Monday, September 1, 2014

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Mattakkuliya depot

This photo was taken on July 09, 2014 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Ashok Leyland Viking 193 Hinopower bus (MK 77 / NA-2939) at the Colombo central bus stand. The bus acquired to the SLTB fleet in 2006. Allocated for the services between Colombo and Avissawella under the route number 03. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. 2006 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 03 ඔස්සේ අවිස්සාවේල්ල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment:

  1. රජයේ සේවිකාවන් වන අපි බම්බලපිටිය සිට මිරිස්වත්ත දක්වා එකම බසයකින් ගමන් කිරීම නිසා අපේ ගමන් ගාස්තුව අඩුවුයෙමු. නමුත් මට්ටක්කුලිය ඩිපෝවෙන් යොදවා ඇති මිරිස්වත්ත බසය දැන් ප.ව 4.30 පෙර බම්බලපිටියෙන් පිටත්වේ. එවිට අපට මෙම බසය වෙත කාර්යාලයේ සිට ඒමට ඒමට නොහැකිවේ. මෙම බසය 4.30 වන විට බොරුල්ල ද පසුකර යයි. රජයේ සේවක සුබසාධනය සදහා යොදවා ඇති මෙම ලංගම සේවා පාරේ නිකරුනේ ධාවනයට වඩා තව විනාඩි 05ක් හෝ 10ක් පසුකර ථාවනය ආරම්භ කිරීමෙන් මිරිස්වත්ත හෝ ඒ ආසනන්යට ගමන්ගන්නා අපට මහත් පහසුවක් වනු ඇත. තවද මෙම රියදුරා නිතර නිතර බසයේ ගමන් ගන්නා මගීන්ට මෙන්ම පාරේ ධාවනය කරන වෙනත් වාහන වල රියදුරන්ටද පරුෂ වචනයෙන් පවා බැනවදියි. මොහු බසය පාරේ මැදින් ම ධාවනය කිරීම නිසා බම්බලපිටියේ සිට දෙමටගොඩ දක්වා බසයට නැගීමට සිටින මිරිස්වත්ත ආසනනයට ගමන්ගන්නා මගීන්ට මෙම බස්රථයෙන් ගමන් කළ නොහැකි වනවා සේම බස්රථයේ ආදායමද පහල යයි. මෙම රියදුරුගේ බසය ධාවනය ඉතාමත් නොසැළිකිලිමත් බැවින් රථය නිතර නිතර අනෙක් බස් රථ වලට වඩා නඩත්තු කටයුතු වලට යොමුකරනු ඇතයි ද අපට සිතේ. ලංගමයේ යහපත සදහා මෙන්ම අපගේ යහපත සදහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවෙතැයි බලාපොරොත්තු වෙමු.

    මෙම රියදුරුතැන නොමැති අවස්ථාවල පැමිණෙන තරුණ රියදුරු මහතුන් ඉතාමත් සංයමයෙන් බස් රථය ධාවනය කරන නිසා එවැනි රියදුරු මහතෙක් මෙම රිය ධාවනයට යොදවන ලෙසත් මොහුගේ ධාවන විලාසය කොළඹ සිට දුර පලාත් වලට ධාවනය වන බස් රථ සදහා නම් ගැලපෙන බවද අපේ නිරීක්ෂණයයි.

    ReplyDelete