Monday, October 28, 2019

සජීව ලිපිය: 2019 ඔක්තෝබර් මස 28 දින ප.ව. 8.38 ට බොරැල්ල මංසන්ධියේ දී.

This photo was taken on October 28, 2019 in Colombo 08, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full size picture.
ශ්‍රී ලං.ග.ම. අංගොඩ ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ ආසන 50 ක් සහිත මෙම බස් රථයේ (AG 68 /ND-9452) මාර්ග අංක 154 යටතේ බම්බලපිටියේ සිට බොරැල්ල දක්වා සංචාරය කිරීමට මා හට අවස්ථාව ලැබුණි. වැඩි පිරිසකට අසුන් ගැනීමේ හැකියාවත් ආසන අතර එහා මෙහා ගමන් කිරීමට වැඩි ඉඩ පහසුවත් නිසා කොළඹ නගරයේ තදාසන්න මාර්ග සඳහා මෙම රථ වඩා යෝග්‍ය බව ප්‍රත්‍යක්ෂ විය. කෙසේ නමුදු ඉදිරියේ දී මෙම රථය වෙනත් දුර සේවාවක් වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

මගීන්ට පහසු මෙවැනි රථ යොදා ගනිමින් කොළඹ නගරයේ තදාසන්න මාර්ග ආවරණය කරමින් මගී ජනතාවට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමුවේවායි පතමි.

සටහන
උත්පල දිල්හාන්

No comments:

Post a Comment