Friday, February 9, 2018

සජීව ලිපිය: 2018 පෙබරවාරි මස 09 දින පෙ.ව. 9.15 ට බෞද්ධාලෝක මාවත ඩී. එස්. සේනානායක විද්‍යාලය අසල දී.

This photo was taken on February 09, 2018 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
හෙට දිනයේ (පෙබ. 10) පැවැත්වීමට නියමිත 2018 පළාත පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා ශ්‍රී ලංගම බස් 1500 ක් පමණ යොදාගන්නා බව වාර්තා වේ. මැතිවරණ රාජකාරි වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයට වාර්තා කර ඇති ලංගම බස්රථ වලින් කොටසක් ඡායාරූපයේ දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස ආවරණය කෙරෙන සෑම ඩිපොවකින්ම පාහේ බස් රථ මෙම ස්ථානයට වාර්තා කොට තිබුණි. ඡායාරූපය ලබාගත්තේ එම අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ ධාවනය වූ රත්මලාන ඩිපෝවට අයත් NA-0774 දරණ දෙමහල් බස් රථයේ ඉහල මාලයේ සිටයි.

2 comments:

  1. උත්පල,
    ඔය පින්තූරේ ඉස්සරහින්ම තියෙන AV171 බස් එක අවිස්සාවේල්ල - රත්මලාන CGR දක්වා ධාවනය කරනවා හෝමාගම,මහරගම.
    හැමදාම රත්මලාන යද්දී උදේ 7:00 වෙද්දී මහරගම ආපහු අවිස්සාවේල්ල යද්දී හවස 5:00 වෙද්දී මහරගම පහු කරනවා. නියම බස් එකක්.

    මහරගම - මොරටුව 192 රූට් එකේ private බස් කාරයන්ට පණ එන්නේ ඔය බස් එකයි, KTB ඩිපෝවේ අවිස්සාවේල්ල - කළුතර බස් එකයි, ඒ ඩිපෝවේම කිරිඳිවැල - කළුතර බස් එකයි දකිද්දී තමා උදේට.

    ReplyDelete
    Replies
    1. නියමයි විස්තරේ.. කොහෙත් ප්‍රයිවට් වලට පණ දෙන්නේ ලංගම තමයි.. :D

      Delete