Saturday, August 10, 2013

Latec bodied Ashok Leyland Viking bus from SLTB Maharagama depot

This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Latec bodied Ashok Leyland viking bus (MH 47 / 60-6093) at Dehiwala. This bus runs on route no 119 Maharagma - Dehiwala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ලටෙක් බස් රථයක් දෙහිවල දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ඒකල වැඩපොළේ දී නිපදවා ඇත්තේ ලටෙක් බස් රථ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සිදුකල පරීක්ෂණයක් ලෙසයි. එමනිසා මෙය මෙම මාදිලියෙන් මුල්කාලීනව පැමිණි බස් රථයකි. මෙම බස් රථය වර්තමානයේ මාර්ග අංක 119 යටතේ දෙහිවල හා මහරගම අතර ධාවනය වේ.

පසු සටහන:
119 මාර්ගයේ පුද්ගලික බස් රථ හා ලංගම බස් රථ ඒකාබද්ද කාලසටහනක් ක්‍රියාත්මක වන අතර, ලංගම බස් රථ සඳහා අවශ්‍ය නිසි ධාවන වාර නොලැබෙන බවට ලංගම සේවකයෝ මැසිවිලි නගති. මගී ගහනය අධික අවස්ථාවල ධාවන වාර ලංගමට නොලැබෙන බවද මගී ගහනය අඩු ධාවන වාර බොහෝ විට ලංගම බස් රථ වලට ලැබෙන බවද සේවකයෝ පවසති. මේ නිසා බොහෝ විට පුද්ගලික බස් රථ පිටුපසින් හිස් ව තම බස් ධාවනය කරවීමට සිදු වී ඇති බවට ලංගම සේවකයෝ පවසති. පුද්ගලික බස් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත මෙලෙස ජාතික ප්‍රවාහන සේවය පාඩු ලැබීමට සැලස්සීම සැබවින්ම කනගාටුවට කරුණකි. මේ සම්බධව නිසි බලධාරීන්ගේ අවධානය යොමුවේවායි පතමු.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පිටුපස වීදුරුව සමඟ ආපදා දොරටුවක් ඇත)
This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. meka top bus eka ...mama gihin tiyanawa... honda pikup.....

    ReplyDelete
    Replies
    1. aah! ehemada? mata nam meke yanna labune naha. kohomath 60- 61- 62- 63- bus aluth ewata wada godak hondayi. ;)

      Delete
  2. meka maharagama -dehiwala duwapu bus1k parana unata hodata addanawa hodata pagenawa mewage bus ithuruwela thiyena eka kochchara deyakda

    ReplyDelete