Sunday, May 13, 2012

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Katubedda depot

This photo was taken on December 13, 2011 in Kollupitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Katubedda depot ISUZU ELR 500 bus (KTB 14 / 60ශ්‍රී6754) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසු ELR 500 වර්ගයේ බස් රථයක් බම්බලපිටියේදී. මෙම බස් 1980 දශකයේ අග භාගයේ දී ජපානයේ කිටමුරා සමාගමෙහි බඳ නිමකර මෙරටට ගෙන්වන ලදි. ලංගම වහරේදී "ඉසුසූ ටර්බෝ" වශයෙන් ප්‍රසිද්ධ වූ මෙම බස්  රථ පසු කාලීනව විවිධ හේතූන් නිසා ධාවනයෙන් ඉවත් විය. එහෙත් සුළු බස් ප්‍රමාණයක් පමණක් තවමත් ධාවන තත්වයේ තිබේ. මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය සැමරීම පිණිස කටුබැද්ද ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම
This photo was taken on August 06, 2012  in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on  May 12, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on August 06, 2012  in Moratuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. සම්පූර්ණයෙන් ම නිමකරන ලද බස් හැටියට මෙම ඉසුසු මාදිලිය ලංකාවට ආනයනය කළේ 1984 දී. මෙහි බඳ වර්ණ ගන්වා තිබුණේ සුදු පසුබිමක, යටින් ම ඉතා පළල්, කොල වර්ණ පටියකුත් ඊට උඩින් එතරම් පළල් නොවූ තැඹිලි වර්ණ පටි දෙකකුත් ආකාරයට යි. ඇතුළත වායු-සමනය කර තිබූ අතර ඒවා ඔටෝ ගියර්වලින් යුක්ත විය. තරමක් ඉහළ ගාස්තුවකට මෙම බස් කොළඹ-මහනුවර ධාවනයට යොදවා තිබුණා (හරියට අද අධිවේගී මාර්ගයේ යොදා ඇති ආකාරයට). අද මෙන් නොව, එකල ජනයාගේ ආදායම් තත්ත්වය අදට වඩා අඩු නිසා මේ සේවයෙන් ලංගමට පාඩු වුණා මිස ලාභයක් නම් ලැබුණේ නැහැ*. ඒ නිසා මේවායේ වායු සමන ගලවා දමා සාමාන්‍ය සේවයට යෙදවුණා. ඔටෝ ගියර්, මැනුවල් බවට හැරවූවාදැ යි මා දන්නේ නැහැ.

    [*මට මතක හැටියට 1980 දශකයේ මැද භාගයේ කොළඹ-මහනුවර සාමාන්‍ය බස් ගාස්තුව රුපියල් 17 යි. මෙම වායු-සමන ISUZU බසයේ ගාස්තුව රුපියල් 30 ක් පමණ වන්නට ඇති. එය එකල අත්-උදවුකරුවෙකුට ගෙවන ලද දෛනික වැටුපට සමාන යි. ඒ නිසා ඒ ගාස්තුව ඉතා ඉහළ එකක් හැටියට යි සැළකුණේ. පුද්ගලික අංශයෙන් එකල කොළඹ-මහනුවර සේවයට යොදවා තිබුනේ මිට්සුබිෂි රෝසා, නිසාන් සිවිලියන්, ඉසුසු ජර්නි වැනි ආසන 26 කුඩා බස් රථ. ඒවා වායු සමනය කර තිබුණේ නැහැ.]

    ReplyDelete
    Replies
    1. මේකේ බස් මාදිලි දෙකකින් ආවා.. එකක් ඔටෝ සහ අකින මැනුවල් ලෙස.. ඔටෝ බස් එකේ එන්ජිම තිබුනේ පිටුපස. මේක මැනුවල් වර්ගයේ බස් එකක්..

      Delete
    2. ඔබ හරියට ම හරි.... ඔටෝ ගියර් සහිත කොළඹ-මහනුවර සේවයේ බස් රථවල එන්ජිම පිටුපස තිබුණු බව මට මතක් වූයේ ඔබේ කොමෙන්ටුව කියැවීමෙන් පසුව යි.

      Delete
    3. කියන්න කනගාටුයි.. දැන් ඒ ඔටෝ මාදිලියේ එන්ජිම පිටිපස්සේ ආපු බස් එකක්වත් භාවිතයේ නෑ.. :(

      Delete
  2. 1979 වර්ෂයේ කොළඹ සිට මහනුවර තෙක් බස් ගාස්තුව වශයෙන් අය කළේ රුපියල් 5 ක් බව මට හොඳට මතක යි. මීතොටමුල්ල ඩිපෝවට අයත් ISUZU BF-50 වර්ගයේ බස් රථ තමා වැඩිපුරම සේවයට යොදවා තිබුණේ. මහනුවර දකුණ ඩිපෝවේ බස් රථත් යොදවා තිබුණා මතක යි.

    ලංගමයේ ඒකාධිකාරය නැති කරමින් පුද්ගලික බස් ධාවනයට අවසර ලැබුණේ 1979 අප්‍රේල් 9 වන දා සිට යි. එහෙත් 1980 වර්ෂයේ මුල් භාගය තෙක් පුද්ගලික බස් ධාවනයේ පවතිනවා දකින්නට ලැබුණේ නැහැ. මට මුලින් ම පුද්ගලික බස් සේවයක් ගැන අහන්නට හා දකින්නට ලැබුණේ කොළඹ හා මහනුවර අතර බස් ධාවනය යි. ගාස්තුව වශයෙන් රුපියල් 15 ක් අය කළා මට හොඳට මතක යි. ඒ වන විට ලංගම බස් ගාස්තුව රුපියල් 7.50 ක් වී තිබුණා.

    ReplyDelete
  3. සමාවන්න, මගේ ඉහත කොමෙන්ටුවේ මා සඳහන් කළා 1979 දී කොළඹ-මහනුවර බස් ගාස්තුව රුපියල් 5 ක් කියා.... එය නිවැරදි විය යුතු යි.... රුපියල් 5 ක් අය කළේ කොළඹ-මහනුවර දුම්රිය යි (එනම්, සීඝ්‍රගාමී දුම්රිය; නගරාන්තර දුම්රිය ඒ වන විට ආරම්භ වී තිබුණේ නැහැ).

    ලංගම බස් අය කළ ගාස්තුව රුපියල් 4.50 යි.

    ReplyDelete