Showing posts with label Tiger Cub. Show all posts
Showing posts with label Tiger Cub. Show all posts

Tuesday, July 23, 2013

CTB bodied Leyland Tiger Cub from CTB Homagama depot

This photo was taken on 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Homagama depot, CTB bodied Leyland Tiger Cub bus (22ශ්‍රී2547) operated between Ingiriya and Colombo along the High Level road. In 1958 few buses received to CTB through private bus companies. End of the 1958 another 60 buses Acquired to the CTB fleet. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. Photo by Barry Wilkinson) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වූ ලේලන්ඩ් ටයිගර් කබ් වර්ගයේ බස් රථයක් මාර්ග අංක 125 යටතේ ඉංගිරිය හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක දී කොළඹ පුරහල අසල දී ලබාගත් ඡායාරූපයකි. මෙම බස් රථයේ බඳ ලංගම මගින් එකලස් කර ඇති අතර එන්ජිම බසයේ තට්ටුවට (Chassis) යටින් ඉදිරිපස රෝදවලට පිටුපසින් පිහිටා තිබීම විශේෂත්වයකි. එන්ජිම සිසිල් කිරීමට අවශ්‍ය වාතාශ්‍රය ලබාගැනීම සඳහා මුහුණත යටින් පිහිටි කවුළුව භාවිතා කර ඇති අතර එන්ජිම අලුත්වැඩියා කටයුතු සඳහා භාවිතා කර ඇත්තේ දෙපසින් පිහිටි පියන් ය. 1958 වසරේ බස් ජනසතුවේ දීම පුද්ගලික සමාගම් සතුව තිබී මෙම වර්ගයේ බස් රථ ප්‍රමාණයක් ලංගමට ලැබී ඇති අතර 1958 වසරේ අග බාගයේ දී තවත් බස් රථ 60 ක් ලංගමට ලැබී ඇත. මෙය ජනසතුවට පසුව ලැබුණු රථයකි (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. ඡායාරූප ශිල්පියා: Barry Wilkinson)