Thursday, April 5, 2012

Yutong ZK6118HGA (Micro) City bus from SLTB Luxury city service

This photo was taken on April 09, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) YUTONG ZK6118HGA (Micro) city bus (NB-2204) at Bambalapitiya. These buses are newly added to the luxury city service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) කොළඹ  සුඛෝපබෝගී නාගරික සේවා, නියමු ව්‍යාපෘතිය යටත් මයික්‍රෝ සමාගම හා ගමනාගමන මණ්ඩලය එක්ව, මාර්ග අංක 100 යටතේ ධාවනයට යෙදවූ නවතම යුටොන්ග් ZK6118HGA වර්ගයේ නගර සේවා බස් රථයක් බම්බලපිටියේදී. මෙම වර්ගයේ බස් රථ 05 ක් එම ව්‍යාපෘතිය යටතේ ධාවනයට යොදවා ඇත.

Side view of the bus -- මෙම බස් රථ පැත්තෙන් පෙනෙන ආකාරය
This photo was taken on Auguast 20, 2012 in Bamabalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.  
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 
This photo was taken on April 06, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. 

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on April 25, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

At Galleface Before handover to the SLTB -- ලංගමට ලබාදීමට පෙර ගාලුමුවදොර නවතා තිබියෙදී..
This photo was taken on February 01, 2012 in Galleface, Colombo, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.

45 comments:

  1. මේ බස් එකේ A/C එක උපරිමයට ම කරකවලා වගෙයි... ඒකනේ උෂ්ණත්වය 22.8°C ට බැහැලා තියෙන්නේ!

    ReplyDelete
  2. මේ බස් වල විස්තර මෙන්ම මිල ගණන් ද දාන්න පුලුව නම් හොදයි

    ReplyDelete
  3. කෝච්චියගෙ බ්ලොගේ කොම්න්ටුවකින් දැකල ලංගමේ හොයාගෙන ආවේ....:D හොද උත්සාහයක් ජයවේවා!!!!!!

    ReplyDelete
  4. මේවා CTB කියලා තිබ්බට අයිතිය නම් micro එකටම කියලයි මට නම් ආරංචි වුනේ.

    ReplyDelete
    Replies
    1. නැහැ.. බස් රථ නඩත්තුව පමණයි මයික්‍රෝ සමාගමෙන් කරන්නේ.. ඒකට හේතුව තමයි මේ බස් නඩත්තුවට විශේෂ දැනුමක් අවශ්‍ය වීම. නමුත් ටිකට්පත් නිකුත් කිරීම, කාලසටහන් සැකසීම ආදී පරිපාලන කටයුතු දැනටත් කෙරෙන්නේ ලංගමෙන්. අනිත් කාරණය තමයි තවමත් ඔය ව්‍යාපෘතිය යන්නේ පරීක්ෂණ ධාවනයක් විදිහට..

      Delete
    2. micro 1ta tiyena 1 hondai.nettam a bus walat jeewa kalaya keti wenawa.

      Delete
  5. ඔව් මටත් ආරංචි විදිහට මේ බස් සදහා මයික්‍රෝ සමාගමෙන් මාසිකව මුදලක් ගෙවනවා ලංගමයට කීර්ති නාමය පාවිච්චි කිරීම වෙනුවෙන්. රියදුරු සහ කොන්දොස්තර මහතාට වැටුප් ගෙවීම්, ඩීසල්, අළුත්වැඩියා කටයුතු මෙන්ම ගාල්කිරීම පවා සිදුකෙරෙන්නේ මයික්‍රෝ සමාගමේ වියදමින්. මෙහි ආදායම එම සමාගමම ලබාගන්නවා කියලයි ආරංචිය.

    ReplyDelete
    Replies
    1. මෙම බස්රථ මයික්‍රෝ සමාගම මගින් අධිවේග මාර්ගවල ධාවනයට යෙදවීමට පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. ඉහත මා විසින් සන්ධහන් කල පරිදි , මයික්‍රෝ සමාගමට අයත් මෙම බස්රථ නිසා ලංගමයට අමතර ආදායමක් ලැබෙන අතර ගුණාත්මක සේවයක් මගීන් හට ලබාදීමට හැකිවෙනවා. රාත්‍රී කාලයෙදී නුවර පාර පැලියගොඩ ප්‍රදේශයේ ඉන්ධන හලකින් ඉන්ධන පුරවාගන්නා බස්රථ තොරණ හන්දියේ පිහිටි මයික්‍රෝ රථගාල වෙත ගමන් කරන අයුරු දැක ගත හැක. මොවුන්ගේ ධාවන වාර සඳහා සීමාඇතිබව පැවසෙයි.

      Delete
  6. මේ බස් එකක යන්න ලොකු ආසාවක් තියෙන්නේ. තාම චාන්ස් එකක් ලැබුනේ නැහැනේ :(

    ReplyDelete
  7. මම නම් දැන් දහ පහලොස් වතාවක් මේවගේ ගමන් කරලා තිබෙනවා. ඇත්තටම මෙය කාලීන අවශ්‍යතාවක්. සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවල මගී ප්‍රවාහනයේ වැඩි බරක් දරන්නේ දුම්රිය සහ මෙවැනි බස් සේවාවක්. මාර්ග තදබදය අඩු කරන්න මේ මගින් පුළුවන්. මෑතකදී කියවූ පත්තර වාර්තාවක් අනුව දැනට භාවිතා වන පුද්ගලික වායුසමනා කල බස් ඉතාම අබලන් තත්වයේ ඒවා. ඉතිං මේ බස් ක්‍රමය දිගටම ක්‍රියාත්මක වේවි කියල තමයි මගේ බලාපොරොත්තුව. කෙනෙකුට කරදරයක් නැතිව රාජකාරියට යන්න මෙවැනි සේවාවක් ඉවහල් වෙනවා. මේ බ්ලොග් එක ආරම්භ කිරීම් ගැන උත්පලට මගේ ස්තුතිය. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.. ආරම්භ කර ඉතා කෙටි කලකින්ම මේ සේවාව ඉතා ජනප්‍රිය උනා.. ඇත්තටම අපේ බස් ක්‍රමය දියුණු විය යුතුයි..

      ගොඩක් ස්තූතී ඔබේ අගයකිරීම ගැන.. :)

      Delete
  8. එකෙක්ගෙන් අහල බලහන් ඔය බස් අයිති ලංගමටමද කියල...
    එතකොට කියයි විස්තරේ..
    ඔකෙ ලාන්චනෙ ලංගම උනාට අයිතිය ගෝටාට.
    මං මෙක දන්නෙ අපෙ තාත්ත ඔය කියන ලංගමේ නිසා,ඒ කට්ටිය බයිනව ඔක ලංගමට දෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. මේ බස් නඩත්තු වෙන්නේ මයිකෝ සමාගම යටතේ කියන එක ඇත්ත. මයික්‍රෝ සමාගම අයිති කාටද කියන්න නම් මම දන්නේ නෑ.. කොහොම උනත් දකින දකින දේ රාජපක්ෂලාගේ කියන එක දැන් විලාසිතාවක් වෙලා..
      මේවා ගැන කියනවානම් මේක තාම ක්‍රියාත්මක වෙන්නේ පරීක්ෂණ ධාවනයක් විදිහට. ඒ නිසා බස් නඩත්තුව සිදුවෙන්නේ මයික්‍රෝ සමාගමෙන්. මොකද මේ වගේ අධි තාක්ෂණික බස් එකවර ලංගමට නඩත්තු කරන්න බෑ.. ඒකට විශේෂ පුහුණුවක් මෙන්ම උපකරණත් ඕනේ වෙනවා.. කොහොම උනත් රජය තීරණය කලොත් මේ බස් තොගයක් ගන්න ඒ සඳහා අවශ්‍ය පුහුණුව හා පහසුකම් ලංගමට ලැබෙයි. මේ බස් සඳහා වෙනම ඩිපෝවක් ඉදි කරන බවටත් ආරංචි ආවා.. අපි බලමු!! :)

      Delete
    2. මයික්‍රෝ සමාගම අයිති ලොරෙන්සෝ පෙරේරා මහත්මයාට. http://www.microcars.lk/company/board_of_directors.php
      වෙනම ඩිපෝවක් ඇති කරනවා කියල කියල තිබ්බා ලංගමයට අයත් බස්රථ සඳහා පමණක්. තව නව බස්රථ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමේ සැලැස්මක් ආණ්ඩුවේ තියෙනවා (මයික්‍රෝ සමාගමට නෙවෙයි) . නමුත් ඒ සඳහා පුද්ගලික බස්රථ වල විරෝධයක් මතුවීද තිබුනා.
      උත්පල : මම මේ බ්ලොග් එක දැකල අමුතුම සතුටක් ලැබුවා.ඔබ පුදුම මහන්සියක් දරනවා මෙය හොඳින් පවත්වාගෙන යන්න. සාමාන්‍යයෙන් කෙනෙක් උනන්දු නොවන වෙනස්ම අරේක බ්ලොග් එකක්. දැනුම සමග රසවිදිනවා. ඔබට සුබ පැතුම්. !!!!!

      Delete
    3. ස්තූතියි ඔබේ අගයකිරීමට.. :)

      Delete
  9. ඇනොනිමස් මෑන්September 24, 2012 at 12:12 PM

    මේ බස් වල මොබයිල් ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් කියන්නේ ඇත්තද ?

    ReplyDelete
    Replies
    1. මේ YUTONG බස් රථයේ ඒ පහසුකම නැහැ.. නමුත් Volvo B7RLE රථයේ ඒ පහසුකම තිබෙනවා.. :)

      Delete
  10. bear grylls messer
    Here is my web site bear grylls messer

    ReplyDelete
  11. මෙම bus සේවාව ඇත්තටම හොද සේවාවක් මොකද මම ඉන්නේ සීදුවේ . සාමාන්නයෙන් මම යන්නේ a/c බස් වල ඉතින් දැන් මම colombo යනවනන් යන්නනේ මේ බස් වල තමයි.ඇත්තටම මේවා හොද තත්වයක තියෙනවා a /c එක හොදට එනවා අනිත් a /c බස් වගේ නෙමෙයි හොදට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මේ බස් සේවයට හොඳ ඉල්ලුමක් තියෙනවා. ප්‍රයිවෙට් බස් වල ගිහින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට මේ බස් සේවය යම් සහනයක්..

      Delete
  12. මේවගේ සේවාවක් මාතර colmbo අතර පටන්ගන්නේ නෙද්ද ?

    ReplyDelete
    Replies
    1. මේ බස් දුර සේවා සඳහා යොදා ගන්නේ නැහැ. මේවා හදල තියෙන්නේ නගර තුල කෙටි දුර ධාවනයට සුදුසු වෙන විදිහට. දුර ධාවනයට ගන්නවා නම් ගන්නේ අර අධිවේගී මාර්ගයේ ධාවනය වෙන බස් වැනි වර්ගයි..

      Delete
  13. 170 අතුරුගිරිය-පිටකොටුව route එකටත් මෙයින් බස් එකක් මේ ලගදි දාල. පිටකොටුවෙන් හවස පටන් ගන්නේ 5.00 ට කියල කොන්දොස්තර කිව්වා..මං බැලුව, බොරැල්ලට එන්නේ හවස 5.45 ට විතර..

    ReplyDelete
    Replies
    1. ඔව්. මම කීප දවසක් දැක්ක. තවම ඡායාරුපයක් ගන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ බස් රථය මිලේනියම් සිටී දකවා යනවා. මාර්ග තදබදය නිසා බොරැල්ලට එන්න විනාඩි 45 ක් යනවා ඇති..

      Delete
  14. දුර ගමන් සේවා වලටත් බස් සේවාවක් ආරම්භ කරනවා කියලා තිබුනා නේද (අධිවේගි මාර්ග හැර)මේ සේවාවත් පටන් ගත්තා නම් හොඳයි.ඉක්මනින් ජනප්‍රිය වෙයි.දැන් තිබෙන ප්‍රයිවට් බස් වල සුඛෝපභෝගි නමට විතරයි.

    ReplyDelete
    Replies
    1. මේ බස් වල ආසන, දොර, සහ අනෙක් බස් වලට වඩා පහතින් පිහිටන තට්ටුව නිසා මේ බස් ඔබින්නේ නගරයක් තුල කෙටි ධාවනයට. හිටගෙන වැඩිපුර මගීන් යන්න පුළුවන් විදිහට මේවා හදල තියෙන්නේ. පළල දොරවල් නිසා වැඩි මගී පිරිසකට ඉක්මනින් නැගීමේ බැසීමේ හැකියාව තිබෙනවා. ගාල්ලට දාපු බස් රථයත් එතරම් සාර්ථක වෙලා නැහැ මේ සිටි බස් වලින්. දුර සේවා වලට හොඳ අධිවේගී මාර්ගයේ යන උස තට්ටුව තියෙන වර්ගයේ බස්.. ඒවා හදල තියෙන්නේ දුර ගමනකට ඔබින විදිහට. :)

      Delete
  15. Very good blog..in a country like SL it is difficult to implement this kind of service. Coz ppl's mindset is in a vary.. they do not understands the requirememt of this kind of a service. It is very normal. Every city faces this problem when they do something new. After that it becomes normal. As Sudeeke said if we can have a metro it is much better. BUT to design a metro to a city like unplanned Colombo is not easy. Thats why in india delhi n bangalore could open their metros but still mumbai could not.
    I dunno is Micro company owned by Gothabaya. Or some one else. I dunno normal Ashok Laylend 138 kumar travles owned by whome... who ever is doing good personaly for me is good. Evan sambanthan or ranil can run put some good thing i dont mind.

    ReplyDelete
    Replies
    1. you are totally correct.. Thanks fro your ideas.. :)

      Delete
  16. මෙම බස් රථ වල කාල සටහන දැන ගැනිමට ක්‍රමයක් තිබේද ??

    ReplyDelete
  17. කසිකබල් ප්‍රයිවට් බස් වලට වැඩිය මේ බස් කොච්චර හොඳද? ප්‍රයිවට් බස් සීට්වල ඉඳගන්න බෑ..ඉඩ නෑ...දෙන්නගේ සීට් එකක ඉඳගත්තාම අයිනෙ ඉන්න මගියාගේ පස්ස බාගයක් එලියෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. දැන් අපේ මිනිස්සුන්ට ඉන්දියානු ලොරි බස් සහ ප්‍රයිවෙට් බස් වසංගතේ එපා වෙලා තියෙන්නේ. :/

      Delete
  18. චීන වාහන ෙහාදනෑ කියල වැරදි මතයක් අෙප් රෙට් තිෙයනවො. ඒ් උනාට අපිට වඩා සිය ගුණයකටත් වඩා විශාල චීෙන පුරාම දුවන්ෙන ඉන්දියන් ජපන් වාහන ෙනෙවයිෙන?

    ReplyDelete
  19. චීන වාහන ෙහාදනෑ කියල වැරදි මතයක් අෙප් රෙට් තිෙයනවො. ඒ් උනාට අපිට වඩා සිය ගුණයකටත් වඩා විශාල චීෙන පුරාම දුවන්ෙන ඉන්දියන් ජපන් වාහන ෙනෙවයිෙන?

    ReplyDelete
  20. මේ වගේ බස් එකක් දුවනවා අතුරුගිරිය පිටකොටුව. උදේට අතුරුගිරියෙන් ඇවිත් දවල් කාලයට මොරටුව කොලඹ දුවනවා. ආයෙ හවස අතුරුගිරි යනවා. මේකේ රියදුරු මහත්තයා තමා මාලක අයියා. හැමදාම උදේ හවස යන ඔෆිස් ක්‍රවිඩ් එක වෙලාවත ඉන්නවද කියලා විමසිල්ලෙන් යන්නේ. 177 ඒසී එකේ පොල් පටවලා යනවට වඩා මේකේ යන එක දාහෙන් සම්පතයි.

    ReplyDelete
  21. me bus walin ena income 1n 10% SLTB ekata denne. SLTB nama use kranne Income Tax eken berenna. Ok, mewa ayithi Rajapaksha la ta newi. me bus wala ayithi karaya kawuda kiyala SLTB eke aya godak dnnwa. e kena tma CTB eka kanne. apita kamak ne kawuru wunath. apita oni privet karayange respect bassanna. 122 colombo Rathnapura route ekatah mewage bus normal gasthu yatathe dnna kiyala mn kiyanwa. e taram senagak ennawa colombo Rathnapura Highlevel pare. CTB bus walata Aluth paren yanna amarui. me Ththwe ethi kale SLTB Rathnapura depowa. garawa kala 2002 di private walata hoda time table hadala deela dn boruwata dagalanwa.

    ReplyDelete
  22. බ්ලොග් එක දැක්කේ අද.. බලන්න, කියවන්න දේවල් ගොඩයි..

    ReplyDelete
    Replies
    1. අඃ! එහෙමද. මේක 2011 ඉඳල කරන්නේ. දැන් ලිපි 1000 පැනලා. කියවන්න ලොකු කාලයක් ගන්න වෙයි. කොහොම උනත් මේ පැත්තේ ආවට ස්තූතියි ඈ.. :)

      Delete
  23. මෙම බස් සේවය ජූලි මස මැද සිට නවතා ඇත. හේතුව හරියටම නොදන්නා නමුත් නිසි මාර්ග බලපත්‍ර වලින් තොරව ධාවනය කිරීම නිසා බව අසා තිබේ.

    ReplyDelete
  24. CITY BUS KALEENA AWSHYATAWAK.MICRO EAKEN BUS GATTOTH C.T.B EAKA IWARAI...ME JATIYA ASHOK LEYLAND CITY BUS TIYANAWA..TATA EAWATH TIYANAWA..LANKAWATA GALAPENAWA.. MAINTAIN PAHASUI,SPAIRPARTS ONATARAM...MICRO KARAYA KIYANNE LOKA HOREK..

    ReplyDelete
  25. ME bussewaya mathugama-colombo(430) atharath yodawalada? bus 1ka mila kiyada?

    ReplyDelete
  26. අපරාදෙ! අයිතිය කාගෙවුණත් දැන් මේ බස් දුවනවා දකින්න නෑ. මොකද වුණේ කියන්න ආරංචියක් නැද්ද? ඇත්තටම හොඳ සේවාවක් සැලසුණා මේ බස්ලිවලින්. නඩත්තුවත් හොඳින් කෙරුණා. පුද්ගලික අංශෙට තරගයක් දෙන්න ආණ්ඩුවයි මේ වාගෙ ආයතනයි එකතු වෙලා සුවපහසු ගමනාගමන සේවයක් සලසන්න කටයුතු කිරීම යුගයේ වුවමනාවක්.

    ReplyDelete