Saturday, June 9, 2018

AEC Routemaster double decker buses

AEC Routemaster බස් රථ මෙරටට ලබාදීමට පෙර, මෙරටට ඒවායේ යෝග්‍යතාවය පරීක්‍ෂා කිරීම සඳහා මුලින් එවූ RL 155 / 60ශ්‍රී2542 දරන බස් රථය 1991 වසරේ රත්මලාන ඩිපෝ අංගනයේ දී.  මේ වන විට මෙම බස් රථය ධාවනය නොවන අතර නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය මධ්‍යයේ අලංකරණය පිණිස ගාල් කර ඇත.
50 of ex London Transport, AEC  Routemaster double decker buses donated by the United Kingdom in 1989. Buses are attached to the Ratmalana, Negombo and Yatinuwara depots under the SRILANGAMA. -- 1989 වසරේ ජනවාරි මස බ්‍රිතාන්‍ය ආධාර ලෙස මෙරටට ලැබී ඇති මෙම AEC  (ඒ.ඊ.සී. /Associated Equipment Company) Routemaster (රූට්මාස්ටර්) වර්ගයේ දෙමහල් බස් රථ එදා මෙදා තුර ලංගම රථ ඇණියේ ආකර්ශනයක් දිනා ගත් තවත් බස් රථ වර්ගයකි. ඒ යටතේ ශ්‍රීලංගම ට ලැබුණු මුළු බස් ගණන 50කි. ඊට අමතරව එම බස් රථ මෙරටට ලබා දීමට පෙර ඒවායේ යෝග්‍යතාව පරීක්‍ෂා කිරීම සඳහා මුලින් 1 බස් රථයක් මෙරටට එවා ඇත. ඉහත ඡායාරූපයෙ දැක්වෙන එයට 60ශ්‍රී2542 දරණ ලියාපදිංචි අංකය ලැබී ඇති අතර එය රත්මලාන ඩිපෝවට අනියුක්ත කර ඇත. එහි පරීක්‍ෂණ ධාවනය සාර්ථක වූ තැන මෙම වර්ගයේ බස් රථ 50 ක් ලබා දී ඇත. ඒවාට 60ශ්‍රී66XX කාණ්ඩයේ ලියාපදිංචි අංක ලැබී ඇත.

AEC Routemaster රථ ශ්‍රී ලංගමට ලැබීමට සමගාමීව ඒවා ඩිපෝවන් 3ක් වෙත අනියුක්ත කර ඇති අතර එම ඩිපෝවන් වන්නේ රත්මලාන, මීගමුව සහ යටිනුවරයි. කෙසේ වූවද ධාවනය අවශ්‍යතා මත පසුකාලීනව ඒවා තවත් ඩිපෝවන් අතර හුවමාරු වී ඇත.
AEC Routemaster බස් රථ උත්සවාකාරයෙන් බෙදා දීම. 1989 ජනවාරි කොළඹ ගාලු මුවදොර පිටිය අසල.

ආධාර වශයෙන් අප රටට එවා ඇති මෙම බස් රථ ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් ආයතනය යටතේ ධාවනය වූ බස් රථය. නව තාක්‍ෂණය හා සම්මතයන් හඳුන්වා දීම සමඟ භාවිතා කරන රථ ඇණි එකවර ධාවනයෙන් ඉවත් කර වෙන්දේසි කිරීම එම ආයතනවල සිරිතයි. එලෙස ධාවනයෙන් ඉවත් කර වෙන්දේසි නොකොට ඒවායින් කොටසක් මෙලෙස අධාරයක් වශයෙන් මෙරටට සපයා ඇත. එලෙස 1980 දශකයේ අග භාගයේ ධාවනයෙන් ඉවත් කල මෙම රථ 1960 දශකයේ අග භාගයේ නිෂ්පාදිතය. එනම් අප රටට ලබා දෙන විට මෙම රථ බොහොමයක් වසර 20 ක ධාවන කාලයක් ඉක්මවූ ඒවාය.
බ්‍රිතාන්‍ය ආධාර වශයෙන් මෙරටට ලබා දුන් බව දැක්වෙන තහඩුව.
ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ ධාවනය වන AEC Routemaser වර්ගයේ බස් රථයක්. එවකට මෙම රථ ලන්ඩන් නගරයට ආවේනික සංඛේතයක් බඳුය.
1960 දශකයේ නිපදවූවද මෙම රථ ඉතා අපූරු ගුණාංගයන්ගෙන් සමන්විතව තිබී ඇත. මෙහි අවලම්බක පද්ධතිය ස්ප්‍රීන් ක්‍රමයේ අව්ලම්බක පද්දතියකි. සිලින්ඩර් 6ක එන්ජිමකින් බල ගැන්වෙන මෙම රථ ස්වංක්‍රීය මෙන්ම අර්ධ ස්වයංක්‍රීය ගියර් පද්ධති වලින් සමන්විතව පැමිණ ඇත. ඇතැම් රථ සතුව ලේලන්ඩ් එන්ජින් පද්ධති තිබී ඇති අතර ඇතැම් රථ සතුව AEC එන්ජින් පද්ධති තිබී ඇත. කෙසේ වුවද අවසන් නිපැයුම නිකුත් වී ඇත්තේ AEC සන්නාමය යටතේය. රථයේ ඇතුලත මෙන්ම රියදුරු කුටියද ඊටම ආවේනික ස්වරූපයක් ගන්නා අතර පහත මාලයේ ආසන සැකැස්ම තරමක් වෙනස්ය. රථ වල පිවිසුම් දොරටුව පිහිටුවා ඇත්තේ පිටුපස වම් පස මුල්ලට වන්නය. එය ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් බස් රථ වලටම ආවේනික වූ අපූරු සැකැස්මකි. රථයක ආසනගත මගීන් සංඛ්‍යාව 72ක් වන අතර නිර්දේශිත උපරිම මගී සංඛ්‍යාව 90 කි.
වර්තමානයේ ශ්‍රී ලංගම වෙන්නපුව ඩිපෝවට අයත් AEC Routemaster බස් රථයක පැති පෙනුම. 
රථ සතු ඉහල මාලයට පිවිසීම සඳහා වන පඩි පෙළ, පඩිපෙළ ඉහල සිට දර්ශණය වීමට සවි කර ඇති කන්නාඩිය සහ විදුළි සීනුව නාද කිරීම සඳහා වන බොත්තමක්.
මේ වන විට ශ්‍රී ලංගම වෙන්නපුව ඩිපෝවට අයත් බස් රථයක ඉහල මාලය.
මේ වන විට ශ්‍රී ලංගම රත්මලාන ඩිපෝවට අයත් බස් රථයක පහත මාලය.
මේ වන විට ශ්‍රී ලංගම මහනුවර දකුණ ඩිපෝවට අයත් බස් රථයක රියදුරු කුටිය.
2018 වසර වන විට ශ්‍රී ලංගම රථ ඇණිය සතුව ධාවන මට්ටමේ AEC Routemaster රථ 06 ක් පවතින අතර ඒවා රත්මලාන, මීගමුව, මහනුවර දකුණ, වෙන්නප්පුව, කුරුණෑගල දකුණ සහ මහරගම යන ඩිපොවන්ට අයත්ය. ධාවන මට්ටමේ නොමැති තවත් රථ 02ක් ද රථ ඇණිය තුල පවතී.

දැනට ධාවනයේ පවතින මෙන්ම පෙර පැවති  මෙම  වර්ගයේ රථ පිලිබඳ තව දුරටත් අවබෝධයක් ලබා ගැනීම සඳහා සියලුම Routemaster ලිපි වෙත මෙම සබැඳිය හරහා පිවිසෙන්න>> මෙතැනින් පිවිසෙන්න

3 comments:

  1. ඔය MH සහ MR වගේ ඩිපෝ වල තිබුන MCW බස් වලට මොකක්ද වුණේ?

    MH ඩිපෝවට බස් 3 ක් තිබුණා මතකයි.

    ReplyDelete
  2. Me bus පුළුවන් තරම් පරිස්සමින් balagamu

    ReplyDelete
  3. Dawanayen iwathkala eawa koheda thiyenne. Polonnaruwa depowata genath thiyana eka hadanna amathara kotas tikak hoyaganna one.

    ReplyDelete