Friday, May 29, 2015

Bharat bodied Ashok Leyland Lynx 4200 bus from SLTB Avissawella depot

This photo was taken on May 29, 2015, in Avissawella, Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Bharat bodied Ashok Leyland Lynx 4200 bus (NC-2971) at Avissawella. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Yatiyantota and Avissawella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අලුතින් ලැබුණු භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් 4200 වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ලේ දී. සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ නිපදවා ඇත්තේ Bharat coach builders සමාගම මගිනි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මේ වනවිට ඒවායින් බොහොමයක් ඩිපෝවන් වෙත සපයා දී ඇත.ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම රථය යටියන්තොට හා අවිස්සාවේල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

3 comments:

  1. උත්පල, ඔයාගේ බ්ලෝග් එකේ කොමෙන්ට් නැති එකට හේතුව දේශපාලනයකට හරවපු කෙනාට උත්තරයක් දිය යුතුමය. එම පුද්ගලයා එක්තරා පක්ෂයක් ගැන ඔහුගේ ඇති වන හැඟීමක් මෙතැනට පටලවා ඇත. ඔහුට කිවයුත්තේ මෙයයි‍‍; පක්ෂ පාට මොනා වුණත් ලංගම ඇති කරෙත් එය වඩා සංවිධිත ආකාරයකට පවත්වා ගෙන ගියේත් නිදහස් පක්ෂ පාලන කාල වල වලදී මිස යුන්පී කාරයන් නොවන බවයි 1978 දී පුද්ගලික බස් මෙරට ඇති කොට ලංගම වල පල්ලට ඇරියේ කවුද??? 2005 දී නැවත එවකට පිහිටි පොකුරු බස් සමාගම් වෙනුවට නැවත ශී ලංගමය බවට පත්කළේ කවුද?? බ්ලෝග් වල ස්වභාවය කොහොමත් එහෙමය. කට්ටිය යමක් ලියනවාය කාලෙකට ආයෙත් නැතිය. නැති හේතුවත් මං ඔහේට පසුව කියන්නද ?? පසුගිය සමයේ ලංගමයට පණ ආවේය. ඒ අර බස් 2500 නිසාය. ලංගමට ගෙනා තරමක් බස් ගෙනාවේ යු එන් පී පාලන සමයන් හිදී නොවන වගද ඔබ දැන ගත යුතුය. යහපාලනය ඇවිත් ලංගමට කෙලවන හැටි ගැන මං එක් උදාහරණයක් අර පුද්ගලයාට කිව යුතුය‍:.., ඔබ දන්නවා ඇත සබරගමුවේ හොඳම ඩිපෝව, එනම් දැරණියගල ඩිපෝව. එහි කළමණාකාරිත්වය දරමින් පුද්ගලික බස් මාෆියාකරුන්ට රිදෙන්නට ඔවුන්ගේ ඒකාධිකාරිය බිදිමින් ඩිපෝව අංක 1 ගෙනා පුද්ගලයා අද යු එන් පී නව ලිබරල්වාදීන් විසින් ඉවත් කොට ඇත, ඔබ හරි උත්පල!! ලංගම අනාගතය ගැන බයක් ඇත! අන්න ඒක නිසයි කොමෙන්ට් අඩු! ලංගමය සතුව දැනට ඇති බස් රථ වලින් 100% ම ගෙනාවේ නව ලිබරල්වාදී චින්තනය කරපින්නන් ඉන්න පොඩි මිනිසා ගැන නොසිතන පුද්ගයා විසින් නොව ජනතා වාදී බව යන්තම් හරි තිබු අයයි, අපිට එක් දෙයක් අර පුද්ගයාගේ කොමෙන්ටුවෙන් පැහැදිලිය. එනම් ඔබ මෙම බ්ලොග් අඩවිය නරඹන්නේ ලංගමට ඇති ඇල්මක් නිසා නොව හුදෙල් ත්‍රිල් එකට බවයි.

    ReplyDelete
  2. මේ ජාතියේ ප්‍රයිවට් බස් දැකලා තිබුනත් ශ්‍රීලංගම බස් එකක් දැකපු පළමු වතාව.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංගම මේකේ තනිදොර බස් කලින් ඉඳල තිබුන. දොර දෙක NA-7*** කාන්ඩේ බස් කීපයක් උතුරේ තිබුන උතුරු වසන්තයට ලැබිල. ඒ හැර දොර දෙක Lynx ආපු පලවෙනි අවස්ථාව මේක. බස් 80 ක් ලැබීමට නියමිතයි. :)

      Delete