Showing posts with label BarryW. Show all posts
Showing posts with label BarryW. Show all posts

Sunday, December 17, 2017

CTB bodied Mercedes-Benz LP322 bus from CTB Kandy South depot

This photo was taken in 1971 in Kandy, Central, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Kandy south depot, CTB bodied Mercedes-Benz LP322 bus (23ශ්‍රී0648) in Kandy. Acquired to the CTB fleet in 1963.  Pic by: Barry Wilkinson -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, ලංගම බඳ සැකසූ මර්සිඩීස් බෙන්ස් LP322 වර්ගයේ බස් රථයක් 1971 වසරේ මහනුවර නගරයේ දී.  (ඡායාරූපය: Barry Wilkinson)

Wednesday, November 29, 2017

CTB bodied Austin 830WF bus from Ceylon Transport Board

This photo was taken in 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
A brand new, CTB bodied Austin 830WF 24 seater in Colomo in 1971. The bus is on  trade plates awaiting allocation of it's new registration number (Photo by: Barry Wilkinson) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) මගින් බඳ සැකසූ ඔස්ටින් 830WF වර්ගයේ නවතම බස් රථයක් 1971 වසරේ කොළඹ දී. 1970 දශකයේ මුල් භාගයේ පුද්ගලික අංශය විසින් ගෙන්වූ ලොරි තට්ටු (chassis) තොගයක් රජයට පවරාගෙන ලංගම වැඩපොළ වල දී බඳ සකසා ලංගම යටතේ මගී ප්‍රවාහනයට එක් කර ඇති මෙම බස් රථ ආසන 24 කින් සමන්විත වී ඇත. 23ශ්‍රී කාණ්ඩය යටතේ ලියාපදිංචි වී ඇති මෙම රථයට ඡායාරූප ලබාගන්නා අවස්ථාව වන විටවත් එහි ලියාපදිංචි අංකය ලැබී නොමැත. (ඡායාරූපය: Barry Wilkinson)

Tuesday, July 23, 2013

CTB bodied Leyland Tiger Cub from CTB Homagama depot

This photo was taken on 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Homagama depot, CTB bodied Leyland Tiger Cub bus (22ශ්‍රී2547) operated between Ingiriya and Colombo along the High Level road. In 1958 few buses received to CTB through private bus companies. End of the 1958 another 60 buses Acquired to the CTB fleet. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. Photo by Barry Wilkinson) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වූ ලේලන්ඩ් ටයිගර් කබ් වර්ගයේ බස් රථයක් මාර්ග අංක 125 යටතේ ඉංගිරිය හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවක දී කොළඹ පුරහල අසල දී ලබාගත් ඡායාරූපයකි. මෙම බස් රථයේ බඳ ලංගම මගින් එකලස් කර ඇති අතර එන්ජිම බසයේ තට්ටුවට (Chassis) යටින් ඉදිරිපස රෝදවලට පිටුපසින් පිහිටා තිබීම විශේෂත්වයකි. එන්ජිම සිසිල් කිරීමට අවශ්‍ය වාතාශ්‍රය ලබාගැනීම සඳහා මුහුණත යටින් පිහිටි කවුළුව භාවිතා කර ඇති අතර එන්ජිම අලුත්වැඩියා කටයුතු සඳහා භාවිතා කර ඇත්තේ දෙපසින් පිහිටි පියන් ය. 1958 වසරේ බස් ජනසතුවේ දීම පුද්ගලික සමාගම් සතුව තිබී මෙම වර්ගයේ බස් රථ ප්‍රමාණයක් ලංගමට ලැබී ඇති අතර 1958 වසරේ අග බාගයේ දී තවත් බස් රථ 60 ක් ලංගමට ලැබී ඇත. මෙය ජනසතුවට පසුව ලැබුණු රථයකි (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide. ඡායාරූප ශිල්පියා: Barry Wilkinson)

Sunday, November 18, 2012

Weymann bodied Albion Aberdonian bus from Ceylon Transport Board

This photo was taken in 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB/ now SLTB), Weymann bodied Albion Aberdonian bus (22ශ්‍රී1585) in Colombo. Pic by: Barry Wilkinson -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) යටතේ ධාවනය වූ බ්‍රිතාන්‍ය Weymann සමාගම මගින් බඳ සැකසු  ඇල්බියන් (Albion) Aberdonian වර්ගයේ බස් රථයක් 1971 වසරේ කොළඹ දී. 1958 වසරේ මෙම බස් රථ ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. ඡායාරූපය: Barry Wilkinson