Thursday, November 6, 2014

Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Mullaitivu depot

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mullaitivu depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (MV 08 / NB-3656) in the Anuradhapura depot premises. The bus acquired to the fleet in 2012. Allocated for the services under the route number 04/01 between Mullaitivu and Kalpitiya via Vavniya, Anuradhapura, Puttalama and Alankuda. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මූලදූව (මුලතිවු) ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2012 වසරේ මෙම මාදිල්යේ බස් රථ 120 ක් ලංගමට ලැබී ඇත. ඉන්දියාවේ රුබී සමාගම මගින් ශ්‍රී ලංගම පිරිවිතර අනුව ලංගම වෙනුවෙන් එකලස් කල බඳකින් යුත් රථය 2x3 සැකස්මෙන් යුත් ආසන 54 කින් සමන්විතය. සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා යම් යම් වෙනස් කම් මෙහි දක්නට ලැබෙන අතර ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම, ඩිකියක් නොමැති වීම, ගමනාන්තය දැක්වෙන පුවරු කොටස් දෙකින් යුතු වීම වැනි වෙනස්කම් බාහිරින් නිරීක්‍ෂණය කළ හැකිය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 04/01 ඔස්සේ මූලදූව (මුලතිවු) හා කල්පිටිය අතර (වවුනියාව, අනුරාධපුර, පුත්තලම, ආලංකුඩා හරහා) ධාවනයට යොදවා ඇත.

No comments:

Post a Comment