Thursday, January 18, 2018

CTB bodied Fiat 650 E bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / now SLTB) Kandy North depot, CTB bodied Fiat 650 E bus (KN 56 / 23ශ්‍රී1824) playing on the route number 600 from Kandy to Harankahawa. Photo by Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත ෆියට් 650E වර්ගයට අයත් බස් රථයක් මාර්ග අංක 600 යටතේ මහනුවර සිට හරංකහව බලා ධාවනය වන අවස්ථාවකි. 1965 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථ, මුල් කාලීනව මහනුවර - යාපනය වැනි සීග්‍රගාමී සේවා සඳහා යොදාගෙන ඇත. කෙසේ වූවද වසර 16 කට පසු මෙලෙස අලුත්වැඩියා කොට කෙටිදුර සේවා සඳහා යොදවා ඇති බව පෙනේ. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉතා සුළු වෙනස් කම් සිදුවී තිබුණද එහි මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකී ඇති බව පෙනෙන්නට තිබේ. ඡායාරූපය: Dave Spencer

17 comments:

  1. දැනට මේ ජාතියේ බස් ධාවනයේ තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. පුරාවස්තු හොයනව වගේ අමාරුවෙන් හොයාගත්ත දේවල් කිසිම ලාභ ප්‍රයෝජනයක් නොලබා අපි වගේ පාඨකයන්ට දකින්න සලස්වල අහිංසක ආත්ම තෘප්තියක් ලබනඔබ වැනි මිනිසුන් මේ රටට සම්පතක් උත්පල.මොන බාධකය ආවත් මේ සේවය නවත්තන්න එපා.නිතර කමෙන්ට් නොදැම්මට අපි හැමදාමත් මේ බ්ලොග් එකත් එක්ක ඉන්නවා.සුභ පැතුම්!

      Delete
    2. හසිතගේ කමෙන්ටුවට මාත් එකඟයි.

      Delete
    3. ගොඩක් ස්තූතියි. ඔබේ කමෙන්ටුවෙන් දිරිමත් වීමක් ලැබෙනවා! :)

      Delete
  2. ඒ දවස් වල ඔය වගේම ඉදිරිපස පෙනුම තියෙන "OM" බස් රථත් උතුරු ඩිපෝවෙන් ධාවනයේ යෙදුන මතකයි.

    තවත් ඔය රූට් එකේම ධාවනයේ යෙදුන උතුරු ඩිපෝවට අයත් දොර දෙකේ "FIAT" පාන් ගෙඩි (පාන් ගෙඩි "මර්සිඩීස් බෙන්ස් 321" බස් වගේ) බස් එකකුත් තිබුන මතකයි . (1970 ගනන් වල මතකය :)

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ඒවගේ එකක පින්තුරයක් ....

      https://commons.wikimedia.org/wiki/File:Fiat_411.UM_Cansa_222.jpg

      Delete
    2. ඔය කියන්නේ Fiat 642 බස් එක. මෙතනින් බලන්න>>
      Click here to go to the post.

      Delete
  3. ඉතාමත් වටිනා පිංතූරයක්.මෙම බස්රථ ගෙන්වීමට මූලික වූ අනිල් මුණසිංහ මහතාව ඉතාමත් ගෞරවයෙන් මතක් කරන්න හිතුනා.මේවායේ අමතරකොටස් වෙනත් කිසිම වාහනයකට නොගැලපීම නිසා හොරකමත් අඩුවීමත් නඩත්තු වියදම් ඉතා අඩුවීමත් යන කරුණු මුණසිංහ මහතා සැලකිල්ලට ගෙන තිබුනා.මෙම බස්රථ ගෙන්වීමේදී කොමිස් ලෙස ඒ මහතාට ලැබුන fiat කාර් සියල්ලම ලංගම ජංගම පරීක්ෂක නිලධාරීන්ට ලබා දී තිබුනා. මෙම බස් රථ මහනුවර දකුණ.උතුර සහ මාතලේ ඩිපෝවලටයි අනුයුක්ත කර තිබුනේ.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේ බස්රථ B C සහD මාදිලි 3කින් ආවා.B මදියේ මගීන් 54 ක්ද C D 42 සහ36 වශයෙන්ද සඳහන් උනා.මධ්‍යම කඳුකරයට ඉතාමත් ගැලපුන බස්රථයක්. මේ තොරතුරැ මා දැනගත්තේ එවකට මහනුවර දකුණු ඩිපෝවේ කළමණාකරු වූ බණ්ඩාරනායක මහතාගෙන් වසර 20කට පමණ පෙර

    ReplyDelete
  6. මේ ජාතියේ බස් මහනුවර උතුරු ඩිපෝ එකේ 1996 වෙනකම්ම තිබුනා. මම පොඩි කාලේ ඉස්කෝල ගිය දුනුවිල මහනුවර බස් එකට සමහර වෙලාවට දානවා මෙ වගේම එකක්. වත්තේගම මහනුවර. පංගොල්ලාමඩ මහනුවර ඒ පැත්තට කහ කුරුල්ලා (latec) බස් දානකන් Isuzu , fiat බස් තමයි දිව්වෙ.

    ReplyDelete
  7. 604 පාරේ මෙයින් පුද්ගලික බස් එකක් ගොඩක් කල් වැඩ කළා

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි අපි පොඩි කාලේ ඔය බස් වැඩ කලා නුවර බොක්කාවල. පුද්ගලික බස්. මම හිතන්නේ ලංගම වෙන්දේසි කරපුවා.

      Delete
  8. Thank you for updating old memories. Highly appreciated your endeavours in this regard.

    ReplyDelete