Tuesday, July 23, 2013

CTB bodied Leyland Tiger Cub from CTB Homagama depot

This photo was taken on 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Homagama depot, CTB bodied Leyland Tiger Cub bus (22ශ්‍රී2547) operated between Ingiriya and Colombo along the High Level road. In 1958 few buses received to CTB through private bus companies. End of the 1958 another 60 buses Acquired to the CTB fleet. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. Photo by Barry Wilkinson) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වූ ලේලන්ඩ් ටයිගර් කබ් වර්ගයේ බස් රථයක් මාර්ග අංක 125 යටතේ ඉංගිරිය හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක දී කොළඹ පුරහල අසල දී ලබාගත් ඡායාරූපයකි. මෙම බස් රථයේ බඳ ලංගම මගින් එකලස් කර ඇති අතර එන්ජිම බසයේ තට්ටුවට (Chassis) යටින් ඉදිරිපස රෝදවලට පිටුපසින් පිහිටා තිබීම විශේෂත්වයකි. එන්ජිම සිසිල් කිරීමට අවශ්‍ය වාතාශ්‍රය ලබාගැනීම සඳහා මුහුණත යටින් පිහිටි කවුළුව භාවිතා කර ඇති අතර එන්ජිම අලුත්වැඩියා කටයුතු සඳහා භාවිතා කර ඇත්තේ දෙපසින් පිහිටි පියන් ය. 1958 වසරේ බස් ජනසතුවේ දීම පුද්ගලික සමාගම් සතුව තිබී මෙම වර්ගයේ බස් රථ ප්‍රමාණයක් ලංගමට ලැබී ඇති අතර 1958 වසරේ අග බාගයේ දී තවත් බස් රථ 60 ක් ලංගමට ලැබී ඇත. මෙය ජනසතුවට පසුව ලැබුණු රථයකි (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. ඡායාරූප ශිල්පියා: Barry Wilkinson)

11 comments:

  1. shaa niyamaine me bus dan CTB eke nadda?

    thank s

    ReplyDelete
  2. මෙම බස් රථය සහ albion එක ගොඩක් සමානයි. මේක 90 දශකයේ මුල් භාගයෙත් තිබුණා වගේ මතකයි. සමහර බස්වල මුහුණ හා පිටු පස කහ පාට හා බඳ ඇලුමිනියම් ගාල තිබුණා. දැන් නම් මේවා ඩිපෝ සොහොනකවත් දකින්න නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්! මේ අඩවියේ ඇල්බියන් බස් රථයක ලිපිය තිබුන. ඒකත් මේ වගේම තමයි!

      Delete
  3. මේ බස් වර්ගය ගැන මම කමෙන්ට් එකක් දැම්ම වගේ මතකයි. මේවා තිබුනා 1972 වගේ කාලේ මාර්ග අංක 144 වැල්ලත්ත - නුගේගොඩ රූට් එකේ. ඉස්සරහ දොර තිබුනෙ ඉස්සරහ කෙළවරේමයි.

    ඒත් මට කවදාවත් මේ බස් එකකට නගින්න ලැබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. කීප දෙනෙක් ම ඉල්ලලා තිබුන මේක. එකයි පොතකින් උපුටල හරි දැම්මේ. මට නම් මේ බස් ගැන මතකයක් වත් නැහැ. මෙහෙම හරි දකින්න ලැබුණු එක ගැන සතුටුයි. :)

      Delete
    2. මාවතේ අපි.....January 6, 2016 at 9:14 PM

      ගාල්ලෙ මේ බස් එකක් තිබුනා මෑතක් වෙනකම්ම... අන්තිමට ඒක අහංගමදී හැප්පිලා තිබුනා ....ඊට පස්සෙ දැක්කෙ නෑ ඒ 1980 ගනන් වල අග ....

      Delete
  4. Uthpala,

    bohoma sthuthiy mama balaporoththu wuna bus dekak (Hyundai ekath athuluwa)photo navathath daka gaththa. mama nam eekale mee bus wala gihin thiyenawa. mama kalin comment ekaka kiyapu widiyata oya bus wala engin yatin thiyenne habai galle depot eke 1980 gananwala ekak diwuwa modification ekak karala layland engin ekak udin thiyala.
    oba habaama dakshayek mama hithanawa TAM buswalath photo oyata hoyaganna bariwena ekak naha. mage suba pathuma

    Manjula_ Galle

    ReplyDelete
  5. මෙම ඡායාරූපයේ දැක්වෙන බස් රථයෙන් ම 1973 වසරේ දී මහරගම සිට හෝමාගම තෙක් ගමන් කළා මා හට මතක යි. මා එවකට 10 හැවිරිදි දරුවෙක්. ඒ අවස්ථාවේ දී බස් රථය ධාවනය සඳහා යොදවා තිබුණේ මාර්ග අංක 124 මහරගම-ඉහළ බෝපේ මාර්ගයේ යි.

    ReplyDelete
  6. I was very happy to see this "TigerCub" photo in Town Hall area itself.In the yrs '64,'65,'66 & '67,i spent 1/2to 3/4 hrs between 2.30-3.15 just opposite the Town Hall, after the school in the car doing nothing but most of the time obsering buses taking the bend to Town Hall center road, i think F.R. Senanayaka Rd from Dharamapala Mawatha.l loved that Tiger logo very much. Tks.

    ReplyDelete