Showing posts with label Fleetline+ECW. Show all posts
Showing posts with label Fleetline+ECW. Show all posts

Friday, June 1, 2018

සජීව ලිපිය: 2018 ජුනි මස 01 දින ප.ව. 3.30 ට කොළඹ 02 නවම් මාවතේ දී.

This photo was taken on June 01, 2018 in Colombo 02, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
2005 වසරේ එංගලන්තයෙන් සුනාමි ආධාර ලෙස ලංගමට ලැබුණු මෙම ECW බඳ සහිත ලේලන්ඩ් ෆ්ලීට්ලයින් වර්ගයේ බස් රථයේ (RL 61 / NA-0781) නැගී එංගලන්ත ජාතිකයෙකු සමඟ කොළඹ නගර සංචාරයක යෙදීමට අද දින මා හට වාසනාව උදා වුණි. එංගලන්තයේ සිට විශාල මුදලක් වැය කොට ඔහු හුදෙක්ම පැමිණ තිබුනේ මෙම රථයේ සංචාරයක් යාමටය. මේ වන විට අප රටේ සංචාරකන්යන් ප්‍රවාහනයට ඉතා ආකර්ශනීය බස් රැසක් තිබියෙදීත් ඔහු මේ බස් රථය තෝරා ගැනීමට හේතුව පිළිබඳව මා තොරතුරු සොයා බැලුවෙමි.

1980 වසරේ එංගලන්තයේ ලේලන්ඩ් සමාගම මගින් නිපදවූ චැසියක් සහිත මෙම බස් රථය බල ගැන්වෙන්නේ Gardner වර්ගයේ එන්ජිමකිනි. මෙහි බඳ සකසා ඇත්තේ ECW නොහොත් Eastern Coach Works මගිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ වන විට මෙම මාදිලියෙන් ලොව ධාවන තත්වයේ පවතින එකම බස් රථය මෙය වීමයි. එංගලන්තයෙ සංරක්‍ෂිත බස් රථ තිබුනද ඒවා ධාවන තත්වයේ නොමැති බවයි සැල වූයේ. 1980 නිපදවූවද මෙම රථය සතුව බැලුන අවලම්බක පද්දතියක් පවතිනවා. ඒවා හුලං පිරී සක්‍රීය වන්නේ රථයේ එන්ජිම පණ ගැන්වූ පසුවයි. එහෙයින් මෙහි ගැස්සීම් ඉතා අවමයි. කෙසේ නමුත් ඒ වන විට වායු සමන මෙම බස් රථ වලට හඳුන්වා තිබී නැහැ. ලංගම සමඟ අපට දැක ගත හැකි, 1987 වසරේ නිෂ්පාදීත ලේලන්ඩ් MCW බස් රථ මේවාට පසුව හඳුන්වා දුන් මාදිලියකි.
දැන් මෙම රථ අප රට සතු මනා සම්පතක්. මේවයේ වටිනාකම් හඳුනාගෙන ඒවායින් උපරිම ඵල ලබා ගන්නටත් අනාගත පරපුර වෙනුවෙන් මේවා සංරක්ෂණය කරගන්නටත් අප වග බලාගත යුතුයි.

- උත්පල -

Saturday, December 8, 2012

ECW bodied Leyland Fleetline double decker bus from SLTB Ratmalana depot

This photo was taken on August 09, 2014  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, ECW bodied Leyland Fleetline double-decker bus (RL 61 / NA-0781) plying on the Galle road under the route number 100 near the Milagiriya Junction. Aquired in 2005 in SLTB service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට යටතේ ධාවනය වන, ECW බඳ සහිත ලේලන්ඩ් ෆ්ලීට්ලයින් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මාර්ග අංක 100 යටතේ ධාවනය වන අවස්ථාවක ගාලු පාරේ මිලාගිරිය මංසන්ධිය අසල දී. සම්පුර්ණයෙන්ම එංගලන්තයේ නිපදවා ඇති මෙම බස් රථ 2005 වසරේ බ්‍රිතාන්‍ය ආධාර ලෙස ශ්‍රී ලං.ග.ම.ට ලැබී ඇත.

මෙම බස් රථය ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.