Monday, March 3, 2014

Hino HT2MMAA luxury bus form SLTB Kurunegala south depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Hino HT2MMAA luxury bus (NA-1703) at Kataragama. Acquired to the SLTB in 2005 as a Tsunami aid from the Japanese government. Rehabilitated by the Kurunegala south depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් 'Hino HT2MMAA වර්ගයේ බස් රථයක් කතරගම නගරයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාරයක් වශයෙන් මෙරටට ලැබී ඇත. තලංගම ඩිපෝව යටතේ ධාවනයන් සීමාකාර තිබියෙදී මෙලෙස කුරුණෑගල දකුණ ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කොට තිබෙන්නේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර (2013) සැමරීම පිණිසයි. පුනරුත්ථාපනයේ දී රථයේ වායුසමන පද්දතියද අලුත්වැඩියා කොට තිබීම විශේෂත්වය කි. වර්තමානයේ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
කටුනායක බලා ධාවනය වීමට සූදානම් ව පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක
This photo was taken on February 08, 2014 in the Central Bus Stand, Pettah, Western, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක
This photo was taken on February 08, 2014 in the Central Bus Stand, Pettah, Western, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.

10 comments:

  1. sltb nam itin kgs thamai, anith akashi busuth okkoma wage fattama maintain karanawa,

    ReplyDelete
  2. KGS wala A/C wada karana Akashi keeyak thiyanawada??

    ReplyDelete
  3. meya mulinma wada kle 05 colombo kurunagala via highway dn nm katunayke colombo ynwa

    ReplyDelete
  4. වැඩේ නම් පංකාදු පහයි. නමුත් ආසන නම් ඩුප්ලේ බස්වල (ඉසුසු, ටාටා) තිබුනු ඒවද කොහේද? කිසි සැප පහසුවක් නැහැ වගේ.

    ReplyDelete
  5. Mewa thama weda kiyanne,
    Weda karayata boru be....
    Boru karayata weda be....
    KD depo ekatai YT, KS depowalata. Ai bari?????

    ReplyDelete
  6. Udara (madhush_rox@yahoo.co.uk)March 26, 2014 at 2:13 PM

    මං හිතන්නේ මේ model එක Hino HT2MMAA කියන එක. Hino Models වල variations ගොඩක් තියෙනවා. එත් මේකට කිට්ටුවෙන්ම යන එක තම ඔය. KC-HU2MLCA කියන එක මීට ටිකක් වෙනස් වගේ. http://atbmodelsh.exblog.jp/tags/HT/

    http://en.wikipedia.org/wiki/Hino_Blue_Ribbon ට අනුව KC-HU2M manufacture වෙලා තියෙන්නෙත් 1995, එතකොට HT2MAA 1991 න් පස්සේ.. http://ja.wikipedia.org/wiki/%E6%97%A5%E9%87%8E%E3%83%BB%E3%83%96%E3%83%AB%E3%83%BC%E3%83%AA%E3%83%9C%E3%83%B3 ඔහොම කිවුවට මේවයෙත්, one-step, non-step, two-step, one-step Ultra low floor කියල තව models තියෙනවා...
    කොහොම උනත් මේ බස් ටික ගොඩ දාලා දුවන්න බැරි උන එක ලංගමේ දුර්වල තාවයක්. නිකං හම්බ උන එකේ තව කීයක් හරි වියදම් කරලා අවුරුදු 3-4 දුවා ගත්තත් පාඩුවක් වෙන්නේ නෑ. අනික මේවට තියෙන ලොකුම කථාව fuel consumption හොඳ නෑ කියලා අනික සමහර ඒවා baloon suspension. මේ වගේ ප්‍රශ්න වලටත් විසඳුම් හොයල බුස් ටික ආයෙම පාරට දාන්න තරම් දැනුමක් තියෙන අය ඕන තරම් ලංකාවේ ඉන්නවා. එත් ප්‍රශ්නේ එයාල ඉන්නේ ලංගම ඇතුලේ නොවෙන එකයි. කිසිම පිළිගත හැකි තරම් දුරකට කාර්මික අධ්‍යාපන සුදුසු කමක් නැති, දේශපාලුවෝ ගේ මාර්ගෙන් තනතුරු වලට රිංගල ඉන්න ඩිපෝ ඉංජිනේරුවන්ගේ හැටියට අනික් බස් ටිකත් ඔහොමවත් තියෙන එක ඇති.ඒක මන් පුද්ගලිකව දාන්න දෙයක්. අවුරුදු ගානක් ලංගම ඉදල එයාලට අත්දැකීම් තියෙන්න පුළුවන්. එත් එක විතරක් ප්‍රමාණවත් මදි කියල දැන් හොදටම පේනවා. මොන අලුත් බස් ගෙනාවත් උපරිම අවුරුද්දක් තියේවි ගෙනාපු තත්වයෙන්. සමහර ඩිපෝ වල කෑලි හැලෙන NA බස් තියෙන්නේ. ඉතින් එහෙවු එකේ මේ බස් ගැන බලාපොරොත්තුවක් තියල ගොඩ දාන්න පුළුවන් අය ඉන්නේ ලංගම ටම 5-6 ක් විතර. එහෙම පුළුවන් උනත් ඉතිං ඊට පස්සේ උඩ ඉන්න මහත්හොරුන්ට තියෙන අවශ්‍යතා එක්ක මේවා කරන්න අමාරුයි. හැම එකාම බලන්නේ එක ඇණයක් ගෙන එකකින් හරි, විකුණලා හරි ගානක් සාක්කුවට දාගන්න. එහෙම වෙන්න ඔය සේවකයන්ට ලැබෙන අඩු පඩිය එක හේතුවක්, හැබැයි ඒ ගැන තැවෙන්නේ නැතුව උදේ රෑ නොබලා රාජකාරී කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අතරේ කීපදෙනෙක් අදාල තරහා බස් වලින් ගන්න උත්සහ කරනවා. "මොන එහෙකට ඔච්චර නැහෙනවද මේකට හරියට පැදියක් වත් නැතුව" කියල. එක අතකට එකත් වැරදියි කියන්න බෑ.. මොකද, මිනිස්සු රස්සාවක් කරන්නේ සල්ලි හොයන්න ඕන කම නිසා මිස වෙන හේතුවකට නොවෙන නිසා.. හ්ම්ම්... තියෙන්නේ ලොකු වේදනාවක් විතරයි මේ වෙන දේවල් ගැන.. පාලන අධිකාරියයි, සේවකයෝයි, රජයයි හැමෝම මේවට වග කියන්න ඕනා.. ලංගමට බස් දුන්නටම මදි කියල රජයට උනත් තේරෙන්න ඕනේ. හරි හමං මොලයක් තියෙන ඇමති කෙනෙක්ට බාර දීල, වැඩ පිළිවෙල ගැන විමසිල්ලෙන් ඉදල මිස මේ ආයතනය ගොඩ දානවා බොරු. සේරටම කලින් මේකෙන් දේශපාලනය අයින් කරන්න ඕනා. මූලික විසඳුමක් විදිහට ලංගම දෙපාර්තමේන්තුවක් කරන්නයි තියෙන්නේ.. දේශපාලනය ලංගමෙන් යිම් කරන්නේ නැතුව, සක්‍රයා ලංගම සභාපති උනත් වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. Udara (madhush_rox@yahoo.co.uk)March 26, 2014 at 2:15 PM

      ඒ අතින් කුරුණෑගල දකුණ ආදර්ශමත් ඩිපෝවක්.... හැමෝම ඔහොම හිතනවානම් මීට වැඩ තැනකට ලංගම අනිවාර්යෙන් ගන්න පුළුවන්..

      Delete
    2. බස් වර්ගය ගැන ඔබේ අදහසට ස්තූතියි! මම හිතන්නේත් ඔබ නිවැරදී. ඔබේ අදහස අනුව මෙම ලිපිය මා විසින් නිවරදි කළා. ලංගම දියුණු කිරීම පිලිබඳ ඔබේ මතයට මම එකඟයි! :)

      Delete