Friday, November 8, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Udahamulla depot

This photo was taken on November 07, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Ashok Leyland Viking AC luxury bus (NB-6633) at the Colombo central bus stand. Ready to leave for Negombo via the Katunayake Expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. කොළඹ කලාපයේ සුඛෝපබෝගී බස් රථ සහිත තෙවැනි ඩිපෝව බවට උඩහමුල්ල ඩිපෝව මේ අනුව පත් වෙනවා. එහි පළමු හා දෙවන ස්ථානවල තිබෙන්නේ ම. බ. ක. (CBS) ඩිපෝව හා මහරගම ඩිපෝවයි.

9 comments:

  1. Mewaye thel wada karanne 1ltr ekata km keeyak da kiyala dana ganna puluwanda ?

    ReplyDelete
    Replies
    1. මේකේ චැසිය viking නිසා සාමාන්‍ය viking බස් රථයක තරමටම වගේ ඩීසල් පරිභෝජනය තියෙනවා. වායුසමන පද්ධතියට වෙනම එන්ජිමක් තියෙන්නේ. එකට වෙනම ඉන්ධන සැපයිය යුතුයි! :)

      Delete
  2. me bus ganne depot eke salli walinda?

    ReplyDelete
  3. mama dakka paththare thiyenawa CMB-CAK expressway eke duwana bus ekaka dayinika adayama Rs.45000 sita 58000 dakva kiyala. ewagema CMB-GLE expressway eke busuth CBS eken patan gaththanam adhayama mita wada vadikaraganna puluwanneda.private bus sangam walata bayeda ehema karanne naththe?

    ReplyDelete
  4. meka prakash body nemei azad???

    ReplyDelete
  5. බදුල්ල කොළඹ ( 99 ) මාර්ගයේ ප්‍රයිවට් බස් ටික අර්ධ සුඛෝපබෝගී බස් වෙලා මගීන්ව ගසාකන කොට බදුල්ල බණ්ඩාරවෙල ඩිපො වලින් බදුල්ල කොළඹ ( 99 ) දුවන බසුත් අර්ධ සුඛෝපබෝගී බස් වෙලා මගීන්ව ගසාකන පටන් ගත්තා. මෙවැනි මාර්ගයකට උඩහමුල්ල ඩිපොවේ සේවා ආරම්භ කර සාමාන්‍ය ගානට දුවන බස් දැම්මා. 99 පාරේ ලංගම අභිමානය තවමත් රකින්නේ උඩහමුල්ල.

    ReplyDelete
  6. මම දන්න තරමින් ලංකාවේ මාර්ගයක සුඛෝපබෝගී බස් සේවාව ලංගමින් ආරම්භ කරලා තියෙන්නේ බදුල්ල කොළඹ (99 ) මාර්ගයේ. මේ බස් එක ලක්සරි සේවාව කියලා තමයි යන්නේ. මුල් කාලයේ බදුල්ල කොළඹ (99 ) ලක්සරි සේවා බස් වල ආසන දින 30 ඉදිරියට වෙන් කරනවා. ඒ වගේම මේ සේවාවට වෙන් කර තිබුන බස් වල A/C නොතිබුනත් සුඛෝපබෝගී පහසුකම් තිබුනා. කිසිම හේතුවක් නිසාවත් හිටගෙන යන්න ගත්තේ නැ. කාලයක් මේ බස් වල කොන්දොස්තර හැටියට ගැහැණු අයෙකුත් වැඩ කලා. එහෙම තිබුනු ලක්සරි සේවාව අද තුට්ටු දෙකට වැටිලා. ලක්සරි සේවාව කියලා නාම පුවරුව දාගෙන පොල් පටවනවා. ඉස්සර දින 30 කලින් ගමන වෙන්කර ගත්ත මිනිස්සු අද ලක්සරිය දිහා බලන්නෙත් නැ. ඒ වගේම අර්ධ සුඛෝපබෝගී බස් සේවාව මුලින්ම ආරම්භ කරලා අද රටටම පිලලයන් උන කාලකන්නි සේවාවක් හදුන්වලා දුන්නෙත් බදුල්ල කොළඹ ( 99 ) මාර්ගයේ. අර්ධ සුඛෝපබෝගී බස් මගීන්ව ගසාකන පටන් ගත්ත මෙවැනි මාර්ගයකට උඩහමුල්ල ඩිපොවේ සේවා ආරම්භ කර සාමාන්‍ය ගානට දුවන බස් දැම්මා වගේම මේ වගේ සුඛෝපබෝගී බස් දෙක තුනකුත් දාලා කලින් තිබුන ගරු ගාම්භිර ලක්සරි සේවාවත් උඩහමුල්ලෙන්ම පටන්ගනිමු නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි! කොහොම උනත් චෝගම් බස් 100 ක් ලංගමට ලැබීමට යෝජිතයි නේ! ඉදිරියේ සුභවාදී වෙනසක් වෙයි! :)

      Delete