Sunday, April 19, 2020

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය -- Ceylon German Technical Training Institute (CGTTI)

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ශ්‍රී ලංකාවේ මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ හා ඒ ආශ්‍රිත අනෙකුත් ක්ෂේත්‍ර වල නිපුණතාවයෙන් යුත් කාර්මික පිරිසක් බිහි කිරීම වෙනුවෙන් පුරෝගාමී වූ ප්‍රධාන පෙලේ වෘත්තීය සහ කාර්මික පුහුණු ආයතනයකි. 1959 වර්ෂයේ ජර්මානු ෆෙඩරල් ජනරජය (එවකට නැගෙනහිර ජර්මනිය), ශ්‍රී ලංකා ජනරජය සමඟ ඇති කරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ආයතනය "ලංකා ජර්මානු අභ්‍යාස විද්‍යාලය" නමින් ආරම්භ කර ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලය යටතේය. ඒ අනුව ලංගමට අයත් වේරහැර මධ්‍යම වැඩපොළ භූමි භාගයේ ආයතනය ස්ථාපනය වී ඇත.

 වේරහැර වැඩපොළ භූමියේ පිහිටුවා තිබී ඇති ලංකා ජර්මානු අභ්‍යාස විද්‍යාලයට අයත් ගොඩනැගිල්ල
ආරම්භයේ දී 60 දෙනෙකුගෙන් සමන්විත වූ ආධුනිකයන් කණ්ඩායමකට කාර්මික පුහුණුව ලබාදී ඇත. ආයතනයේ මූලික අරමුණ වී ඇත්තේ 1958 වසරේ රජය මගින් පුද්ගලික බස් සමාගම් ජනසතු කර ලංගම පිහිටුවීමෙන් පසු මෙරටට ගෙන්වූ ජර්මනියේ නිෂ්පාදිත නව මර්සිඩීස්-බෙන්ස් බස් රථ නඩත්තුවට සහ අළුත්වැඩියාවට අවශ්‍ය දක්‍ෂ කාර්මිකයින් පිරිසක් බිහි කර ගැනීම වේ. ඒ අනුව ලංගම ඩිපෝවන්, ප්‍රාදේශීය වැඩපොළ මෙන්ම බස් රථ නිපදවීම සිදු කළ මධ්‍යම වැඩපොළ ආදියට අවශ්‍ය පුහුණු කාර්මිකයන් බිහි කර ගැනීමට ලංගමට අවස්ථාව ලැබී ඇත. තවද ලංගම අනිවාර්‍ය පුහුණුවකින් පසු ආධුනිකයන්ට වෙනත් දේශීය මෙන්ම විදේශීය රැකියාවන් සඳහා යොමු වීමටද අවස්ථාව සැලසී ඇත.
වේරහැර වැඩපොළ භූමියේ පිහිටුවා තිබී ඇති ලංකා ජර්මානු අභ්‍යාස විද්‍යාලයේ පළමු කණ්ඩායමේ  ආධුනිකයන් වැඩබිමෙහි භාවිත වන ආයුධ හඳුනාගනිමින් 
වේරහැර වැඩපොළ භූමියේ පිහිටුවා තිබී ඇති ලංකා ජර්මානු අභ්‍යාස විද්‍යාලයේ පළමු කණ්ඩායමේ  ආධුනිකයන් එන්ජිමක ක්‍රියාකාරිත්වය පිලිබඳ පුහුණුව ලබමින්. 
ලංගම සතු ඩිපෝ, වැඩපොළ සහ රථ ඇණියද සංඛ්‍යාත්මකව වර්ධනය වීමත් සමඟ පුහුණු කාර්මිකන්ගේ අවශ්‍යතාවයද වැඩි වී ඇත. එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ලංකා ජර්මන් අභ්‍යාස විද්‍යාලය තව දුරටත් පුළුල් කිරීමට ලංගම අවධානය යොමු වී ඇත. ඒ අනුව 1974 වසරේ අවශ්‍ය සියළු පහසුකම් සහිතව මෙම ආයතනය "ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය" නමින් වර්තමානයේ පිහිටුවා ඇති මොරටුව පරිශ්‍රය වෙත ගෙනගොස් ඇත.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ මොරටුව පරිශ්‍රයේ ඉදිරිපස
1976 ‍පෙබරවාරි 29 දක්වා මෙම ආයතනයේ පරිපාලන හා සංවිධාන කටයුතු ජර්මානු ජාතික අධ්‍යක්ෂකවරයකු සහ එහි කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදු කරන ඇත. පසුකාලීනව පරිපාලන කටයුතු ලාංකික අධ්‍යක්ෂක / විදුහල්පතිවරයකු හා කාර්යමණ්ඩලය යටතට පත්කර ඇත.

1980 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ පැවති බොරැල්ල වෘත්තීය අභ්‍යාස ආයතනය පසුකාලීනව 1987දී පමණ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පවරාගෙන එහි ශාඛාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇත . ආරම්භක කාලසීමාවේදී එහි මෝටර් රථ කාර්මික ශිල්පි, මෝටර්රථ විදුලි ශිල්පි, පෑස්සුම් ශිල්පි සහ තහඩු පෑස්සුම් ශිල්පි යන පූර්ණ කාලීන පාඨමාලා ක්‍රියාත්මක වී තිබේ. පසුව 2017 වසරේ දී එම ශාඛාව වසා දමා ඇති අතර නැවත 2020 වසරේ පෙබරවාරි මාසයේ දී පමණ එහි කටයුතු යලි සක්‍රීය කර ඇත. වර්තමානයේ එහි මෝටර් සයිකල් යාන්ත්‍රික ශිල්පි සහ ත්‍රීරෝද රථ යාන්ත්‍රික ශිල්පි යන පාඨමාලා ද්විත්වය පමණක් ක්‍රියාත්මක වේ.
2020 වසරේ ජනවාරි මස දෙවන දින සිට ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත නව සභාපති වරයෙකු පත් වී ඇති අතර ලංගම හා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අතර ඇති බැඳීම වෙනුවෙන් ඔහු සුවිශේෂී පුද්ගලයෙකි. ඔහු නම්, ලංගම ස්වර්ණමය යුගය බිහි කල හිටපු ලංගම සභාපති අනිල් මුණසිංහ මහතාගේ පුත් විනෝද් මුණසිංහ මහතාය. ක්ෂේත්‍රයේ නිපුණයෙකු වන එතුමන්ට සුභ පැතුම් එක් කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

ජර්මනියෙන් ගෙන්වන ලද වෝක්ස්වැගන් වර්ගයේ එන්ජින් කට්ටලයක් යොදාගෙන ජ.ක.අ.ආ. විසින් එකලස් කල කුඩා ලොරි රථයක්. මෙවැනි රථ තුනක් එලෙස එකලස් වී ඇති අතර ඒවා "ලංකානී" රථ ලෙස නම් කොට ඇත.
අතීතයේ සිටම ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගතිය වෙනුවෙන් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙන් ලැබුණු සහය සුළුපටු නොවේ. 1978 තෙක්ම රටේ සමස්ථ පොදු ප්‍රවාහන යාන්ත්‍රණය වූ ලංගමයේ එදිනෙදා කාර්මික වැඩ පහසු කර ගැනීම සඳහා නව නිපැයුම් රැසක් ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හරහා ලංගමට දායාද වී ඇත. නව කාර්මික අත්හදාබැලීම් හරහා ධාවනයට සපයන ලංගම බස් රථ ගණන වැඩි කර ගැනීමට ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙන් ලැබෙන සහය අති මහත්ය. 2004 වසර තෙක්ම ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හරහා පිටවන ආධුනික කාර්මිකයන් ලංගම ඩිපෝවන් හි රැකියා නැඹුරු පුහුණු කිරීම් වෙත යොමු කර ඇත. ඒ හරහා නව තාක්ෂණයෙන් සන්නද්ධ වූ කාර්මික පිරිසක් නිරතුරුව ලංගම හා සම්බන්ධ වී ඇත. එහෙත් 2004 වසරෙන් පසු ආයතනය, ගමනාගමන මණ්ඩලයෙන් වෙන් කිරීමේ ප්‍රතිඵල විඳීමට සිදුවී ඇත්තේ වත්මන් ශ්‍රී ලංගමට ය. අද ශ්‍රී ලංගම මුහුණ දෙන පුහුණු කාර්මිකයන් හිඟයට මෙය ප්‍රභල සාධකයක් බව කැපී පෙනේ. කෙසේ නමුත් අදටත් ශ්‍රී ලංගම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හරහා නොමදව ලැබෙන බව කිව යුතුය.
අලුත්වැඩියා තාක්‍ෂණික සහාය ලබා ගැනීම පිණිස ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත යවා ඇති ශ්‍රී ලංගම කැස්බෑව ඩිපෝවට අයත් Mitsubishi Fuso Aerostar වර්ගයේ බස් රථයක්. 
අලුත්වැඩියා තාක්‍ෂණික සහාය ලබා ගැනීම පිණිස ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත යවා ඇති ශ්‍රී ලංගම කටුබැද්ද ඩිපෝවට අයත් ISUZU Journey K වර්ගයේ බස් රථයක්. 
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය 2004 වර්ෂයේදී නිපුණතා සංවර්ධන, වෘත්තීය සහ කාර්මික අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගන්නා ලදී. ඉන් අනතුරුව 2005 වර්ෂයේදී නිපුණතා සංවර්ධන හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ හා 2007 පෙබරවාරි මස සිට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ අතර නැවත 2007 නොවැම්බර් මස 19 වන දින සිට ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ස්වාධීන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක විය. මේ වන විට ලං.ජ.කා.අ.ආ. යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වේ.

වර්තමානයේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මගින් මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ හා අනෙකුත් සමගාමී ක්ෂේත්‍ර වලට අදාලව පූර්ණ කාලීන පාඨමාලාවන් එකොලසක් මෙහෙයවනු ලබන අතර, එම පාඨමාලාවන් හැදෑරීම සඳහා වර්ෂිකව ආධුනිකයන් 600 ක් පමණ බඳවා ගනී. පූර්ණ කාලීන පාඨමාලා සඳහා ඇති දැඩි ඉල්ලුම නිසා ඒ වෙනුවෙන් සුදුසුකම් නොලබන සිසුන්ට අවස්ථාව දීම සඳහාත්, පාසල් අධ්‍යාපනය අවසන් කල සිසුන් සඳහාත්, අදාළ වෘත්තීන් වල දැනටමත් නියැලෙන අයවළුන්ගේ දැනුම වැඩි දියුණු කරගැනීම සඳහාත් කෙටි කාලීන පාඨමාලා තිස් දෙකක් සන්ධ්‍යා සහ සති අන්ත වශයෙන් ද පැවැත්වීමට ආයතනය කටයුතු යොදා ඇත. එලෙස කෙටි කාලීන පාඨමාලා සඳහා සිසුන් 2400ක් පමණ බඳවා ගෙන ඇත.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
වර්තමානයේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මගින් මෙහෙයවන පූර්ණ කාලීන පාඨමාලා.
  1.  මෝටර් කාර්මික ශිල්පී  - (වසර 4)
  2.  යන්‍‍‍‍‍‍‍‍ත්‍රෝපකරණ වැද්දුම් ශිල්පී (මිල්රයි‍ටි) - (වසර 4)
  3.  බල විදුලි ශිල්පී (නඩත්තු) - (වසර 3 ½)
  4.  ශීතකරණ හා වායු සමීකරණ ශිල්පී - (වසර 3 ½)
  5.  යන්ත්‍රන ශිල්පී (සාමාන්‍ය) - (වසර 3½)
  6.  ඩීසල් එන්ජින් කාර්මික ශිල්පී - (වසර 3)
  7.  වාහන විදුලි ශිල්පී - (වසර 3)
  8.  පෑස්සුම් ශිල්පී - (වසර 3)
  9.  මෝටර් වාහන බොඩි අළුත්වැඩියා සහ පින්තාරු ශිල්පී - (වසර 3)
  10. මේකාට්‍රොනික් (කර්මාන්ත) - (වසර 3 ½)
  11. රථ වාහන වායු සමීකරණ ශිල්පී - (වසර 3)

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් පුහුණු වීම.
සියලුම පුහුණු පාඨමාලාවන් කර්මාන්තශාලා සහ විද්‍යාගාර තුල 80% ක ප්‍රායෝගික පුහුණුවකින්ද පන්තිකාමර තුල 20% ක ‍සෛධාන්තික පුහුණුවකින්ද සමන්විත වේ. සියලුම පූර්ණ කාලීන පාඨමාලා වසර 3 සිට වසර 4 ක කාල සීමාවක් සඳහා වේ.

1971 දී ජාතික ආධුනිකත්ව මණ්ඩලය (NAB) ස්ථාපිත වීමෙන් අනතුරුව ආධුනිකත්ව පනත අනුව බලගැන්වූ ‘පුහුණු කිරීමේ ගිවිසුම’ යටතේ සියලුම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආධුනිකයන් ලියාපදිංචි කරනු ලැබ ඇති අතර පුහුණුව අවසානයේදී ඔවුන්ට ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලය මඟින් පිරිනමන සහතිකයට අමතරව ජාතික ආධුනිකත්ව මණ්ඩලය මඟින් පිරිනමන කර්මාන්ත ශිල්පී (Craftsmen) සහතිකය සඳහාද හිමිකම ලබා දී ඇත. ජාතික ආධුනිකත්ව මණ්ඩලය 1990 දී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) බවට පත්වූ අතර වර්තමානයේදීද පෙර සබැඳියාව නොවෙනස්ව පවත්වා ගනිමින් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය විසින් සිය ආධුනිකයින් එම පුහුණු කිරීමේ ගිවිසුම මඟින් ලියාපදිංචි කරනු ලබයි. ආධුනිකයින්ගේ පුහුණුව අවසානයේදී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මඟින් ඒ ඒ වෘත්තීන් සඳහා අවසාන වෘත්තීය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පෙර මෙන්ම කර්මාන්ත ශිල්පී (Craftsmen) සහතික ඔවුන් වෙත පිරිනමනු ලබයි. ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පුහුණුව ලැබීමෙන් පසු හිමිවන වටිනා සහතික පත්‍රයට අමතරව ඉහත සඳහන් සහතික පත්‍රයද ආධුනිකයන්හට හිමිවීම, ඔවුනට දෙස් විදෙස් රැකියා සඳහා අවස්ථාව හිමි වීමට හේතුවක් වශයෙන් සඳහන් කළ හැකිය.

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සතු බස් රථ ඇණිය
1958 වසරේ ලංගම හා එක්වී ඇති මෙම ඉකාරස් 31 වර්ගයේ බස් රථ දහයක් ලංගම හොමගම ඩිපෝවට අනියුක්ත වී ඇත. පසුකාලීනව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ඒවා ඇති මෙම (22ශ්‍රී1954) බස් රථය ලංගම සතුව ධාවනයේ පැවති අවසාන ඉකාරස් බස් රථයයි. 
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය තම ආයතනයේ ඉගෙනුම ලබන ආධුනිකයන්ගේ මෙන්ම දේශක වරුන් ඇතුළු සේවක ප්‍රජාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් බස් රථ ඇණියක් පවත්වාගෙන් යයි. අතීතයේ සිටම ඒ සඳහා බස් රථ සපයාගෙන ඇත්තේ ලංගම ඩිපෝවන් ගෙනි. ලංගම ඩිපෝ වලින් ධාවනය සීමා කල බස් රථ බස් රථ සපයාගෙන ආයතනය මගින්ම ඒවා අළුත්වැඩියාව හා නඩත්තුව කරගෙන යාම ආයතනයේ සම්ප්‍රදායයි. විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් ධාවනය වන එම බස් රථවලින් බොහොමයක් අදටත් ගාල් කෙරෙන්නේ ශ්‍රී ලංගම ඩිපෝවන් තුලමය. කෙසේ නමුත් මේ වන විට ලංගමට අමතරව වෙනත් රජයේ ආයතන හරහා ආයතනයට ලැබුණු බස් රථද ඒ අතර වේ. ලංගම පිහිටුවීමටත් පෙර පැවති බස් රථ පවා ධාවන තත්වයේ පවත්වාගෙන යන එම රථ ඇණිය, බස් රථ වලට ඇලුම් කරන්නන් අතර නොමද ආකර්ෂණය දිනාගෙන ඇති බව කිව යුතුය. විවිධ ස්ථාන වල දී මුණ ගැසුණු එම රථ ඇණියෙන් කොටසක ඡායාරූප පහත වේ.

IC-2800: 1958 බස් ජනසතුවට පෙර සුවුත් වෙන්ස්ටර්න් ඕම්නි බස් සමාගම යයටතේ ධාවනයට එක්වී ජනසතුවට සමගාමීව ලංගම රත්මලාන ඩිපෝව හා එක්වී ඇති මෙම ලේලන්ඩ් කොමට් වර්ගයේ  බස් රථය පසුකාලීනව ලංගම වැඩපොළ මගින් අලුත්වැඩියාවන්ට ලක්වී ඇති බව නිරීක්‍ෂණය වේ. මෙය  ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සතු පැරණිම බස් රථයයි. ඡායාරූපය ලබාගත්තේ 2018 පෙබරවාරි මස 01 දින කළුතර දීය 
22ශ්‍රී15371958 වසරේ බස් ජන්තුවට සමගාමීව ලංගම මීගමුව ඩිපෝව හා එක්වී ඇති මෙම මර්සිඩීස්-බෙන්ස් OP 312  බස් රථයේ මුල් බඳ ස්විස්ටර්ලන්ත වෝල් සමගම මගින් නිමවූවකි. එය අබලන් වීම නිසා පසුකාලීනව ලංගම වැඩපොළ මගින් මෙම සාම්ප්‍රදායික ලංගම බඳ මෙම තට්ටුව මත එකලස් කර ඇත. ඡායාරූපය ලබාගත්තේ 2019 පෙබරවාරි මස 13 දින ල.ජ.කා.අ.ආ. මෙරටුව පරිශ්‍රයේ දීය 
23ශ්‍රී0001ලංගම වැලිමඩ ඩිපෝව හා එක්වී ඇති මෙම මර්සිඩීස්-බෙන්ස් LP 322/36 වර්ගයේ ලංගම බඳ සහිත බස් රථය කැප්පෙටිපොළ ඩිපෝව විවෘත වීමත් සමඟ ඒ වෙත යැවී ඇත. පසුකාලීනව රත්නපුර ඩිපෝව වෙත යැවී ඇති මෙම රථ රත්නපුර ඩිපෝවේ ධාවනයන් සීමා වීම සමඟ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ලැබී ඇති. 23ශ්‍රී කාණ්ඩය යටතේ ලියාපදිංචි ප්‍රථම බස් රථය මෙයයි.ඡායාරූපය ලබාගත්තේ 2019 පෙබරවාරි මස 13 දින ල.ජ.කා.අ.ආ. මෙරටුව පරිශ්‍රයේ දීය 
23ශ්‍රී0255ලංගම ඩිපෝවක් හරහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ලැබී ඇති මෙම ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථය 1962 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගත්තේ 2018 පෙබරවාරි මස 01 දින කළුතර දීය 
23ශ්‍රී1158ලංගම ඩිපෝවක් හරහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ලැබී ඇති මෙම ලංගම බඳ සහිත ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථය 1965 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගත්තේ 2019 පෙබරවාරි මස 13 දින ල.ජ.කා.අ.ආ. මෙරටුව පරිශ්‍රයේ දීය.
23ශ්‍රී3648ලංගම අවිස්සාවේල්ල ඩිපෝව හරහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ලැබී ඇති මෙම ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113/48 වර්ගයේ බස් රථය 1969 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගත්තේ 2019 පෙබරවාරි මස 13 දින ල.ජ.කා.අ.ආ. මෙරටුව පරිශ්‍රයේ දීය.
23ශ්‍රී3651ලංගම ඩිපෝවක් හරහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ලැබී ඇති මෙම ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 1113/48 වර්ගයේ බස් රථය 1969 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගත්තේ 2013 ජුනි මස 06 දින ල.ජ.කා.අ.ආ. මෙරටුව පරිශ්‍රය ඉදිරිපිට දීය.
63-4398: ශ්‍රී ලංගම මොරටුව ඩිපෝව හරහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ලැබී ඇති මෙම ලටෙක් බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථය 2000 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගත්තේ 2013 ජුනි මස 06 දින ල.ජ.කා.අ.ආ. මෙරටුව පරිශ්‍රයේ දීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ලැබුණු බස් රථ.
62-33321996 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති මෙම ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථය ධාවනය සීමා වීමත් සමඟ මෙලෙස ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ලැබී ඇතඡායාරූපය ලබාගත්තේ 2019 පෙබරවාරි මස 13 දින ල.ජ.කා.අ.ආ. මෙරටුව පරිශ්‍රයේ දීය.
60-06071985 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති මෙම මිට්සුබිෂි රෝසා වර්ගයේ බස් රථය ධාවනය සීමා වීමත් සමඟ මෙලෙස ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත ලැබී ඇතඡායාරූපය ලබාගත්තේ 2019 පෙබරවාරි මස 13 දින ල.ජ.කා.අ.ආ. මෙරටුව පරිශ්‍රයේ දීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත්, පොදුවේ ශ්‍රී ලංකාවටත් දක්‍ෂ කාර්මික ක්ෂේත්‍රයේ නිපුණයන් පිරිසක් බිහිකරලීමෙහිලා අමිල සේවයක් ඉටු කල ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පිළිබඳ සටහන මෙලෙස නිම කරමි. තවදුරටත් ලංගමටත් සමස්ථ රටටත් තම සේවාව ඉටු කරීමට ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ශක්තිය ලැබේවායි පතමි.

සටහන: උත්පල දිල්හාන් 
විශේෂ ස්තූතිය: 
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ආර්. එම්. ඒ. මංජුශ්‍රී ගුණරත්න මහතා, 
ජාතික තරුණ සේවා සභාවේ පානදුර මධ්‍යස්ථාන කළමණාකරු   අජිත් පෙරේරා මහතා

ක්ෂේත්‍ර සහාය ප්‍රීමාල් මධුසංක මහතා
ඉන්දික ප්‍රභාත් වික්‍රමසිංහ මහතා
ආශ්‍රිත:
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිල වෙබ් අඩවිය,
ලංගම 1957 - 1958 වර්ෂ පිලිබඳ වාර්තාව (සිංහල පිටපත),
අධ්‍යක්‍ෂතුමා ගේ වාර්තාව - ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය - 2010

14 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සතුටුයි නැවත ලංගම හා සම්බන්ධ වුනොත් ටෙක් එක..
    එත් ලංගමය තුල එකේ දේශපාලන නැතිවෙලා තාක්ෂණය වැඩි වෙලා සුදුස්සට සුදුසු තැන ලැබෙමවනම් කොල්ලෝ වැඩ කරන්න අකමැති වෙන්න හේතුවක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම! එය සිදු වේවා කියා පතමු!! :)

      Delete
  3. ඉහලින්ම දැක්වෙන බස් රථය බ්‍රිතාන්‍ය ලේලන්ඩ් රථයක්ද?

    ReplyDelete
    Replies
    1. සෑම ඡායාරූපයකටම පහලින් ඊට අදාළ විස්තරය අන්තර් ගත කර ඇත.

      Delete
  4. Very good and completely article .

    ReplyDelete
  5. ඉතාම වටිනා ලිපියක්. ස්තුතියි.

    ReplyDelete
  6. a/l නැතිව මොටර් කාර්මික ශිල්පී පාඨමාලාව හදාරාන්න පුළුවන් ද

    ReplyDelete
  7. Age limit is 22 -26 or above why is that u are not opan registrations..why are u forcussing atleast under 22 category..its not possible know.

    ReplyDelete
  8. මොරටුව ඩිපෝවේ බේරුණ එකම latec එක මේ 63-4398. බලන්න ඉතින් දෙයකින් වැඩක් ගන්නවා නම් කොයි තරම් කාලයක් එක bus එකක් use කරන්න පුළුවන්ද කියලා මේ තත්වයට ..
    මොරටුව ඩිපෝවේ මේ සමඟ ලැබුණු 63-3070 63-3293 63-4348 63-4402 ඔක්කොම ටික විනාස කරලා දැන් ගොඩක් කල්

    ReplyDelete
  9. 1959 වර්ෂයේ ජර්මානු ෆෙඩරල් ජනරජය (එවකට නැගෙනහිර ජර්මනිය), මේක වැරදියි. ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව නැතිනම් බටහිර ජර්මනිය . ජර්මන් ටෙක් එක බටහිර ජර්මනියේ පරිත්‍යාගයක්.

    ReplyDelete
  10. Stanley dasanayakeApril 9, 2023 at 10:45 PM

    22sri 1537 දරණ මසිඩිස් බෙන්ස් OP312 බසය මා අවුරුදු 25 කට වෙඩි කාලයක් නඩත්තු කලා. නවීකරණය කලා . අද ජ්ර්මන් ටෙක් එකේ බොහෝ සුභ සාධක චාරිකා දුර ගමන් සදහා වැඩි ඉල්ලුමක් පවතී. MB 352 Engine , Gbs40 gear box, 310mm 4finger clutch, PoWER steering , Full air pressure brake , 24V/ 60A , TV, sub woofer , Etc. මට හරිම සතුටුයි . ඔරිජිනල් බස් චැසි . Full alluminium body. තවමත් රජ ගමනේ.

    ReplyDelete