Sunday, May 19, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 02

This photo was taken in February 25, 1978 in Jaffna, Northern, LK.
Click for the full size picture.
1978 වසරේ පෙබරවාරි මස 25 දින, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බිබිල ඩිපෝව යටතේ ධාවනය වූ ලං.ග.ම. බඳ සහිත මර්සිඩීස් බෙන්ස් LP 1113/42 බස් රථයක් (23ශ්‍රී2381), සේවක සුභ සාධන චාරිකාවක් අතරතුර යාපනය ප්‍රදේශයේදී. මෙම බස් රථය මුලින් බදුල්ල ඩිපෝව හා එක්වී ඇති අතර 1974 වසරේ බදුල්ල ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස බිබිල ඩිපෝව පිහිටුවීමට සමගාමීව එම ඩිපෝව වෙත ලබා දී ඇති මුල්ම බස් රථ පහෙන් එකකි. 

ඉංජිනේරු කරුණාදාස, ඉංජිනේරු ගුණසේකර, ගබඩා භාරකරු අතුකෝරල ඇතුළු බිබිල ඩිපෝවේ සේවක මහත්වරුන් පිරිසක් ඡායාරූපයේ පෙනී සිටී. යාපනයේ පිහිටි චිත්‍රාගාරයක් හරහා ලබා ගෙන ඇති ඡයාරූපය බී. ආර්. ජිනදාස මහතා ගේ මතක සටහනකි. අප වෙත එවන ලද්දේ කවිස්සර සංජීව මහතා විසිනි.

ඔබටත් ශ්‍රී ලංගම හා බැඳුනු මෙවන් සුන්දර මතකයන් තිබෙන්නට ඇති. ඒවා ලංගම බස් අඩවියේ පාඨක ප්‍රජාව සමඟ බෙදා ගැනීමට, ඡායාරූපයේ විස්තරද සමඟ අදම අප වෙත යොමු කරන්න>> sltbbus@hotmail.com

2 comments:

  1. 23 ග්‍රි 2395 1113 C type එකක් තිබුන නුවරඑළිය ඩ්පෝවේ. 23 ග්‍රි 2401 1113 C type එක තිබුනේ බණ්ඩාරවෙල ඩිපෝවේ . 23 ග්‍රි 2426 1113 C type එක නුවරඑළිය ඩිපෝවේත්, 23 ග්‍රි 2488 ,23 ග්‍රි 2486, 2498, 2534, 1113 B, type තිබුනේ ගම්පොළ ඩිපෝවේ. 23 ග්‍රි 2493, 2490 1113 B type තිබුණේ නාවලපිටිය ඩිපොවේ

    ReplyDelete