Friday, August 9, 2019

ලංගම මතක සටහන් - ලිපි අංක 05

This photo was taken on April 09, 2009 in Ramboda,  Central, LK.
Click for the full size picture.
පස් වන මතක සටහන් ලිපිය ලෙස අප ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංගම හා බැඳුනු තවත් එක් අපූරු මතක සටහනකි. එනම් ඉතිහාසයේ පළමු වරට නුවරඑළිය නගරයට දෙමහල් බස් රථයක් ඇතුළු වීමේ මතක සටහනයි. ඒ අනුව 2009 වසරේ අප්‍රෙල් මස නුවරඑළිය වසන්ත උදානය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවේ 60ශ්‍රී6640 දරණ ලේලන්ඩ් රූට්මාස්ටර් වර්ගයේ විශේෂ සංචාර සේවා බස් රථය සහභාගී කරවා ඇති අතර 2008 වසරේ රම්බොඩ උමං මග ජනතා අයිතියට පත්වීමත් සමඟ එම පිවිසීමේ හැකියාව ලැබී ඇත. එවකට යටිනුවර ඩිපෝවේ ඉංජිනේරු වැඩ මූලික, සෙනරත් බණ්ඩාර මහතා විසින් රථය පදවාගෙන රම්බොඩ උමං මඟ ඔස්සේ  නුවරඑළිය වෙත පිවිසෙන අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

සෙනරත් බණ්ඩාර මහතා බස් රථය සමඟ නුවරඑළිය නගරයේ දී.
This photo was taken on April 10, 2009 in Nuwara-Eiya, Central, LK.
Click for the full size picture.
විශේෂ ස්තූතිය: ප්‍රිමාල් මධුසංක

3 comments:

  1. මගේ පාසැල් බසය මතක් උනා. 23 ශ්‍රී 2696 මහරගම ඩිපෝවේ තිබුන ඩබල් ඩෙකර් එක. වසර 45/50 කට පමණ පෙර හයි ලෙවල් පාරේ මොරකැටිය හන්දියේ සිට රාජකීය/තර්ස්ටන් ලෙස ධාවනය වූ එම බසයත් එයට මහත්සේ ආදරය කල රියදුරාත් අපි එහි නැගී යමින් සිදුකල නොහොබිනා දේවලුත් ජීවිතයේ සුන්දරම අත්දැකීම්. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කරන 23 ශ්‍රී 2696 බස් රථය ලේලන්ඩ් RT වර්ගයේ බස් රථයක් විය හැක. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි!

      Delete
  2. Dan narahenpeta hed office eke teyenne 23 2696 bus eka da

    ReplyDelete