Friday, September 28, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Walapane depot

This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, 54 seater Ashok Leyland Viking Tubro bus (WLP 48 / NC-0291) in the Maharagama depot engineering division. Allocated for the services on the route no 182, between Walapane and Maharagama. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මහරගම ඩිපෝවේ ඉංජිනේරු අංශයේ දී. රථය මාර්ග අංක 182 යටතේ වලපනේ හා මහරගම අතර (අධිකාරීගම, මහනුවර, පස්යාල, හංවැල්ල හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. සුළු අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් මහරගම ඩිපෝ ඉංජිනේරු අංශයට පැමිණි අවස්ථාවකි.

2 comments:

  1. මෙන්න බස්,
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය ට 60 වසරක් සම්පූර්ණ වීමට සමගාමීව 2018 ජනවාරි මාසයේදී WLP ඩිපෝව විසින් අලුතින්ම මේ බස් සේවය ආරම්භ කලේ.

    නොයෙක් කෙනෙහිලිකම්, බාධක මැදින් තාමත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සපයන බස්රථයක්. මට මතකයි පත්තරේකත් වැටිලා තිබ්බා මේ බස් එකට මුල් දවස් වල ගල් ප්‍රහාර එල්ල කලා කියලා. තාමත් නොසැලී පෙරටම යන එක ගැන සතුටුයි .

    ධාවන කාල සටහන පහතින් දැම්මා. වැරැද්දක් තිබ්බොත් හදන්න.

    ගමන් මර්ගය : රාගල ,වලපනේ ,මහනුවර ,කෑගල්ල ,වරකාපොල ,පස්යාල , කිරිඳිවැල, හංවැල්ල ,මීපේ ,ගොඩගම ,හෝමාගම ,කොටිටාව ,මහරගම
    රාගල සිට මහරගම දක්වා පිටත්වීම රාත්‍රි 11:30
    වලපනේ සිට අළුයම 1:15
    මහනුවර සිට අළුයම 03:30
    මහරගමින් වලපනේ දක්වා පිටත්වීම උදෑසන 11:45

    ReplyDelete