Friday, June 15, 2012

Hino KC-HU2MLCA city bus from SLTB Kadawatha depot

This photo was taken on June 15, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Hino KC-HU2MLCA bus (KW 83 / NA-0579) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත් ' KC-HU2MLCA' වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 15, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2016 අගෝස්තු 12 යාවත්කාලීනය: මෙම බස් රථය පසුකාලීනව වායු සමන අලුත්වැඩියා කර අධිවේගී ධාවනය සඳහා යොදවන ලදී. අලුත් වැඩියාවෙන් පසු මෙම බස් රථය පිළිබඳව අප පළ කල ලිපිය මෙතැනින්

9 comments:

  1. ලොකු පාඩුවක් වෙන 1ක් නෑ,ගෙනියන්න පුළුවන් සෙනග ප්‍රමාණය වැඩි.ඉඩ කඩ ඇතිව හිටගෙන යන්න පුළුවන්.ගොඩක් බස් ටවුන් සර්විස් දුවන්නේ,කුරුණෑගල නුවර 602 මාර්ගයේ දුවන 1 කම ලංගම AC බස් 1 ක මේ වර්ගයේ 1ක්.කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ධාවනය වන නගරය තුල සේවා සදහා යොදාගෙන ඇත්තේ මෙම බස් රථ වර්ගයයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. බොහොමයක් මේ බස් නගර ආශ්‍රිතව තමයි ධාවනය වෙන්නේ. ඔබ ඔය කියන බස් එක මම දැක්ක.. මගේ යාලුවෙක් පින්තූරයක් දාල තිබුන.

      Delete
  2. ඔව් දකුණු ඩිපෝව මේ බස් රථ නගර සේවා සඳහා තමයි භාවිත කරන්නේ. කුරුණෑගල - මල්පිටිය, කුරුණෑගල - මල්කඩුවාව

    ReplyDelete
    Replies
    1. කුරුණෑගල දී ඔය බස් එකක පින්තූරයක් ගන්න යනකොටම පදිකයෙක් පැනල වැඩේ කෑවා. ඒ එක්කම මට කොළඹ එන්න බස් එක ආවා. හිත හදාගෙන ඒකේ නැග්ග. :D

      Delete
  3. මේවා කොච්චර පරණ ඒවාද?

    ReplyDelete
    Replies
    1. මේවා 1991-1993 අතර හදපු බස්. ලංකාවට ලැබුනේ 2005 වසරේ

      Delete
  4. ethakaota isuzu bus koi kale ewada????

    ReplyDelete
    Replies
    1. tsunami bus okkoma ekama age eke wage. 1990-1993 athara thamayi okkoma. :)

      Delete
  5. මේවා ලංකාවට ආ මුල් කාලයේ කි.මී.600000ක් විතර දුවලා තිබුණා.එච්චර දුව ලත් හොඳ තත්ත්වය ක තිබුණා.අපේ රටේ බස්රථ නඩත්තු ව මීට වඩා හොඳ වුණා නම් තව කාලයක් වැඩ ගන්න තිබුණ.

    ReplyDelete