Sunday, August 4, 2019

Hino HT2MLAA city bus from SLTB Pothuhera driver training school

This photo was taken on August 01, 2019 in Pothuhera, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Pothuhera driver training school Hino HT2MLAA city bus (NA-1709) in the driver training school premises.  Acquired to the SLTB fleet in 2004 as an aid from the Japanese Government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, හිනෝ HT2MLAA වර්ගයේ බස් රථයක් විද්‍යාල පරිශ්‍රයේ දී. 2004 වසරේ ජපාන රජයෙන් ලැබුණු සුනාමි අධාරයක් යටතේ ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය එරාවුර් ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති අතර පසු කාලීනව කුරුණෑගල දකුණ ඩිපෝවට රැගෙනවිත් ඇත්තේ අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම පිණිසයි. එහෙත් කුරුණෑගල දකුණ ඩිපෝවේ හිටපු ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලයට මාරු කර යැවීමත් සමඟ මෙම බස් රථය රියදුරු අභ්‍යාස විද්‍යාලය වෙත පවරාගෙන මෙලෙස අළුත්වැඩියා කර ඇත. රථයේ එන්ජින් කට්ටල මෙන්ම බඳද ඒ යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ඇති අතර ඉංජිනේරු තුමාගේ දැනුම මෙන්ම ඍජු ශ්‍රම දායකත්වයද අලුත්වැඩියාවට ලැබී ඇත. කෙසේ නමුදු පින්තාරුව ඇතුළු සමස්ථ අලුත්වැඩියාවට වැය වී ඇත්තේ රුපියල් එක්ලක්‍ෂ පන්දහසක (රු. 105,000.00) මුදලක් පමණි. තම රාජකාරීමය වපසරීන්ගෙන්  බැහැරව මෙම බස් රථයට යලි ජවය සැපයීම සඳහා කැප වූ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ඇතුළු සැමට ලංගම බස් අඩවියේ ප්‍රණාමය.

This photo was taken on August 01, 2019 in Pothuhera, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

The bus under the repair in 2017 -- 2017 වසරේ බස් රථය අලුත්වැඩියා වෙමින්
This photo was taken on December 12, 2017 in Pothuhera, North Western, LK.
Click for the full size picture.

4 comments:

  1. මේවගේ ධාවනයෙන් ඉවත් වෙලා තියෙන සුනාමි බස් රථ නැවත අලුත්වැඩියා කර ධාවනයට එකතු කිරීම ඉතාමත් අගය කර සලකන්න ඕන.

    විශේෂයෙන්ම ධාවනයෙන් ඉවත් කරලා තිබුණ ගොඩක් සුනාමි බස් රථ කුරුණෑගල උතුර හා දකුණ ඩිපෝ විසින් අලුත්වැඩියා කර ධාවනයට එකතු කරන්න සමත් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒවා හැදුවේ මේ බස් එක හදපු සුමිත් මහත්තය ම තමයි.

      Delete