Saturday, October 14, 2017

Wesco ISUZU MT111 L semi luxury bus from GBC Ja-Ela depot

This photo was taken in 1997 in Ja-Ela, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company Ltd.  (GBC / Now SLTB) Ja-Ela depot, Wesco ISUZU MT111 semi luxury bus (JL 106 / 62-4470) playing on the Ja-Ela - Moratuwa semi luxury service. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. / වත්මන් ශ්‍රී ලං. ග. ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කො ඉසුසූ MT 111 වර්ගයේ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ජා-ඇල හා මොරටුව අතර ධාවනය වන අවස්ථාවකි. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථ අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. මනා ඉඩප්‍රස්ථාවෙන් යුතු පළල් හා සුව පහසු ආසන, ආසන අතර මනා ඉඩ, කම්පන උරා ගන්නා ලී හා රබර් මිශ්‍ර තට්ටුව හා ගැස්සීම් අවම කරන මනා දුනු පද්ධතිය "අර්ධ සුඛෝපභෝගී" යන වදනට මනා සාධාරණයක් ඉටු කල බව එකල මෙම බස් රථ වලින් ගමන් පහසුව සලසාගත් මගී ජනතාව සාක්ෂි දරයි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

4 comments:

  1. ඉස්සර අපි පොඩිම කාලෙ මේ වර්ගයේ බස් වල ඇඹිලිපිටියෙ ඉඳන් රත්නපුර ආව මතකයි.මේ ජාතියෙ බස් 2ක් හොඳට මතකයි.එකක් කහපාට දොර 2. ස.බ.ස එකක්ද කොහෙද?අනෙක නිල් පාට තනිදොර.කොච්චර බස් තිබ්බත් අම්මත් එක්ක වලි දාගෙන ඔය දෙකේම නගිනව ආසාවට.දැන්නම්‍ ආසවටවත් එකක් දකින්න නෑ.අපේ අවාසනාවට මේව නැතිඋනේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. මමත් ආසම බස් වර්ගයක්. අමරණිය මතක සටහන් තියෙනවා හැමෝටම මේවා එක්ක.

      Delete
  2. Mokakda me SL 96 148 kiyanne?

    ReplyDelete
    Replies
    1. ඒ වෙස්කෝ එකෙන් දීපු අංකයක්.

      Delete