Saturday, May 5, 2018

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලීය බස් රථ සංරක්ෂණ ව්‍යාපෘතිය


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ ලැබීමත් සමඟ මණ්ඩලය සතුව පැවති පැරණි බස් රථ ධාවනයෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් පසුගිය සමයේ දක්නට ලැබුණි. විශේෂයෙන්ම 2014 බස් රථ 2200 ව්‍යාපෘතියෙන් පසු එම තත්වයේ කැපී පෙනෙන වැඩි වීමක් දක්නට ලැබුණ බව කිව යුතුය. ජාත්‍යන්තර පොදු ප්‍රවාහන සම්මතයන්ට අනුව බස් රථයක උපරිම ආයු කාලය වසර 15 ක් පමණ වන බැවින් ඒ පිළිබඳව කිසිදු පාර්ශවයකට චෝදනා කිරීමටද හැකියාවක් නැත. නමුත් අතීතයේ භාවිත කරන ලද බස් රථයක් දැක ගැනීමට හෝ නොහැකි වී යාම පිළිබඳව බස් රථ වලට ආදරය කල සහ කරන බොහෝ දෙනෙකු තුල කනස්සල්ලක් වීය. මෙම කරුණු හේතු කොටගෙන ලංගම බස් අඩවිය හා සම්බන්ධව සිටින අප කීපදෙනෙකු විසින් බස් රථ සංරක්ෂණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට යෝජනා කරන ලද අතර එම ව්‍යාපෘතියට මණ්ඩලීය පරිපාලනය මගින් සුභවාදී ප්‍රතිචාරයක් ලැබුණි. මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක මට්ටමට පැමිණ ඇත. මේ යටතේ දැනට ඉතිරි වී ඇති බස් රථ වර්ග වලින් එක් බස් රථයක් බැගින් තෝරාගෙන එම රථ සංරක්ෂිත රථ ලෙස නම් කොට ඒවා මුල් පෙනුමටම අලුත්වැඩියා කොට ධාවන මට්ටමේ පවත්වාගෙනයාමට එමගින් යෝජනා කරන ලදී. ඒ වෙනුවෙන් පිටු 10 කින් යුතු සංරක්ෂණ ව්‍යාපෘති වාර්තාවක් අප විසින් සම්පාදනය කරන ලද අතර එහි සංශිප්තයක් පහතින් දැක්වේ.


ලංගම බස් රථ සංරක්ෂණ ව්‍යාපෘති වාර්තාව මගින් පහත කරුණු පිලිබඳ අවධානය යොමු කරවන ලදී.

  • ශ්‍රී ලංගම ගැන..
  • ලංගම ඉතිහාසය..
  • ලංගම බස් රථ සංරක්ෂණයේ වැදගත්කම..
  • බස් රථ සංරක්ෂණය විය යුතු ආකාරය..
  • සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා දැනට හඳුනාගෙන ඇති බස් රථ.
  • බස් රථ සංරක්ෂණයේ ප්‍රතිලාභ.

ශ්‍රී ලංගම ගැන...
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු අප රටේ ජාතික ප්‍රවාහන සේවයයි. 1958 බස් රථ 7200 ක ඇණියකින් යුතුව ලෝකයේ ලොකුම පොදු මගී සේවා සපයන බස් සේවාව ලෙස ඇරඹී මේ දක්වා විවිධ හැලහැප්පීම් වලට ලක් වෙමින් අදටත් නිහඬව ජනතා සේවය සපයමින් සිටී. ආරම්භයේ සිට අද දක්වාම ශ්‍රී ලංගමයට ආදරය කල, ඒ හා සමඟ හදවතින් බැඳී සිටි පිරිස බොහෝය. ආයතනය තුල සේවය කල පිරිස, ආයතනයෙන් අත්දැකීම් ලබාගත් පිරිස මෙන්ම ආයතනයෙන් සේවය සපයාගත් මගී පිරිසද ඒ අතර වේ. අද දක්වාම කුමන බාධා පැමිණියද ශ්‍රී ලංගමය පතාක යොධයෙකු මෙන් ඒ සියල්ල දරාගෙන තවමත් ජනතා සේවයේ යෙදී සිටින්නේ ඒ ශක්තිය නිසාමය. 


ලංගම ඉතිහාසය..

ලංගම යන නාමය ලාංකීය ජන පරපුර වෙත ආරෝපණය වීම සිදු වන්නේ 1958 වසරේ එවකට පැවති පුද්ගලික බස් සමාගම් 70ක් රජයට පවරා ගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් දිවයිනේ සමස්ථ මාර්ගස්ථ මගී ප්‍රවාහනය අත්පත් කර ගැනීම සමඟයි. 

කෙසේ වුවද බස් සමාගම් පවරා ගැනීමට පෙරම මණ්ඩලය පිහිටුවා තිබී ඇති අතර මණ්ඩලයට අවශ්‍ය මධ්‍යම වැඩපොළ ආදිය සෑදීම, නීති කෙටුම්පත් සැකසීම, බස් සමාගම් පවරා ගැනීමේ විධි ක්‍රම සැකසීම ආදිය සිදු වී ඇත. ලංකා ගමනාගමන මණ්ඩලය සතුව පැවති බස් රථ ඇණියෙහි පැරණි බව දිව යන්නේ 1958 වසර දක්වා යියි යමෙකුට එකවර සිතුනද, සමාගම් සතුව තිබී පවරා ගත් ඇතැම් බස් රථ 1940 ටත් වඩා පැරණි ඒවාය. එහෙයින් මණ්ඩලය සතුව 1958 වසරට වඩා බොහෝ අතීතයක් ගැබ්ව තිබී ඇති බව සඳහන් කළ යුතුය.


ලංගම බස් රථ සංරක්ෂණයේ වැදගත්කම..

ශ්‍රී ලංගම යනු ශ්‍රී ලාංකීය ජන පරපුර අතර මුල් බැසගත් සන්නාමයකි. වාරප්‍රවේශ පත්‍රයෙන් පාසල් ගිය සිසුවාගේ සිට රජයේ සේවකයන් ඇතුළු ලංගම හා බැඳී සිටි හා සිටින මගී පරපුර බොහෝය. ඊට අමතරව ආරම්භයේ සිටම ලංගම හා බැඳී සිටින සේවක ප්‍රජාවද, ලංගමයෙන් වෘත්තීයමය පන්නරය ලබාගෙන වෙනත් ආයතන වල මෙන්ම වෙනත් රට වල සිටින ප්‍රජාවත් ලංගම හා හදවතින් බැඳී සිටී. අතීතයේ ඔවුන් ලංගම හා ලබාගත් අත්දැකීම් ආවර්ජනය කිරීමට ලංගම ඉතිහාසය පිලිබඳ තොරතුරු පිරික්සීමේ පිපාසාවකින් ඔවුන් බොහෝ දෙනෙකු පෙළයි. අන්තර්ජාලය තුල පැරණි ලංගම රථයක ඡායාරූපයක් පල කල පසු දසදෙසින් පැමිණෙන ප්‍රතිචාර වලින් එය මනාව පිළිබිඹු වේ.

ශ්‍රී ලංගම බස් රථ සංරක්ෂණය වැදගත් වන්නේ හුදෙක් එහි ගමන්ගත් මගී ප්‍රජාව හා ඒවායේ සේවය කල සේවක ප්‍රජාව නිසාම නොවේ. ලංගම සතුව ලංගමටම ආවේනික බස් රථ තාක්ෂණයක්ද පැවති හෙයිනි. 1958 වසරේ වේරහැර මධ්‍ය වැඩපොළ ආරම්භ වන විට දකුණු ආසියාවේ පැවති විශාලම රථ වාහන වැඩපොළ බවට පත් වූයේ එයයි.  1977 වසරේ මැද භාගය වන විට ලංගම ඉංජිනේරුවන් විසින් 90% ක්ම දේශීයව බස් රථයක් නිපදවීමටද සමත් වී ඇත. 

එම බස් රථය 1995 වසරේ කිසිදු සංරක්ෂණයකින් තොරව පරණ යකඩ වලට වෙන්දේසි වී ගොස් ඇත්තේ වත්මන් පරපුරේ, අපේම බස් රථයක ගමනක් යෑමේ සිහිනයද යකඩ කර විකුණමිනි. යම් හෙයකින් මෙම බස් රථය සංරක්ෂණය කර තිබුනේ නම්, අද එයට මුල්ම ජනසතු බස් රථයටත් වඩා වටිනාමක් ලැබෙනු ඇත. මන්ද ඒ තුල ගැබ්ව තිබී ඇත්තේ අපේම මිනිසුන්ගේ හැකියාව හා ධෛර්ය්‍ය නිසාම වන බැවිනි.  ඊට අමතරව ලෝකයේ ප්‍රචලිත මාදිලි රැසක බස් රථ ලංගම මගින් නඩත්තු විය. ඒවා බොහොමයක බඳ මෙරටදීම ලංගම මගින් එකලස් කර ඇත. ඊට අමතරව බොහෝ අමතර කොටස් මෙරටදීම නිපදවීමට අතීත ලංගම සමත්ව තිබී ඇත.

පසුකාලීනව ලංගම වැඩපොළවල් පුද්ගලික අංශයට පැවරීමෙන් පසුවද මෙරටදී එකලස් කරන ලද අපූරු බස් මාදිලි පෙළක් ධාවනයට එක්වී ඇති අතර ලටෙක්, වෙස්කෝ හා කෙස්කෝ සන්නාම යටතේ ඒවා නිමවා ඇත. බ්‍රිතාන්‍ය තාක්ෂනය යටතේ සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා හා සුඛෝපභෝගී සේවා සඳහා එම බස් රථ නිමවී ඇති අතර පහසුකම් අතින් ගත් කල අද ධාවනය වන ඉන්දියානු බස් රථ වලට වඩා ඒවා බොහෝ සැප පහසු කමින් යුකත වූ බව කිව යුතුය. ඒවා අප රට සතු වූ විශිෂ්ඨ බස් රථ තාක්ෂණයේ ගුණාත්මක බව විදහා පාන කැටපත්ය.

ලංගම මගින් එකලස් කරන ලද බස් රථ වලට අමතරව විවිධ සමාගම් මගින් දේශීයව බඳ එකලස් කරන ලද බස් වර්ග රැසක් ලංගම රථ ඇණිය සතුව තිබී ඇත. ඒවා ශ්‍රී ලංකාවටම අවේනික මාදිලිය. මේ වන විට ශ්‍රී ලංකාවේ බස් රථ තාක්ෂනය ඉන්දියානු සමාගම් විසින් ආක්‍රමණය කිරීමත් සමඟ දේශීය බස් රථ එකලස් කිරීමේ කර්මාන්ත අකර්මන්‍යව ගොස් ඇති අතර දේශීයව නිපදවූ බස් රථ සීග්‍රයෙන් ධාවනයෙන්ද ඉවත් වෙමින් පවතී. ඒවා නිසි සංරක්ෂනයකට ලක් නොවුන හොත් දේශීය බස් රථ එකලස් කිරීමේ කර්මාන්තයම පිලිබඳ ඉතිහාසය වැළලී යනු ඇති.

දේශීයව එකලස් කරන ලද බස් රථ වලට අමතරව ඇතැම් පැරණි බස් රථ සම්පූර්ණයෙන්ම වෙනත් රට වලින් ආනයනය කර ඇත. ඒවාද ඇතම් මාදිලි නිෂ්පාදිත රට වලදී වත් දැක ගැනීම නැත්තේ ඒවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉල්ලුම මත නිපදවූ ඒවා නිසාය. ඇතැම් බස් රථ වලට රට රටවල් හා බැඳුනු උරුමයන් ද ඇත. උදාහරණයක් ලෙස 1980 වසරේ අග භාගයේ ජපන් ආධාර ලෙස ලංගම රථ ඇණිය හා එක්වී ඇති ඉසුසූ ECR 500 හා ELR 500 බස් රථ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය විදහාපාන සංඛේතයකි. එම බස් රථ ජපානය මගින් මෙරට වෙනුවෙන්ම නිපදවා ඇති අතර ජපානයේ හෝ ඒවා දක්නට නැත. එම මාදිලි දෙකෙන් ECR මාදිලියේ එකදු බස් රථයක් හෝ දැනට ධාවනයේ නැත. ඉතිරි වී ඇත්තේ ELR මාදිලියේ බස් රථ කීපයක් පමණි.

මෙම කරුණු නිසා දැනට ඉතිරි වී ඇති  පැරණි බස් රථ නිසි සංරක්ෂ්නයකට ලක් කර, ලංගම මෙන්ම දේශීය බස් රථ නිෂ්පාදන කර්මාන්තයම හා සම්බන්ධ ඉතිහාසය වැළලී යාමට නොදී රැක ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඔබට වැටහෙනු ඇත. බස් තාක්ෂණයට සම්බන්ද තොරතුරු වලට අමතරව කලින් කලට ලංගම ලාංඡනයේ, බස් රථ වල බාහිර පෙනුම ආදියෙහි සිදුවූ වෙනස් කම්ද, එක් එක් ඩිපෝවකට අදාළ චිත්‍ර හා අකුරු රටා ආදී ලංගම උප සංස්කෘතියට අදාළ වෙනස්කම් ද සංරක්ෂණය සඳහා අදාළ විය යුතුය යන්න අපගේ මතයයි. එහෙයින් සංරක්ෂණය කෙරෙන සියලුම බස් රථ එක් ස්ථානයකට රැස් කිරීමට යෝජනා නොකෙරෙන අතර බස් රථය පවතින ඩිපෝව තුලම තබා ඩිපෝව මගින්ම  එය රැක ගැනීමට වැඩ පිළිවෙලක් සැකසීම වඩා උචිත මෙන්ම ප්‍රයෝගික යැයිද සිතමු.


බස් රථ සංරක්ෂණය විය යුතු ආකාරය.

වර්තමානය වන විට ලංගම විසින් මුළුමනින්ම ආනයනය කල හා මෙරටදී එකලස් කල බස් රථ වලින් වැඩි ප්‍රමාණයක් අබිලි යකඩ වලට හෝ ගර්භිත බස් රථ ලෙසට සිය කාර්යභාරය නිමා කර වැළලී ගොස් අවසන්ය. එලෙස වර්තමාන පරපුරට දැක ගැනීමට හෝ නොහැකි වන ලෙස ඉවත්ව ගොස් ඇත්තේ මේ වනතෙක් ලංකා ගමනාගමන මණ්ඩලය සතුව නිසි සංරක්ෂණ වැඩපිළිවෙලක් නොමැති වීම නිසාය. මේ නිසා ශ්‍රී ලංගම විසින් අවම වශයෙන් දැනට ඉතිරි වී ඇති බස් රථ හෝ සංරක්ෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙනේ.

අප විසින් යෝජනා කරන ලද  සංරක්ෂනයන් සිදුවන ආකාරය මෙසේ සංශිප්ත කොට දක්වමු.
  • බස් රථ පිලිබඳ අවබෝධයක් ඇති අයවලුන් සහිත සංරක්ෂණ මණ්ඩලයක් කිරීම
  • සංරක්ෂනය සඳහා අවශ්‍ය බස් රථ හඳුනාගෙන ලැයිස්තුවක් සකස් කිරීම
  • තෝරා ගත් බස් රථ ගර්භිත නොකිරීමට, උපාංග වෙනස් නොකිරීමට කටයුතු සැලැස්වීම
  • සංරක්ෂණ මණ්ඩලය මගින් ලබාදෙන නිර්දේශ වලට අනුකූලව බස් රථ ඒවායෙහි මුල් පෙනුමට සැකසීම. (මුල් වර්ණය හා මුල් පෙනුම සුරැකෙන පරිදි)
  • අනාගතයේ එක්වන බස් රථ වර්ග සහ අනාගතයේ හඳුනාගන්නා බස් රථ වැඩපිළිවෙලට එකතු කිරීම

අප විසින් මෙම සංරක්‍ෂණ වැඩපිලිවෙල සඳහා යෝජනා කර ඇති බොහෝ බස් රථ දැනට අදාළ ඩිපෝවන් මගින් ධාවනය තත්වයේ පවත්වාගෙන යන බස් රථය. බොහෝ බස් රථ වල සුළු බොඩි අලුත්වැඩියා කටයුතු සහ වර්ණ ගැන්වීම පමණක් සිදු කිරීම බෙහෙවින් ප්‍රමාණවත්ය. එහෙයින් අලුත්වැඩියා කටයුතු වෙනුවෙන්  විශාල පිරිවැයක් දැරිය යුතු නොවේ. බස් රථය අදාළ ඩිපෝවේ දීම සංරක්‍ෂණය කෙරෙන බැවින් සමස්ථ ව්‍යාපෘතියටම මණ්ඩලය විශාල පිරිවැයක් හෝ වෙහෙසක් දැරිය යුතු නැත. සංරක්‍ෂිත යැයි නම් කොට බස් රථයක් එක් තැනක ගාල් කොට තැබීම වෙනුවට රථය පුනරුත්ථාපනයකොට ධාවන තත්වයේ තබා ගන්නා හෙයින් මෙය ඉතා ප්‍රයෝගික මෙන්ම කාලෝචිත වැඩපිළිවෙලක් යැයි අප විශ්වාස කරමු.  තවද මේ සඳහා අවශ්‍ය සහාය සහ අධීක්ෂණය බාහිරින් සිටිමින් මණ්ඩලය වෙත ලබා දීමට අප ද නිරතුරුව කැපවී සිටිමු.

සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා දැනට හඳුනාගෙන ඇති බස් රථ.

No
Make and Model
Depot
Remarks
1
22-2240
Fiat 642
Kandy North
 Preserved
2
22-4748
Mereced Benz - OP 3.12
Kurunegala W.S.
Staff bus
3
23-2393
Mereced Benz - LP 11.13/42
Balangoda
DTS bus
4
23-2795
Leyland Comet – CTB body
Matara
DTS bus
5
23-5855
Mereced Benz - L.P 3.22/42
Kegalle
DTS bus
6
23-9630
Ashok Leyland Viking CTB boded C type
Avissawella

7
29-0015
Tata - LP 12.10/42 SLCTB Body
Bandarawela

8
29-0441
Ashok Leyland - Viking  SCLTB Body
Kataragama

9
29-1099
Isuzu - BF 50 SLCTB Body
Udahamulla

10
29-4066
Tata - LP 12.10/42 Indian Body
Bandarawela

11
30-7211
Ashok Leyland Viking SLTB desgin LAL body
Gampaha

12
30-7501
Leyland - Tiger TL 11
Rathmalana

13
30-9553
TATA LP 1210/42 CTB bodied
Bandarawela

14
60-3631
Tata - LP 12.10/32 Indian Body
Badulla

15
60-6615
Leyland - RouteMaster
Kandy South

16
60-6914
ISUZU - ELR 500 - Kitamura bodied (turbo)
Kurunegala North

17
60-8831
Mercedes Benz - 11.13 Ekala
Chilaw

18
61-0544
Tata - LP 12.10/36 Indian Body
Keppetipola

19
61-0238
Mercedes Benz - 11.13 Kesco
Rambukkana

20
61-4597
Ashok Leyland - ACL Body
Kesbewa

21
61-5482
Tata - LP 12.10/52 Indian Body
Bandarawela

22
61-6697
Tata - LP 12.10/52 Latec
Nawlapitiya

23
62-3126
Tata - LP 909/36 Latec
Balangoda

24
62-0318
Ashok Leyland - Comet
Bandarawela

25
61-9179
Ashok Leyland Viking - LAL body
Anuradapura
Have to modify
26
62-1573
Tata - LPO 13.13/55 Dimo
Kurunegala North

27
62-3282
Tata - LP 12.10/52 Wesco
Mawanella

28
62-4286
Isuzu - MT 111 Wesco S.L.
Kesbewa

29
62-4778
Greatwall
Jaffna
DTS bus
30
62-7209
Tata - LPO 13.13/55 Wesco S.L.
Maharagama

31
62-8464
Ashok Leyland - Viking Kesco
Kesbewa

32
62-9956
Tata - LP 909/36  Ruby
Yatinuwara

33
63-0482
Isuzu - MT 11 Wesco A.C.
Kataragama

34
63-2823
Ashok Leyland Viking - BRIJ
Kappetipola

35
63-2975
Ashok Leyland Viking - Azad
Kuliyapitiya

36
63-2980
Ashok Leyland - Bharat
Thalangama

37
63-3380
Ashok Leyland - TVS Body
Bandarawela

38
63-4374
Tata - LP 15.10/52 Latec
Avissawella

39
GE-0795
Tata - LP 15.10/52 Latec
Negombo

40
NA-0570
Hino - Akashi
Kadawatha

41
NA-0769
Leyland - MCW
Rathmalana

42
NA-0781
Leyland - Fleet Line
Rathmalana

43
NA-1726
ISUZU Ciubc
Jaffna

44
NA-1727
ISUZU ULV32k
Gampaha

45
NA-1736
Mitsubishi - UMP
Polonnaruwa

46
NA-2212
Leyland - Atlantiyan
Rathmalana

47
NA-3857
Ashok Leyland Viking - Utlak
Mattakkuliya

48
NA-5325
TATA  LP 15.10/42 Antony body
Nuwaraeliya

49
NA-4875
Tata - LP 15.10/42 Ruby Body
Keppetipola

50
NA-6896
Ashok Leyland - Viking  Turbo
Kelaniya

51
NA-7145
Tata - LP 15.10/42 Turbo Indian Body
Kothmale

52
NA-9693
TATA LP 912/36 Marcopolo body
Anuradapura

53
NB-3637
Ashok Leyland Viking turbo – SLTB Ruby
Thalangama

54
NB-6496
Ashok Leyland - Lynx D
Nawalapitiya


සැ.යු.: මෙය අප විසින් මෑත කාලීනව ඩිපෝවන් හරහා ලබාගත් තොරතුරු හා ඡායාරූප මත පදනම්ව සකසන ලද්දකි. බස්රථයේ වර්තමාන තත්වය හා එය සංරක්ෂණය කිරීමේ ප්‍රයෝගික හැකියාව මත මෙම බස් රථ වෙනස් විය හැකිය. 


බස් රථ සංරක්ෂණයේ ප්‍රතිලාභ
  • ඒක එක් අවධියේ බස් ධාවනයට එක්වූ බස් රථ මොනවාද යන්න සහ ඒවා පැවති අකාරය පිලිබඳ අනාගත පරපුරට  අවබෝධයක් ලබාගත හැකි වීම.
  • ජාතික ප්‍රදර්ශන ආදියේ දී, සංරක්ෂිත රථ එක් ස්ථානයකට රැස් කර ප්‍රදර්ශනය කල හැකි වීම.
  • එක් එක් කාල වකවානු වලට අදාළව නිපදවෙන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහා කුලී පදනම මත ලබා දිය හැකි වීම.
  • පැරණි බස් රථ වලට ඇලුම් කරන අයවලුන් වෙනුවෙන් කුලී පදමින් ලබා දිය හැකි වීම.
  • අනාගතයේ ඉදිවන ප්‍රවාහන ප්‍රවාහන කෞතුකාගාරයක් වෙනුවෙන්, සම්පත් ආයතනය තුල ඉතිරි වීම.

ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය.
බස් සංරක්‍ෂණය පිලිබඳ වාර්තාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ම්ක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුමන් වෙත බාර දීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති හැකියාව පිලිබඳ සොයා බලන ලද අතර, එතුමන් ගෙන් ලද සහය සහ උපදෙස් මත, වර්ණ වෙනස් කිරීම් ඇතුළු නීතියමය කරුණු සම්බන්දයෙන් මණ්ඩලයේ සභාපතිතුමන් දැනුවත් කර එතුමන්ගෙන්ද ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාගෙන ඇත.

මේ වනවිට හඳුනාගත් බස් රථ පිළිබඳව ඩිපෝ මට්ටමෙන් දැනුවත් කිරීම් කර ඇති අතර එම බස් රථ ධාවනයෙන් ඉවත් නොකර පවත්වාගෙනයන ලෙස ඩිපෝ ඉංජිනේරු මගත්වරුන් දැනුවත් කර ඇත. බස් රථ කීපයක බොඩි අලුත්වැඩියා කටයුතු සහ වරණගැන්වීම් ආරම්භ කර ඇති අතර එක් බස් රථයක (63- 4374) වර්ණගැන්වීම් අවසන් කර ඇත. 

ඉදිරියේදී අදාළ බස් රථ සියල්ල ඒවායේ මුල් පෙනුමට අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වන අතර එම කර්තව්‍ය සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියළුමදෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.  

ව්‍යාපෘති සම්පාදනය 
  • උත්පල දිල්හාන්
  • ප්‍රීමාල් මධුසංක
  • රොෂාන් කුරේ

විශේෂ ස්තූතිය
  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගරු සභාපති රමාල් සිරිවර්ධන මැතිතුමා
  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - කාර්ම්ක, ජී. කේ. ආරියරත්න මැතිතුමා 
  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ කලමනාකාරු, මනෝජ් ගුණතිලක මැතිතුමා
  • ව්‍යාපෘතිය සඳහා අදාළ බස් රථ අයත් ඩිපෝ කලමනාකාර සහ ඉංජිනේරු මහත්වරුන් 
අවසන් යාවත්කාලීනය: 2018 මැයි 05 

41 comments:

  1. ඉතාම හොද වගේම වටිනා ව්‍යාපෘතියක් .

    ලංගමය පිළිබඳව වැදගත් ඓතිහාසික මතකයන් බොහොමයක් පුනරුත්ථාපනය වේවි කියලා විශ්වාස කරනවා.

    ReplyDelete
  2. MH ඩිපෝවට අයිති 67ශ්‍රී6605 තට්ටු දෙකේ බස් එකත් මේ List එකට ඇතුලත් කරන්න පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. මහරගම ඩිපෝවේ බස් රථය මුහුනත සුළු වෙනස්කම් දැකිය හැකි හෙයින් එම වර්ගයේ බස් රථ නියෝජනයට අපි යොදා ගත්තේ මහනුවර දකුණ ඩිපෝව සතු බස් රථයයි..

      Delete
  3. ඉතාමත්ම වට්නා කලෝච්ත හොද වැඩක්. අපිට තිබුණු පරණ ලංගම බස් දැන් බලන්න වෙන්නේ ඒ දවස්වල ගහපු ෆොටෝ වලින්. නැවතත් පෙර තිබුනු විදිහට හදන එකෙන් ලංගම අතීතය ඉලග පරම්පරාවටත් අප්ට පෙන්වන්න පුළුවන්.
    තව දෙයක් මේ වගේම ලංගම බස් වල ස්ට්කර් අලවන එක නවත්වන්නත් ක්රියාමාර්ගයක් ගන්න පුළුවන් වැඩ සටහනක් හදන්න පුළුවන් නම් ⁣හුගක් හොදයි.
    සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. ඔබ වහන්සේගේ කමෙන්ටුවෙන් උනන්දුව වැඩි වෙනවා!

      Delete
    2. සමාවෙන්න ඕන උත්පල අයියා වෙනුවට Reply එකක් දානවට

      ඒ වුනත්, අපේ හාමුදුරුවෝ කීව ලංගම බස්වල sticker අලවන වැඩේට මමත් තදින්ම විරුද්ධයි. sticker ගලවපු දාට බස් නිකන් වෙන ලෝකයකින් ගෙනාපුවා වගේ. හරිම කැතයි .

      Delete
    3. අදහස් දැක්වීමට හුගක් ස්තුතියි.
      මේ බස්රථත් එක්ක greatwall bus එකකුත් සංරක්ෂණය කරානම් හොදයි. මම දන්න තරමින් හගුරන්කෙත ඩිපෝවේ බස්රථයක් ඇති.

      Delete
    4. greatwall එකක් යාපනයෙන් දමා ඇති. යටිනුවර ඩිපෝව සතුවද එකක් ඇත. දෙකෙන් එකක් සංරක්‍ෂණය වෙවී. හඟුරන්කෙත ඩිපෝවේ දැනට එම වර්ගයේ බස් නැත.

      Delete
  4. ඉතා හොඳ වැඩ සටහනක්. අපි දැකපු බස් අපේ දරුවන්ටත් දැක ගන්න පුළුවන් මෙයින්. බණ්ඩාරවෙල ඩිපෝවේ සංරක්ෂණයට යෝජිත 30-9553 බස් එකේ මුහුණත වෙනස් කරල තියෙන්නේ. ඒක මගේ පින්තූරයකින් මේ ලිපියේ තියෙන යටිනුවර 30-9556 බස් එකේ මුහුණ විදියට හදන්න. ඒක ඔරිජිනල්.

    ReplyDelete
    Replies
    1. ඒ බස් ගැන අපි පුද්ගලිකව හොයා බලනවා.. ඒවා කියල වෙනස් කරගන්නවා.. :)

      Delete
    2. try to find a isuzu automatic bus

      Delete
  5. ජර්මන් ටෙක් එකේ තියෙනවා Tata 113 එකකුයි Tata 1113 1යි.

    thawa leyland comet ekk tiyenw Number eka IC-2800

    Tech eka CTB ekat thiyen kale idan duwapu bus..

    Bus Okkoma thama Duwanawa..

    ReplyDelete
    Replies
    1. ඔව්! ජර්මන් ටෙක් එක ලංගම යටතේ තිබ්බ නම් ඒ ටික ගන්න තිබ්බා :/

      Delete
    2. ඒ බස් ටිකට අතවත් තියන්න හිතන්න එපා. මොකද ඔවුන් ඒ බස් හොඳම තත්වයෙන් තියාගෙන ඉන්නවා.ජර්මන් ටෙක් එකේ ලංගමට අයිතිව තිබුණේ නම් එය බස් ටිකත් පරණ යකඩ වලට විකුනල දාල. ලංගම සතුව තිබූ අවසාන Ikarus බස් එක 22/1945 ටෙක් එකේ තිබුනේ.ලංගම නීති අනුව ඒක අළුත්වැඩියා කිරීමට මුදල් වියදම් කරන්න බෑ කියලා පරණ යකඩ වලට වික්කා. IC 2800 Leyland Comet, 22/1537 Mercedes Benz OP 312 (මේක නියම බස් චෙසියක් පිටුපස දුනු ඇක්සලයට යටින් තියන) 23/0001 Mercedes Benz , 23/3648 Mercedes Benz 1113 B, බස් තවමත් දුවන්නේ එතන තියෙන නිසා.ජර්මන් ටෙක් එකේ ලංගමට අයිතිව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තිබුණු කාලයේ මුදල් වෙන් කර තිබුණේ යන්තම් දුවන්න.1977-1990 දක්වා කාලය තුළ එහි ඉගෙන ගත් සහ සේවය කළ කෙනෙක් හැටියට මම ඒ බව හොඳින් දන්නවා.ටෙක් ඒක ලංගමෙන් අයින් කරල වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පත් කල නිසා අය-වැයෙන් අවශ්‍ය තරම් මුදල් ලැබෙනවා.ඒ නිසා නවීන තාක්ෂණය ඉගැන්වීමට අවශ්‍ය පහසුකම් සපයාගෙන ඉතාමත් ඉහල මට්ටමේ පුහුණුවක් සිසුන්ට ලබා දීම හැකි වී තිබෙනවා. තවත් වටිනා සංරක්ෂිත වාහනයක් එහි තිබෙන බව ඔබ දන්නවාද? CY 2086 Rolls Royce කාර් එක . මේ ව්‍යාපෘතිය ඉතා හොඳ එකක් නමුත් අවුරුදු 20 කටවත් පෙර පටන් ගත්තා නම් තව බස් ටිකත් බේරා ගන්න තිබුණා.

      Delete
    3. Ikarus එකට වුන ඉරණම තවත් ඒ වගේම දුරලභ බස් එකකට අත්වුනා.22/1618 Albion Abadonion ඒක. ලංගම නීතී නිසා වික්කා.මට මතක හැටියට දුවන තත්වයෙන් තිබු අන්තිම එක.

      Delete
    4. එහෙම එකක් නෑ. කොහොමත් පිස්සෝ පාලනය කරනකොට ඕනෑම ආයතනයක් පිස්සු වෙනවා. ඒක ලංගම වරදක් නෙමෙයි. එහෙනම් 2014 වෙනකන් ටෙක් එක තිබ්බේ ලංගම යටතේ නේ.. ඔය ටික යකඩ වලට විකුනන්න ඕන තරම් කල් තිබ්බා.. ජාතික සම්පත් විකුණන් කන කාලකන්නි බලයේ ඉන්නවා නම් ජර්මන් ටෙක් නෙමෙයි කෞතුකාගාරය ඇතුලේ තිබ්බත් උන් විකුනනවා..

      Delete
    5. කුමාර කියන්නේ ජර්මන් ටෙක් එක හරියට බස් මාර රැකිල්ලක් රකිනවා වගේ. අපි දැක්ක ලේලන්ඩ් කොමට් බස් එකකට අශෝක් ලේලන්ඩ් මූණක් තියෙන ඊයේ පෙරේද බස එකක් දූෂණය කරලා තිබ්බා..

      Delete
    6. Ic-2800 Body repair කරනවා මේ දවස් ටිකේ.. 3651 උඩුබද්දාවට යැව්වා බොඩි ගහන්න...

      Delete
    7. කුමාර සර් 1984 batch එකේ ප්‍රියනන්ද මතකද ලේත් එකේ හිටිය.. 87056

      Delete
    8. CY-2086 ඉස්සර ලංගමේ ලියුම් අදින්න අරගෙන ඔරුගොඩවත්ත නිල වාහන එකකයේ පැත්තකට දාලා තිබිලා තියෙනේ... අනිල් මුණසිංහ මහත්තයා කියලා තියෙනවා මේක මෙහෙම විනාස කරනේ නැතුව ටෙක් එකට දෙන්න කියලා...

      Delete
  6. ඔය image එකක තියෙන tata Letec බස් එක එහෙම පුනරුත්ථාපනය කරපු බස් එකක් ද ?

    ReplyDelete
    Replies
    1. ඔව්! ඒක තමයි පලවෙනි බස් එක!

      Delete
    2. Uthpala there is a Leyland bus in Kandy south depot. 62-6187.only two buses available for the country.

      Delete
    3. Ow eka me adath heerassagala - Kandy duwanawa.

      Delete
  7. Also that Tata bus 30_9556 Tata logo should be included. It will give an amazing appearance for the surface. Old logo is different than the one we see at present

    ReplyDelete
  8. උපාධි තියාගෙන රස්සාවල් නොකර අම්ම තාත්ත හම්බකරන දේ කකා බිබී ඒ හයිය අරගෙන හංදි ගානෙ කෑ ගහන කැම්පස් අයියල අක්කල නංගිල මල්ලිල ටික ඔය සෝබනේට උස්සන් ඉන්න බෝඩ් ලෑලි ටික බිම තියල ඇවිත් මේ කරන සත්ක්‍රියාවට දායක උනානම් ඒකත් ඇති මේ රටේ වෙනසක් කරන්න.රටේ විය යුතු වෙනස අඳුනගෙන ඒ වෙනුවෙන් කෑමොර නොදී උත්පල ඇතුලු කණ්ඩායම මේ කරන නිහඬ විප්ලවය මුලු ලෝකයටම ආදර්ශයක්.... ඒ ගමනට සොබාදමෙන්වත් බාධාවක් වෙන්නෙ නෑ ආශිර්වාදයක් මිසක්....
    එදා 1977 ලංකා 1 බස් රථය නිපදවල ලංගම ඉතිහාසයේ පලවෙනි විප්ලවය කරා...
    මම උත්පලව දකින්නෙ ලංගම ඉතිහාසයේ දෙවනි විප්ලවය කරන පුද්ගලය විදියට.. ඒක අවිහිංසාවාදී කැරැල්ලක්... ඒ ගමනෙදි අපි ඇඟේ වදින ලඟින් නොහිටියත් අපේ ආශිර්වාදය හැමදාමත් ඔබ ඇතුලු කණ්ඩායමට ලැබෙනව.......
    "තෙරැවන් සරණයි!"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ! දිරිමත් කරනවා ඔයාගේ කමන්ට් එක.. :)

      Delete
  9. Panadura dipot eke 60-5801 me project ekata include karanna.. Muladi mehema eka model eken eka gane gattata kamak na.. eth hama depowema tiyana parana bus mehema project ekak haraha araksha karanawanam hodai.

    ReplyDelete
    Replies
    1. ඒ බස් එක ධාව්නයයෙන් ඉවත් කරලා.. අපි ගත්තේ දැනට හොඳ මට්ටමේ තියෙන ඒවා. මොකද ලොකු වියදමක් කරවන්න ගියොත් අපේ වැඩේ කෙරෙන්නේ නැති නිසා.. හැම පරන බස් එකම සංරක්ෂනය කරන එකත් ප්‍රායෝගික නෑ. ලංගම ආදායම් තත්ත්වයත් එක්කනේ බලන්න ඕනේ..

      Delete
  10. පානදුර ඩිපෝ එකෙන් highway දුවපු සුනාමි බස් එක මොකෝ උනේ.?

    ReplyDelete
  11. NA-1811 (සුනාමි) mitshubishi Fuso

    ReplyDelete
  12. Meke thiyana dewal walin loku deyak igena gaththa langama gana. sthuti hamotama meaa page 1k hadapu.

    ReplyDelete
  13. Colombo rider bus එකක් නැද්ද

    ReplyDelete
  14. Meke thiyenawada GD,GE numbers awa comet minor bus ekak
    23-9066 model E size bus ekak

    ReplyDelete
  15. Tata 1510 thanidodara bus ekakuth danna
    GE number ekak
    Balangoda thiyenawa

    ReplyDelete
  16. Me bus sanrakshanaya karana list eke Gampola Depot eken bus 1k wat nane. GP Depot 1e Leyland Brij Body Bus 2k, Wesco TATA 1313 Bus 2k, DIMO Bus 1k tibuna Dan e 1k wat na. alut bus genawa witarai e okkoma ayn karala. Me Site 1e GP Depot eke Mr Uthpala 4tos dala tiyana Wesco isuzu mt 111 Bus 1, TVS Body Leyland 1, Latec 1510 bus1 .Me Bus 3ma me weddi na. Dawasin dawasa GP depot 1 pirihenawa. Alutin Genat tiyana Busut Winasa karala tiyenne. Mr Uthpala plz me gana poddak balanna.mehema bus winasa karana 1 jatika aparadayak..

    ReplyDelete