Saturday, December 22, 2012

Greatwall Super bus from SLTB Ja-Ela depot

This photo was taken on December 21, 2012  in Ja-Ela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot Greatwall Super bus (JL 06 / 62-5214) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජා-ඇල ඩිපෝවට අයත් ග්‍රේට්වෝල් සුපර් වර්ගයේ බස් රථයකි. මෙම බස් රථය මුලින් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය සතුව පැවතී ඇති අතර පසුව ජා-ඇල ඩිපෝවට ලැබී ඇත. මෙම වර්ගයේ බස් රථ මුලින් වායුසමනය කල සුඛෝපොබෝගී බස් රථ ලෙස පැමිණියද වර්තමානයේ වායුසමනයකින් තොරව ධාවනය වේ. චීනයේ නිෂ්පාදිත ග්‍රේට්වෝල් වර්ගයේ තට්ටුවකට (chassis) පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. ඒකල වැඩපොළේ දී සිනො ලංකා (Sino Lanka Automobile) සමාගම මගින් බඳ (body)  සකසා මෙම බස් රථ නිපදවා ඇත. 1996 වසරේ එවකට පොකුරු බස් සමාගම්දී යටතේ ධාවනයට එක්වී ඇත.

This photo was taken on December 21, 2012  in Ja-Ela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 21, 2012  in Ja-Ela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ග්‍රේට්වෝල් සුපර් බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් (මුල් පෙනුම) පින්තූරයකි.
Click for the full size picture.

4 comments:

  1. මෙම බස් රථය ගැන නම් එතරම් දන්නෙ නෑ. ඒත් සාමාන්‍ය ග්‍රේට් වෝල් බස් රථ කඳුකර ප්‍රදේශවල නම් අතිශයින් ජනප්‍රිය වුණා. ඒකට හේතුව අඩු ගියර්වලින් කඳු ඇදීමේ හැකියාවත්, පවර් ස්ටීරියන් තිබීමත් නිසා. කෙසේ වුවත් මුල් කාලීන පැරණි රියදුරන්ට මෙය නුහුරු අත් දැකීමක් වී තිබුණා. අද මෙම බස් රථ ඉසුසු හා ලේලන්ඩ් වර්ග වල එන්ජින්, ගියර් බොක්ස් දාලා දුවනවා. එත් ඒවා එච්චර සාර්ථක වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. මුලින් ජනප්‍රිය උනත් පසුකාලීනව ග්‍රේට්වෝල් බස් ඉතා ඉක්මනින්ම ධාවනයෙන් ඉවත් උනා නේ. දැන් ලංගම යටතේ ධාවනයේ තියෙන්නේ බස් 7 ක් වගේ සුළු ගණනක්

      Delete
  2. ඒකට ප්‍රධාන හේතුව අමතර කොටස් නොමැති වීම හා පැවති කර්මාන්ත ශාලාවද වැසී යාමයි. කොහොම වුණත් 2001/02 වෙනකොට මේවා නැත්තටම නැතිවීම ආරම්භ වුණා.

    ReplyDelete
  3. Langadi mama may bus eka giya. Ahule maintenance num anthimai. Eth adinawa yaka wage

    ReplyDelete