Thursday, February 1, 2018

CTB bodied Isuzu BF 50 bus from SLCTB Thalangama depot

This photo was taken in 1981 in Maradana, Colombo, Western, LK.
Click for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Thalangama depot, CTB bodied ISUZU BF50 bus (TL 89 / 23ශ්‍රී7214) playing on the "Green Circle route no. 1" at Maradana. Special Thank goes to Mr. Dave Spencer for this valuable photograph. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වූ ඉසුසූ BF50 වර්ගයේ බස් රථයක් "කොළ කවය 1" සේවය යටතේ කොටුව බලා ධාවනය වන අවස්ථාවක මරදාන නගරය පසු කරමින්. මෙම කොළ කවය බස් සේවය කොළඹ නගරය වටා කවාකාරයෙන් ධාවනය ධාවනය වී ඇති අතර ඕනෑම ස්ථානයකට අයකර ඇත්තේ එකම ගාස්තුවකි. මෙම කොළ කවය සේවා මහනුවර හා කොළඹ නගර ආශ්‍රිතව එකල ක්‍රියාත්මක වී ඇති අතර එම සේවා කොළ කවය 1, කොළ කවය 2 ආදී වශයෙන් අංක කොට ඇත.   1970 දශකයේ මැද භාගයේ ජපානයෙන් ගෙන්වූ තට්ටු මත ලංගම වැඩපොළ වලදී මෙම බස් රථ වල බඳ එකලස් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේ දීය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර්.

12 comments:

  1. // කෙසේ වූවද ඉදිරිපස ඇති මාර්ග අංක 1 දැක්වෙන පුවරුවෙන් උපකල්පනය කල හැක්කේ මහනුවර හා කොළඹ ...//

    ඔබගේ උපකල්පනය නිවැරදි නොමැත මිතුර;

    1978 සහ 1981 අතර කාලයේ කොළඹ වටා යන "කොළ කවය" නමින් හැදින්වූ බස් සේවාවක් හදුන්වා දෙන ලදී. මෙම බස් රථ වල මාර්ග අංකය කොළ පැහැති කවයක් මැද (චයාරුපයේ පරිදි) අංකය කහ පැහැයෙන් සටහන් කොට තිබුණි. මෙවැනි මාර්ග අංක පුවරු බස් රථයේ පැති හතරේම අමුණා තිබිණි.

    මා මහනුවර පදිංචිව සිටි අයෙකු නිසා කොලබ ධාවනයවූ "කොළ කවය" සේවාවන් කුමන මාර්ග ඔස්සේ ධාවනයවිනිද කියා නොදනමි.

    කොළබ ඇරබී මෙම සේවාවට සමගාමීව මහනුවර - දකුණ ඩිපෝවෙන්ද "කොළ කවය" සේවාවක්, මහනුවරද ආරම්භ කරන ලදී. "කොළ කවය - අංක 1" පිළිමතලාව සහ පොල්ගොල්ල අතර ධාවනයවූ අතර "කොළ කවය - අංක 2" මහකන්ද සහ අලවතුගොඩ අතර ධාවනය විය.

    එදවස් වල අප කොයිකා අතරත් ජනප්‍රියවූ මෙම "කොළ කවය" සේවාව (කටපුරාම) "ග්රීන්සකල්" කියා සිංහලෙන්ම හැදින්වීමට පුරුදුව සිටියෙමු. :)

    මට අදවගේ මතකයි අලුත්ම - අලුත්, ගොඩක් දිග, ඉස්සරහම දොර තියෙන (ඒ දවස්වල "ලේලන්ඩ්" දොර දෙකේ බස් වල විතරයි ඒ විදිහේ ඉදිරිපස දොරක් තිබුනේ) "ටාටා" තමා "කොළ කවය - අංක 1" ට දීවේ. ඒවායේ නොම්මර තමා 29 ශ්‍රී 18, 29 ශ්‍රී 23 , 29 ශ්‍රී 41 වගේ ඒවා.

    "කොළ කවය - අංක 2" ට දීව්වේ ඔය පින්තුරයේ තියෙන ආකාරයේ අලුත්ම අලුත් "ඉසුසු" බස්රථ.

    ඒ දිනවල "මහනුවර උතුර" ඩිපෝවෙන්ද මෙවන් සේවාවක් අරබන බවට හාවක්-හුවක් ගියද, එවැන්නක් කිසිදිනක ආරම්භවුයේ නොමැත. :(

    ඔබට බෙහෙවින්ම ස්තුතියි ඔබගේ වටිනා කාලය වැයකොට; ඒ දවස්වල අපි ආදරය කල අපේ පැරණි බස් රථ වල චායාරුප - තොරතුරු රැගෙනවිත් අපව ඒ සුන්දර අතීතයට රැගෙන යනවාට.

    ReplyDelete
    Replies
    1. මා මෙය නිවැරදි කරන්නම්. ස්තූතියි ඔබේ කමෙන්ටුවට!

      Delete
    2. /මට අදවගේ මතකයි අලුත්ම - අලුත්, ගොඩක් දිග, ඉස්සරහම දොර තියෙන (ඒ දවස්වල "ලේලන්ඩ්" දොර දෙකේ බස් වල විතරයි ඒ විදිහේ ඉදිරිපස දොරක් තිබුනේ) "ටාටා" තමා "කොළ කවය - අංක 1" ට දීවේ. ඒවායේ නොම්මර තමා 29 ශ්‍රී 18, 29 ශ්‍රී 23 , 29 ශ්‍රී 41 වගේ ඒවා.// ඔය නොම්බර වලට ආසන්න නම් තියෙන බස් දෙකක් අනූව දශකයේ මුල් කාලේ රත්තොට මාතලේ වැඩ කලා. ඒවත් ඉස්සරහ දොර තියෙන ටාටා බස්.මුලින්ම එවා ධාවනය කරලා තියෙන්නේ වැඩිපුරම නුවර මාතලේ. අවසානයේ මේ බස් දෙක දිරන්න දාලා තියෙනවා දැක්කා මාතලේ ඩිපෝවෙ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. YT depot had lots of these buses. They were used to run between kandy Colombo
    And also short journey. But KS depot did not have these Isuzu buses much. They had Tata. Some of them were built completely in India. now none of them run in the service. Only old bus kandy
    south has and in the service is 22_2954
    It is a Benz but seems a Tata engine has fixed to that

    ReplyDelete
  4. Kurunegala North depot also had a fleet of those Isuzu buses. Two or three buses were used until year 2000 in Mathale- K/gala route.

    ReplyDelete
    Replies
    1. 29-4315/29-4653/29-4254/23-9524 Isuzu KGN depot 2000 wenakam hodatama duapu bus eka tamai 29-4315. A bus wala pick-up ekata dan tiyana 1ka bus ekakwath kittu karannawath ba. A taram quality.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කොළ කවර ,බස් සේවාව 1978දි ආරම්භ කළේ. ( 1)රාජගිරිය -කොටුව. (5)කඩවත-කොටුව මට මතකයි . මුලින්ම කාන්තා කොන්දොස්තර වරියන් සේවය කළේ කොළ කවයේ.බස් රථයේ තනි ආසන තිබුණේ.අලුත් ම බස් දමා තිබුණා.කඩවත ඩිපෝවේ තිබුණේ 23ශ්‍රී 8463" 23ශ්‍රී 8465,23ශ්‍රී 8467,23ශ්‍රී 8471,23ශ්‍රී 8472,23ශ්‍රී 8475 යන බස්රථ යි.

    ReplyDelete
  7. Mewa orginal isuzu bus.ai mewa layland කියන්නේ

    ReplyDelete
  8. Lalithl Prasanna SuriyaarachchiOctober 22, 2020 at 11:32 PM

    මේ බස්රථ ලේලන්ඩ් තමයි කඩවත ඩිපෝවේ තිබුණේ ලේලන්ඩ් විතරයි 1978-1985 කාලයේ.

    ReplyDelete