Showing posts with label BT. Show all posts
Showing posts with label BT. Show all posts

Sunday, March 31, 2024

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Batticaloa depot

This photo was taken on September 07, 2023, in Trincomalee, Eastern, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, 54 seater Ashok Leyland Viking 210 bus (NC-1584) at Trincomalee bus stand. The bus acquired to the SLTB Batticaloa depot fleet in 2015. This photo was taken in September 2023 while it was allocated for the services between Akkaraipattu and Trincomalee under route bumber 76. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් ත්‍රීකුණාමලය බස් නැවතුමේ දී. 2015 වසරේදී, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අක්කරපත්තුව හා ත්‍රීකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 76 යටතේය.

Tuesday, January 19, 2021

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (GE-0530) at the Galle face green. Body built by Utkal coach builders in India and acquired to the fleet in 2001. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. ඉන්දියාවේ Utkal සමාගම මගින් බඳ සකසා 2001 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 

Monday, August 12, 2019

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, Ruby bodied TATA LP 1510/52 bus (BT 53 / NA-3092) at Kataragama. Rehabilitated by depot workers in 2014 to celebrate the former President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ශ්‍රී ලංගම හා එක්වී ඇති රථයේ පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබීම නිසා ඩිපෝ සේවක පිරිස විසින් 2014 වසරේ අග භාගයේ මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි.

Friday, February 23, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Batticaloa depot

This photo was taken on September 22, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-9521) in the Jaffna depot premises. This bus is allocated to the Akkaraipattu 86 Jaffna service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් යාපනය ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 86 යටතේ අක්කරපත්තුව සහ යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.  2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Sunday, May 4, 2014

SLTB breakdown service - Batticaloa depot

This photo was taken on January 25, 2014 in Batticaloa, Eastern, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, TATA LP 1210/36 breakdown service vehicle (23ශ්‍රී8976) at Batticaloa. SLCTB bodied LP 1210/36 bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ කාර්මික සේවා රථයක් මඩකලපුවේ දී. 1978 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Wednesday, April 16, 2014

Wesco ISUZU MT 111 bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot Wesco ISUZU MT 111 bus (BT 32 / 62-8422) at Katharagama. Rehabilitated in 2013 by the Batticaloa depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසු MT 111 වර්ගයේ බස් රථයක් කතරගම දී. ජපානයෙන් ආනයනය කල ISUZU MT111 තට්ටුවකට වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් සමාගමේ තාක්‍ෂණය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම වේරහැර වැඩපොලේ දී බඳ සකසා මෙම බස් රථ නිමවා ඇත. මුලින් අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනයට එක් වූවද පසුකාලීනව සාමාන්‍ය ධාවනය සඳහා යොදවා ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ දෙසැම්බර් මස මඩකලපුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියා වේ දී රථයේ මුල් පෙනුම ආරක්ෂාකොට ගෙන ඇති බව නිරීක්ෂණය වේ. 

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, March 7, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2012, in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot Ruby bodied TATA LP 1510/52 bus (BT 44 / 63-4667) playing to Kataragama on the Buttala - Kataragama road. The bus acquired to the depot fleet in 2000. Rehabilitated by the depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනයට වන ටාටා LP 1510/52 වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක් කතරගම බලා ධාවනය වෙමින්. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇති රථය 2012 වසරේ මෙලෙස ජනපති දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් ඩිපෝ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර නැවත ධාවනයට සපයා ඇත.