Sunday, June 15, 2014

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Tangalle depot

This photo was taken on June 10, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-7036) at Matara. Allocated for the services between Maharagama and Matara on the southern expressway. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යෙදවූ අවස්ථාවකි. ඡායාරූප: දමින්ද ප්‍රසංගික

This photo was taken on June 10, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.

2 comments:

  1. මෙම ලක්ෂරි බස් රථවල අභ්‍යන්තරයේ පින්තුර නැතිද?

    එසේම මෙය ඉතා කදිම බ්ලොග් එකක්. අජිත් පැරකුම් සහෝදරයාගේ w3lanka බ්ලොගය හරහා තමයි මෙයට පැමිණියේ. මාත් ශ්‍රී ලංගමයට ඉතාම ආදරේ කෙනෙක්. බස් රථයකින් ගමන් කරනවා නම් ඒ සෑම විටකම වාගේ ලංගම බසයක ගමන් කරන්න තමයි මම උත්සහ දරන්නේ. විශේෂයෙන් දුර ගමන් යන අවස්ථා වලදී නම් පිටකොටුවේ ලංගම බස් නැවතුම් පලට ගොස් ලංගම බසයක තමයි මම යන්නේ. අනික නම් පාරේ ගමන් කරන ලංගම බසයක සෙනග පිරිලා යනවා දැක්කමත් මට සතුටුයි. මොකද එකෙන් අදායම ලැබෙන්නේ ලංගමට නිසා. යාළු හිතමිතුරන්ට,නෑදෑයන්ටත් මම ලංගම බස් වල යාම පුරුදු කරලා තියෙන්නේ. ආරක්ෂාකාරීව, විශ්වාසයක් ඇතිව,අඩු මුදලට,නිවී සැනසිල්ලේ ගමනක් යන්න නම් ලංගම තමයි.

    අනික පානදුර-කැටවත්ත බසය ගැන ඇති ලිපිය නම් ඉතාම කදිමයි.

    ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි. මම දැන් වසර කිහිපයකට කලින් ඉරිදා ලක්බිම පුවත්පතේ ලිපියක් කියෙව්වා. එකේ තිබුනේ දෙවුන්දරතුඩුවේ ඉදලා පේදුරුතුඩුවට ගමන් කරන ශ්‍රී ලංගම බසයක් ගැන විස්තරයක්. ඒකත් ඔය පානදුර කැටවත්ත බස් සේවය වගේ කදිම ලිපියක්.
    පේදුරු ඉදලා දෙවුන්දරට ගමන දුර හින්දා රියදුරු මහත්වරුන් දෙදෙනෙකු සහ කොන්දොස්තර මහත්වරුන් දෙදෙනෙක් එම බසයේ ගමන් කරනවා. ඔවුන් මාරුවෙන් මාරුවට බසය රැගෙන යන්නේ. සිංහල-ද්‍රවිඩ සින්දු දාගෙන යන එම ගමන ඉතා අපුරුයි කියලා ලිපියේ තිබුනේ.
    මට මතක හැටියට ලිපියේ මාතෘකාව 'සිංහල දෙමල සින්දු සමෝසමේ අසමින් -----' වගේ තිබුනේ.

    ඔබට පුලුවන්ද එම ලිපිය සහ,මෙම බස් රථය ගැන විස්තරයක් පල කරන්න.

    ස්තුතියි.
    රවිරාජ්

    ReplyDelete
  2. අම්මටසිරි කෝච්චි මල්ලි බස් එකටත් නැගලා වගේ. බස් එකත් නියමයි ෆොටෝ එකත් නියමයි.
    ඒ වගේම රවිරාජ් ගෙ අදහසට මටත් යමක් එකතු කරන්න හිතුනා. මමත් මේ පිටුව ගැන දැනගන්න ලබුනේ අහම්බෙන් දවසක අජිත් පැරකුම්ගෙ w3lanka බ්ලොග් එක කියවපු වෙලාවක තිබුනු විස්තරයක් දැකලා. ඔයාට වගේම මටත් පොඩිකාලේ ඉඳලා ලංගම බස් ඇම්ම තිබුනා. දැන් මම මේ බලන් ඉන්නෙ ලංකාවට ආපු ගමන් බස් ෆොටො ටිකක් ගන්නෙ කවද්ද කියලා

    ReplyDelete