Sunday, October 21, 2018

Mercedes-Benz 3500 broadcasting unit vehicle from SLTB Anuradhapura depot

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Mercedes-Benz 3500 broadcasting unit vehicle (22ශ්‍රී0421) in the depot premises. Acquired to the CTB in 1958 from a private bus company. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් 3500 වර්ගයේ  රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දැනට ඩිපෝවේ ප්‍රචාරණ රථය ලෙස භාවිතා වන මෙය වත්මන් ශ්‍රී ලංගමය සතු පැරණිම වාහනයකි. 1958 දී මෙම රථය, ලොරි බස් රථයක් ලෙස ලංගම හා එකතු වන්නේ බස් ජනසතුවට සමගාමීවය. ජනසතුවට පෙරද මෙම රථය පුද්ගලික බස් සමාගමක් යටතේ මගී ප්‍රවාහයේ යෙදී ඇත. 1958 න් පසු ලංගම මහනුවර දකුණ ඩිපෝව යටතේ ද මගී ප්‍රවාහනයේ යෙදී ඇති මෙය පසුකාලීනව ලංගම මගින් කාර්ම්ක සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. පසුව මහනුවර දකුණ ඩිපෝව මගින් කාර්මික සේවා රථයක් ලෙස භාවිතා වන අවධියේ බඳ අලුත්වැඩියාව පිණිස මැදවච්චිය වැඩපොළ වෙත යවා ඇති නමුත් 2016 වසර වන තෙක් අලුත් වැඩියාවට ලක් නොවූ තැන වැඩපොළ මගින් වෙන්දේසියට නිර්දේශ කොට ඇත. වෙන්දේසි කිරීම සඳහා අනුරාධපුර ඩිපෝව වෙත යැවුණු මෙම රථය, අනුරාධපුර ඩිපෝ සේවක පිරිස විසින් වෙන්දේසියෙන් ඉවත්කොට, ඩිපෝවේ ප්‍රචාරක රථය ලෙස මෙලෙස අලුත්වැඩියා කර 2016 වසරේ නැවත ධාවනයට එක් කර ඇත.

මෙම රථය ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය. ඡායාරූපය මත ක්ලික් කරන්න

3 comments:

  1. හුගක් වටිනවා වැඩේ

    ReplyDelete
  2. You are great Uthpala. I had a dream in my school days to join at SLTB. I got my first job as a Probation Engineer at SLTB. Thanks for updates ..

    ReplyDelete