Monday, October 21, 2013

CTB bodied Mercedes-Benz LP322 bus from SLTB Kegalle depot - 50 Years in Passenger Service

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, CTB bodied Mercedes-Benz LP322 bus (23ශ්‍රී0694) in the depot premises. Acquired to the CTB Negombo depot in 1963. currently comleted it's 50th years in Passenger service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ලංගම බඳ සැකසූ මර්සිඩීස් බෙන්ස්  LP322 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගමය යටතේ පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන පැරණිම බස් රථ වලින් එකකි. 1963 වසරේ ශ්‍රී ලංගම මීගමුව ඩිපෝවෙන් ජනතා සේවය අරඹා ඇති මෙම බස් රථය මේ වනවිට වසර 50 ක් පුරා ඩිපෝවන් 5 ක් යටතේ ජනතා සේවය සපයා ඇත. ඒවා මෙසේය.
                                     01). 1963/10/20 ශ්‍රී ලංගම මීගමුව ඩිපෝව
                                     02). 1974  බිබිල ඩිපෝව (බදුල්ල ඩිපෝවේ උප ඩිපෝවක් ලෙසින්)
                                     03). 1976  බිබිල ඩිපෝව (ප්‍රධාන ඩිපෝවක් ලෙස)
                                     04). 1981  බලන්ගොඩ ඩිපෝව
                                     05). 1988  බිබිල ඩිපෝව
                                     06)  2012  කෑගල්ල ඩිපෝව
පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුමට වෙනස් කම් සිදුවී තිබුනද තවමත් ලංගම විසින් වේරහැර වැඩපොළේ නිපදවා ඇති බඳ සහිතව සාර්ථකව ධාවනය වන්නේ ලංගම විසින් මෙරටදී නිපදවන ලද බස් රථ වල කල් පැවැත්ම, ඉන්ධන පිරිමැස්ම, සවිශක්තිය ආදියට උදාහරණ සපයමිනි. වර්තමානයේ බසයට ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගින් වුවද, එහි මර්සිඩීස්-බෙන්ස් තට්ටුවට කිසිදු වෙනසක් සිදු කර නැත.

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Same model bus (23ශ්‍රී0648) from CTB Kandy South depot. --  මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ සමකාලීන 23ශ්‍රී0648 බස් රථය 1971 වසරේ මහනුවර දී. 

11 comments:

  1. සංරක්ෂණය කල යුතු බස් රථයක්.කෑගල්ල ඩිපෝව මෙය ඉතා ප්‍රවේසමින් පාවිව්වි කල යුතුයි..“කෑගලු ඡනතාවට සේවය සැලසීමට“ ඒවගේම බෙන්ස් කාණ්ඩයේ මෙවන් බස් රථ ඉතා දුලබයි.ඒ නිසා උත්පල මේ කරන සේවය අතිවිශිෂ්ටයි.....
    ප.ලි-කෑග්ලෙ පරණ බස් තියෙන්නෙ කියලා කෑගහන අය ඒ ඩිපෝ ඇති ලංකාවෙ තියෙන වටීනාම බස් රථ ගැන දැනුමක් නැතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අගයකිරීම ගැන! සැබවින්ම කෑගල්ල ඩිපෝව සතුව අපූරු පැරණි බස් ටිකක් තිබෙනවා.! :)

      Delete
  2. parana unath thawamath duwana thathwayata thiyagena inna eka gana langame wishishtayanta sthuthiwantha wiyayuthuyi. ewagema uthpala me blog eken karana meheya hama damath mama agayanawa.

    ReplyDelete
    Replies
    1. Api podi kale nithara gaman giya bus ekak thamai 23 - 702 Benz eka. Nawalapitiya depot walin Nawalapitiya - Nuwara Eliya athra wada kala

      Delete
  3. මේ බස් ජාතික සම්පත්. ඇත්තෙන්ම රැකගතයුතුයි මේවා.

    ReplyDelete
  4. 23 ශ්‍රී 440 ගම්පොල ඩිපෝවෙ තිබුනා. වටදෙණිය හරහා ගම්පොල - මහනුවර 643 පාරේ වැඩ කලේ

    ReplyDelete
  5. උත්පල මහත්මයා, ඇස් දෙකට කඳුළු ආවා මේ වටිනා පැරණි සම්පත දැකීමෙන්. ඉන් සිදු වූ සේවය මිල කළ නොහැකියි! අජීවි වස්තුවක් වුණත් සජීවි බවකුයි මට නම් දැනෙන්නේ.... මෙය නිසි ලෙස ආරක්ෂා වෙනවා ඇති නේද? ඔබතුමාටත් බොහෝම ස්තුතියි, මා දුටු හොඳම බ්ලොග් අඩවිය මේ.

    ReplyDelete
  6. දැන් මෙ බස් එක නැද්ද

    ReplyDelete