Sunday, May 6, 2012

Ceno bodied Greatwall bus from SLTB Yatinuwara depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Ceyno Automobile bodied Greatwall bus (YT 94 / 62-3692) at Kandy bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)යටිනුවර ඩිපෝවට අයත් ග්‍රේට්වෝල් වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමේදී. මෙම බස් රථවල තට්ටුව (chassis) චීනයෙන් ගෙන්වා ඇති අතර බඳ (body), 1995 වසරේ සිනෝ ඔටෝමොබයිල් (Ceyno Automobile) නම් සමාගමක් විසින්, පුගලීකරණය කරන ලද ලංගම ඒකල මධ්‍ය වැඩපොළේ දී නිමවා ඇත.  වර්තමානයේ මෙම බස් වලින් ධාවන තත්වයේ පවතින්නේ බස් රථ කීපයක් පමණි. ධාවනයෙන් ඉවත්ව තිබු මෙම බස් රථය 2011 වසරේදී ජනාධිපති තුමාගේ පදවිප්‍රාප්තිය සැමරීම පිණිස යටිනුවර ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනයකර නැවත ධාවනයට එක් කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (මුල් පෙනුම වෙනස් වී ඇත)
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ග්‍රේට්වෝල් බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් පින්තූරයකි.
This photo was scanned on September 18, 2012 , using a Canon LIDE 25
Click for the full size picture.

21 comments:

  1. mulu mahanuwaratama tiyana 1kama gratewall bus 1ka :)

    ReplyDelete
  2. කොළඹත් එකක් වත් නෑ හොයාගන්න.. :/

    ReplyDelete
  3. sanathwijewardene@gmail.com ලිපිනයට ඔබේ ඊමේල් ලිපිනය එව්වොත් එව්වොත් උත්පලට වටිනව කියල හිතෙන බස් එකක පිංතුර කීපයක් එවන්නම්. මේ ලංගම බස් එක අවුරුදු 50 වඩා පරණයි, තාමත් සැම සතියේ දිනකම ලංගම සේවකයො රැගෙන නිට්ටඹුව-කුරුණෑගල අතර ධාවනය වෙනව.

    ReplyDelete
  4. ග්‍රේට් වෝල් බස් මුලින් ම සේවයට යෙදවුණේ 1994 දී. මට මතකයි ඒ කාලේ මේ බස්වලින් සමහරක් මහනුවර-හඟුරන්කෙත-රිකිල්ලගස්කඩ මාර්ගයේ සේවයට යොදවා තිබුණා. ගෙනා අලුත මේ බස් ලා-නිල් පාටට යි තිබුණේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මුලින් මේවා කොළඹ ආශ්‍රිතවත් ධාවනය වූ නමුත් පසුකාලීනව ඒවායින් බොහොමයක් යාපනය ප්‍රදේශයට ගෙනගියා.. වර්තමානයේ මේවයින් ධාවනය වන්නේ කීපයක් පමණයි.. මේ බස් එකේ ඇතැම් එන්ජින් කොටස් සඳහා ISUZU කොටස් යොදා තිබෙන අතර ඇතැම් කොටස් යාපනයෙන් ගෙන ආ බව බස් රථයේ රියදුරු මහතා පැවසුවා..

      Delete
    2. මේකේ මුලින් තිබුනේ සුදුපාට පසුබිමේ ලානිල් පාට ඉරි විදිහට..

      Delete
    3. ඔව්, ඔබ නිවැරදි යි. සුදු පසුබිමේ ඉතා පළල් ලා-නිල් ඉරි තමයි මේ බස්වල බඳෙහි තිබුණේ. Great Wall බස් ආනයනය කළේ (හෝ බඳ නිර්මාණය කළේ හෝ) සෙලින්කෝ සමගම විය හැකියි.... මට හරියට ම මතක නැහැ.

      Delete
    4. රෝහිත මහත්තයෝ.. ඔන්න මට මගේ නැති වෙලා තිබුණු පොඩි කාලේ සිට එකතු කරපු බස් පින්තූර එකතුව හම්බ උනා.. ඒකෙ තිබිල මට පරණ Greatwall වෙළඳ දැන්වීමක තිබුන රූපයක් ලැබුණා.. මේ ලිපියේ අනිතිමට දාලා ඇති.. :)

      Delete
  5. Uthpala , machn Maharagama- Ja-ala oya kiyana jathiye bs ekak hamadama sathiye dawas walata dawanaya wenawa, thama e bs eka nan nil patai sudu paatai. ja-ala depowata thama aithi.

    ReplyDelete
    Replies
    1. ඔය බස් ඒක ගැන මට ආරංචිය ආවා.. ඒක පිටිපස්සේ එන්ජ්ම තියන තනි දොර එන greatwall super බස් එකක් නේද?

      Delete
    2. eke dan nathuwa athi neda?

      Delete
  6. මෙම බස් රථ 1993 - 1994 කාලයේ ජනප්‍රිය උන මොකද ඒකාලේ ටාටා තනි දොර බස් රථ විතරි තිබුනේ බොහොමයක් . නමුත් මේවයේ break සහ clutch වල ප්‍රශ්න ආවා . නිවෙරිදිව හදාගන්න බෙරිනිස ගොඩක් දෙනෙක් මේවා එක එක විදියට modify කරා. අන්තිමට engine එකේ ඉදල සියලුම දේවල් මාරුකරා . අලුත් වේදියා කටයුතු කරන්න නිවෙරදි දැනුම නැතිනිසා 1997 අන්තිම වෙනකොට දාවනයෙන් ඉවත් කරා . ඒත් ශ්‍රී ලංගම සතු බස්රථ අලුත් වැඩිය කරමින් දාවනය කරත් තරගකාරිත් වයක් එතිකරන්න බැරිඋනා . පෙයට කිලෝමීටෙර 80 උපරිම දවනක් සහ ඩීසල් ලීටරයට කිලෝමීටෙර 4.2 පමණ දාවනයක් කරන්න පුළුවන් උනා .

    ReplyDelete
    Replies
    1. මේ බස් නිසි ලෙස නඩත්තු කරානම් නියම ප්‍රයෝජන ගන්න තිබුනා.. :(

      Delete
  7. දැනට modify කරනලද බස් රථයක් මාතර - තිස්ස අතර දාවනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. පුද්ගලික අංශය යටතේ ද? ලංගම නම් මේ බස් ප්‍රමාණය 10 කට අඩුයි.

      Delete
  8. මේ බස් එක මහනුවර ධාවනයට එක් කලේ 1993-1994 කාලයේ වගේ තමයි මතක.මේක මුලින්ම ධාවනය කලේ පොල්වත්තේතැන්න,බුවැලිකඩ හරහා මහනුවර.ඒ කාලයේ auto door තිබුනා මතකයි.ඒත් ඒ පහසුකම භාවිතා කලේ නමි නෑ.මේකේ කලින් අංකය YT64. කලින් නම් සෑහෙන බස් ප්‍රමානයක් තිබුනා.දැන් නමි මේක විතරයි ඇත්තේ

    ReplyDelete
    Replies
    1. ඔබ හැර. බොහොමයක් මේ බස් පසු කාලීනව යාපනයට පිටත් කෙරුණා. යාපනයේ මේ බස් මේ දක්වාම ධාවනයේ තිබෙනවා. දැන් නම් බස් 7 ක් වගේ තමයි යාපනයේත් තිබෙනව කියන්නේ. :)

      Delete
    2. YT64 wenna ba YT94 wenna oni mata mathaka hatiyata . me feet number eka bus company kale liyapu ekak .eka thawath pahadili wenawa me bus eke feet number eka penne idiripasa witharai . pitipassa penne na . me bus eka paint karanna kalinuth oya wagei . Anika me bus eka visheshai. hethuwa wadima kalaya yatinuwara depot eken diuwa red colour nokarapu , sltb logo eka nathiwa , MBC liyala thibba bus eka thami meka . e liyanne yatinuwara depowe company kale thibba bus ekak widiyata wadima kalayak diuwa bus eka meka.
      2010 aurudda iwara wenkam wage diuwa . ita passe tika kalayak dake na . passe thami me widiya thiba dakke . dan nam pennama na . eka davanayen iwath karala wiya yutumai.

      Delete
  9. awissawella depot eke great wall ekak me lagak wenakan tibuna GJ batch eke aluth engine ekak thiyapu...AV-39 tamai bus eka.. dannam eka dakinna na.

    ReplyDelete
  10. me bus awee 1994/1995 wage kalawaladi thmai .. eee dawas wlala latec and demo bus th depot lalata awa . etah mee grate wall bus wala godak hoda facilites thibba ,, power stringingv wage ma ee dawas wala loku item eekak una cassette player ekkakuth meke in build awa .

    ReplyDelete
  11. මේක YT 94 පරණපට්ටිය - මහනුවර රූට් එකේ දිව්වේ..ඉස්සර අපේ පාරේ මුලින්ම දිව්වේ මේ ජාතියේම බස් එකක්..ඒක YT 95, මට මතක හැටියට නම්බර් එක 63-3695 හරි 3685 හරි වෙන්න ඕනේ..

    ReplyDelete