Monday, August 26, 2013

Logos of Regional Bus Companies (1997-2004) -- පොකුරු බස් සමාගම් ලාංඡන (1997-2004)

1997 වසරේ දෙසැම්බර් මස එතෙක් පැවති ජනතා සන්තක ප්‍රවාහන සේවය විසිරුවා හැර පොකුරු බස් සමාගම් පිහිටුවනලදී. එනම් ශ්‍රී ලංගම ප්‍රාදේශිකයන් වශයෙන් වෙන් කර වෙන වෙනම සමාගම් පිහිටුවා පරිපාලනය සිදු කර ඇත. එම වකවානුවේ එම ප්‍රාදේශීය සමාගම් අනුව වෙන වෙනම ලාංඡන ද භාවිතා වී ඇත. තවද මෙහිදී උතුරු ප්‍රාදේශිකය වෙනම සමාගමක් නොකොට මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින්ම පරිපාලනය සිදුකර ඇත්තේ එකල එම ප්‍රදේශයේ පැවති දේශපාලන අස්ථාවරභාවය නිසාය. 2004 වසරේ ශ්‍රී ලංගමය යලි පිහිටුවන තුරුම මෙම ලාංඡන භාවිතා වී ඇත.

1) Colombo Metropolitan Bus Company -- කලම්බු මෙට්‍රෝපොලිටන් බස් සමාගම (කොළඹ)
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AG       අංගොඩ
     HG       හෝමාගම
     KB       කැස්බෑව
     KTB    කටුබැද්ද
     MH     මහරගම
     MK     මට්ටක්කුලිය
     MM    මීතොටමුල්ල
     MR     මොරටුව
     RL      රත්මලාන
     TL      තලංගම
     UM    උඩහමුල්ල

2) Gampaha Bus company -- ගම්පහ බස් සමාගම 
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     DP        දිවුලපිටිය
     GM      ගම්පහ
     JL         ජා-ඇල
     KD       කිරිදිවැල
     KE       කැළණිය
     KW     කඩවත
     NB      මීගමුව
     NT      නිට්ටඹුව
     WS     වැලිසර

3) Kalutara Bus Company -- කළුතර බස් සමාගම 
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AL       අළුත්ගම
     HR      හොරණ
     KT      කළුතර
     MG     මතුගම
     PN      පානදුර

4) Kandy Bus Company -- මහනුවර බස් සමාගම
  මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     KN     මහනුවර උතුර
     KS      මහනුවර දකුණ
     ML      මාතලේ
     TD      තෙල්දෙණිය
     UD      උඩ දුම්බර
     WG     වත්තේගම
     YT      යටිනුවර

5) Ruhunu (Southern) Bus Company --රුහුණු බස් සමාගම
  මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AB        අම්බලංගොඩ
     AK       අකුරැස්ස
     AT        අම්බලංතොට
     EP        ඇල්පිටිය
     GL        ගාල්ල
     HM       හක්මන
     KOG    කොග්ගල
     KTG     කතරගම
     MT       මාතර
     TG       තංගල්ල
     UG      උඩුගම

6) Rajarata (North Central) Bus Company -- රජරට බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AP    අනුරාධපුර
     DB    දඹුල්ල
     DS     දියසෙන්පුර
     GG    ගල්ගමුව
     HP     හොරොව්පොතාන
     KBG  කැබිතිගොල්ලෑව 
     KK    කැකිරාව
     PL     පොලොන්නරුව 

7) Sabaragamuwa Bus Company -- සබරගමුව බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AV       අව්ස්සාවේල්ල
     BG       බලංගොඩ
     DR       දැරණියගල
     EMB    ඇඹිලිපිටිය
     GW      ගොඩකවෙල
     KL        කෑගල්ල
     KLW    කළවාන
     MW      මාවනැල්ල
     RB        රඹුක්කන
     RP        රත්නපුර

8) Nuwara-Eliya Bus Company -- නුවරඑළිය බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     GP         ගම්පොල
     HK        හගුරන්කෙත
     HT         හැටන්
     KDW    කුරුදුවත්ත
     KOT     කොත්මලේ
     NE        නුවරඑළිය
     NW      නාවලපිටිය
     WN      වලපනේ

9) Uva Bus Company -- ඌව බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     BB        බිබිල
     BD       බදුල්ල
     BW      බණ්ඩාරවෙල
     DAK    දෙහිඅත්තකණ්ඩිය
     KPP     කැප්පෙටිපොල
     MON   මොණරාගල
     MY      මහියංගණ
     SBD     සියඹළාණ්ඩුව
     TMV   තණමල්විල
     WW    වැල්ලවාය

10) Wayamba Bus Company -- වයඹ බස් සමාගම
   මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
     AN         ආණමඩුව
     AW       අලව්ව
     CL        හලාවත
     GU        ගිරිඋල්ල
     KGN     කුරුණෑගල උතුර
     KGS     කුරුණෑගල දකුණ
     KP        කුලියාපිටිය
     MHO    මහව
     NK      නිකවැරටිය
     PT        පුත්තලම
     RG       රිදීගම
     WP      වෙන්නප්පුව
     WR     වාරියපොල

11) New Eastern Bus Company -- නැගෙනහිර බස් සමාගම

~ නැගෙනහිර බස් සමාගමට අදාළ ලාංඡනය මෙම ලිපියටම ඉදිරියේදී යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු ~

12) North Regional Transport Board -- උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය

පොකුරු බස් සමාගම් අවධියේ උතුරු ප්‍රදේශිකය පමණක් සමාගමක් ලෙස නොබෙදා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය යටතේ පාලනය කර ඇත. එය NRTB (North Regional Transport Board) නොහොත් උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය ලෙස හඳුන්වා ඇත. උතුරු පළාතෙන් කොටසක් ත්‍රස්තවාදීන් යටතේ පැවතීම එයට හේතු වී ඇත. කෙසේ නමුත් වව්නියාව, මන්නාරම, යාපනය වැනි රජයේ පාලනය යටතේ පැවති ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම උ. ප්‍රා. ග. ම. මගිනි.

ඊට අමතරව ම.බ.ක. ඩිපොවද පාලනය වී ඇත්තේ ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය මගිනි. 

9 comments:

  1. meke gampaha bus samagame gahala thibbe sisa gabasa kiyla

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. මම මේක ඇන්දේ කඩවත ඩිපෝවේ බස් එකකින් බලාගෙන. ඇතැම් විට වෙනත් ඩිපෝ වල ග.බ.ස. යනුවෙන් පින්තාරු කර තිබුනා විය හැක. :)

      Delete
  2. Hi, I think there is some areas missing... North & East... would appreciate if some one can provide those details as well... :)

    ReplyDelete
    Replies
    1. Noth Regional buses controlled by the Central Transport board, because of the War. Eastern bus company logo, we'll provide soon. Thanks for the comment> :)

      Delete
  3. Hakmana depot missing from the Ruhunu Bus Company?

    ReplyDelete
  4. mahanuwara bus company limited m.b.sa. newe m.b.ka.viya yuthui.

    ReplyDelete
  5. metropolitan bus samagame lanjanaya sticker ekakda?

    ReplyDelete
    Replies
    1. naha! eka kelinma bus eke paint kale.. mata mathakayi..

      Delete