Monday, June 9, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meadawachchiya sub depot Dimo TATA LPO 1313/47 bus (KBG 19 / 62-2332) at Medawachchiya. Body built by Dimo Lanka Auto Assembly Ltd. Allocated for the services between Mankulam and Medawachchiya under the route number 967 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය උප ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මැදවච්චිය නගරයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවකට, ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය, 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 967 යටතේ මැදවච්චිය හා මාන්කුලම අතර ධාවනයට යොදවා තිබුණි.

කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය.

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. වාරියපොල ඩිපෝවේ තිබුන වයඹ කුමාරි කියල ඩිමෝ බස් එකක්..දැන් එක කොයි ලොකෙද මන්ද..වාර්තා තියල ආදායම් ගෙනාවෙ..පොඩ්ඩක් පුලුවන් නම් හොයල කියන්න..අයියෙ..

    ReplyDelete