙම බස් රථ, මේ දක්වා ශ්‍රී ලංගම යටතේ සාමාන්‍ය හා අර්ධ සුඛෝපබෝගී සේවා යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථ වලට වඩා යම් වෙනස්කම් වලින් යුක්තය. මෙහි කැපී පෙනෙන වෙනසක් වන්නේ රථය දිගින් වැඩි වීමය. තට්ටුවේ මුළු දිග මීටර 11.7 ක් ලෙස සඳහන් වේ. මෙහි බඳ ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂයෙන් එකලස් කරන ලද්දක් වන අතර පැත්තෙන් පැමිණෙන ආපදා දොරටුව මෙන්ම පසුපස මුහුණතේ ආපදා දොරටුව වශයෙන් දොරටු දෙකක් රථ සතුය. සමස්ථ බස් රථයේ උස සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා තරමක් වැඩිය. පළලින් වැඩි 2X2 රටාවට සකසූ උස් ඇන්ද සහිත ආසන රථ සතු වන අතර ආසන අතර මගීන්ට පහසුවෙන් හුවමාරු විය හැකි ඉඩක් තිබේ. තාක්‍ෂණික වෙනස්කම් වශයෙන් ගත් කල ඉන්දියානු BS4 තාක්‍ෂණයට අනුකූලව රථ නිමවී ඇති අතර කොමන්රේල් තාක්‍ෂණයෙන් යුතු එනිජ්මක් රථ සතුය. 
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

ටියුබ් රහිත ටයර් වලින් රථ සමවිත වන අතර දුම් බටය ඉදිපස රෝදයට පිටුපසින් පිහිටා තිබීම විශේෂත්වයකි.
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

 Ashok Leyland LYNX buses -- අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථ
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
මෙම ව්‍යාපෘතිය යටතේ ලැබුණු අශෝක් ලේලන්ඩ් LYNX බස් රථ වලද පූර්වයෙහි ලැබුණු බස් රථ වලට වඩා යම් යම් බාහිර වෙනස්කම් දක්නට ලැබේ. සමස්ථ බස් රථය උසින් වැඩි වීම ඒ අතරින් කැපී පෙනේ. තාක්‍ෂණික වෙනස්කම් වශයෙන් ගත් කල ඉන්දියානු BS4 තාක්‍ෂණයට අනුකූලව මෙම රථ ද නිමවී ඇති අතර කොමන්රේල් තාක්‍ෂණයෙන් යුතු එනිජ්මක් රථ සතුය. 
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on September 17, 2019 in Narahenpita, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
පසු සටහන: කෙසේ නමුදු මෙම ව්‍යාපෘතියට පෙරද  මෙම දෙවර්ගයේම බස් රථ කිහිපය බැගින් ඇතැම් ඩිපෝ මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදීගෙන ඇති බව සඳහන් කළ යුතුය. 

No comments:

Post a Comment