Sunday, June 17, 2012

කැබිතිගොල්ලෑව බස් බෝම්බයට වසර 6 යි

ඒ 2006 වසරේ දිනයකි. ස්ථානය කැබිතිගොල්ලෑව යකාවැව ගම්මානයයි. කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක් (එවකට රජරට බස් සමාගම) 150 කට ආසන්න පිරිසක් රැගෙන ගමන් අරඹා තිබුණේ ඉදිගොල්ලෑව දෙසිනි.  එක්‌වරම සැතපුම් ගණනක්‌ දුරට කනට අමිහිරි මහා ශබ්දයක්‌ ඇසුණි.  මෙදින ඇසුණු මහ ශබ්දය වෙනදා ඇසීමට ලැබුණු ශබ්දයන්ට වඩා වෙනසක්‌ සැමට දැනුනි. වහ වහා ඒ දෙසට ජනකාය දිව එන්නට වූහ. පැමිණි පිරිසට දක්‌නට මිහිරි දසුනක්‌ නම් නොවීය. ඇතමුන් තම බිරිඳ දරුවන් අහිමිකර තිබිණි. තවත් අයට මව, පියා, සහෝදරිය - සහෝදරයා අහිමිකර තිබිණි. මෙසේ මහ විනාශයක්‌ කර තිබුණේ 2006 වසරේ ලෝකයම හඬා වැළපුණු කැබිතිගොල්ලෑව - යකාවැව බස්‌ බෝම්බ ප්‍රහාරයයි. සය වසක්‌ ගෙවී ගියද ලෝකයාට තවමත් එම ශෝචනීය මොහොත අමතක නොවී ඇත.

එදා 67 ක්‌ තරම් වූ බාල තරුණ මහලු භේදයකින් තොරව ජීවිත අහිමිකළ රුදුරු ත්‍රස්‌තයන් අද එහි නැත. අහිංසක බලාපොරොත්තු පොදිබැඳගෙන පුරුදු ගමනේ යන පෙරකී ප්‍රදේශවල ජනතාව අදටත් අලුත් බස්‌ රථයකින් යකාවැව බෝක්‌කුව පසුකර යන්නේ වසර හයකට පෙර එතනින් දුටු ලේ විල අමතක කර නම් නොවේ.

මෙලෙස  රුදුරු කොටි බෝම්බයට හසු වුයේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත්  වෙස්කෝ ටාටා වර්ගයේ බස් රථයකි. එහි ලියාපදිංච් අංකය 63- 2548 විය.

මෙම බස් රථය පිටුපසින්

No comments:

Post a Comment