Friday, June 1, 2018

සජීව ලිපිය: 2018 ජුනි මස 01 දින ප.ව. 3.30 ට කොළඹ 02 නවම් මාවතේ දී.

This photo was taken on June 01, 2018 in Colombo 02, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
2005 වසරේ එංගලන්තයෙන් සුනාමි ආධාර ලෙස ලංගමට ලැබුණු මෙම ECW බඳ සහිත ලේලන්ඩ් ෆ්ලීට්ලයින් වර්ගයේ බස් රථයේ (RL 61 / NA-0781) නැගී එංගලන්ත ජාතිකයෙකු සමඟ කොළඹ නගර සංචාරයක යෙදීමට අද දින මා හට වාසනාව උදා වුණි. එංගලන්තයේ සිට විශාල මුදලක් වැය කොට ඔහු හුදෙක්ම පැමිණ තිබුනේ මෙම රථයේ සංචාරයක් යාමටය. මේ වන විට අප රටේ සංචාරකන්යන් ප්‍රවාහනයට ඉතා ආකර්ශනීය බස් රැසක් තිබියෙදීත් ඔහු මේ බස් රථය තෝරා ගැනීමට හේතුව පිළිබඳව මා තොරතුරු සොයා බැලුවෙමි.

1980 වසරේ එංගලන්තයේ ලේලන්ඩ් සමාගම මගින් නිපදවූ චැසියක් සහිත මෙම බස් රථය බල ගැන්වෙන්නේ Gardner වර්ගයේ එන්ජිමකිනි. මෙහි බඳ සකසා ඇත්තේ ECW නොහොත් Eastern Coach Works මගිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ වන විට මෙම මාදිලියෙන් ලොව ධාවන තත්වයේ පවතින එකම බස් රථය මෙය වීමයි. එංගලන්තයෙ සංරක්‍ෂිත බස් රථ තිබුනද ඒවා ධාවන තත්වයේ නොමැති බවයි සැල වූයේ. 1980 නිපදවූවද මෙම රථය සතුව බැලුන අවලම්බක පද්දතියක් පවතිනවා. ඒවා හුලං පිරී සක්‍රීය වන්නේ රථයේ එන්ජිම පණ ගැන්වූ පසුවයි. එහෙයින් මෙහි ගැස්සීම් ඉතා අවමයි. කෙසේ නමුත් ඒ වන විට වායු සමන මෙම බස් රථ වලට හඳුන්වා තිබී නැහැ. ලංගම සමඟ අපට දැක ගත හැකි, 1987 වසරේ නිෂ්පාදීත ලේලන්ඩ් MCW බස් රථ මේවාට පසුව හඳුන්වා දුන් මාදිලියකි.
දැන් මෙම රථ අප රට සතු මනා සම්පතක්. මේවයේ වටිනාකම් හඳුනාගෙන ඒවායින් උපරිම ඵල ලබා ගන්නටත් අනාගත පරපුර වෙනුවෙන් මේවා සංරක්ෂණය කරගන්නටත් අප වග බලාගත යුතුයි.

- උත්පල -

3 comments:

  1. මේ බස් එකේ මුල් පෙනුමද, එහෙම නැත්තම් අලුත්වැඩියාවක් කලාට පස්සේ පෙනුමද?

    MCW බස් YT, PL අයටත් තිබ්බා මතකයි ඒවා දැන් වැඩ නැතිද?

    ReplyDelete
    Replies
    1. මේ මේකේ මුල් පෙනුමයි. වෙනස් වී නැත.

      YT හි MCW බසය මාතලේ කළුදෑවල වැඩපොළේ අලුත්වැඩියා කෙරෙන අතර PL හි බස් රථය ධාවනය වේ.

      Delete
    2. වියාපාරයක් සදහා මෙවෙනි බස් රථයක් ගැනීමෙදී අනුගමනය කල යුතු ක්‍රියා පිලිවිත කුමක්ද?

      හැකිනම් මෙම දු:ක අ0කයට ඇමතුමක් දෙන මෙන් කරුණාවෙන් ඉ ල්ලා සිටිමි...

      0769673075 - Ravitha Boteju

      Delete