Saturday, April 14, 2012

Mitsubishi Fuso Aero Star city bus from SLTB Negombo depot

This photo was taken on February 8, 2012 in Oyamaduwa, Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Mitsubishi Fuso  Aero Star city bus (NA-1746) parked at the Deyata Kirula 2012 Exhibition premises, Oyamaduwa.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් මිට්සුබිෂි ෆූසෝ එයිරෝ ස්ටාර් වර්ගයේ බස් රථයක්, ඔයාමඩුව දැයට කිරුළ 2012 ප්‍රදර්ශන භූමියේදී. 2005 වසරේ මෙම බස් රථ ශ්‍රී ලංගමට ලැබෙන්නේ, 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට ලැබෙන ජපන් ආධාර වශයෙනි. කලක් ජපානයේ භාවිතා කර ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. අදටත් මෙම බස් රථ ගමන් ගන්නා මගීන්ට මෙන්ම රියදුරුටද බොහොමත් සුවපහසුය. දුනු වෙනුවට බැලුන් පද්දතියක් ඇති නිසා (air suspension) ගැස්සීම් ද ඉතා අවමය. කෙසේ වෙතත් මෙම බස් රථ නිසා ලංගමට ආරථිකමය වශයෙන් පාඩු වී ඇත. මෙම බස් රථ වල ඩීසල් පරිබෝජනය අනෙක් බස් වලට වඩා වැඩි වීම එයට හේතුවයි. තවද අමතර කොටස් මිල අධික වීම හා ඒවායේ හිඟයද ගැටළුවක් බවට පත්වී ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...