Saturday, September 30, 2017

Ashok Leyland Viking Turbo bus from SLTB Kataragama depot

This photo was taken on September 22, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KTG 10 / NC-1199) at the Jaffna central bus stand. The bus allocated to the Kataragama 218 Jaffna service via Monaragala, Bibila, Mahiyanganaya, Polonnaruwa, Habarana, Anuradhapura, Medawachchiya, Vavniya, and Kilinochchi. This will be the longest route of the transport board for the time being  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 218 යටතේ යාපනය හා කතරගම අතර (මොණරාගල, බිබිල, මහියංගනය, පොළොන්නරුව, හබරණ, අනුරාධපුරය, මැදවච්චිය, වව්නියාව, කිළිනොච්චිය හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

කතරගම 218 යාපනය බස් සේවාව

කතරගම යාපනය බස් සේවාව යනු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන දිගුම ධාවනයයි. සේවාව සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනු ලබන්නේ ශ්‍රී ලංගම කතරගම ඩිපෝව මගින් වන අතර මේ සඳහා බස් රථ යුගලයක් යොදා ගැනේ. මාර්ගය යටතේ ධාවනය වන මුළු දුර ප්‍රමාණය කි. මි. 550ක් වේ. මෙම ගමන් මාර්ගය මගින් මොණරාගල, බදුල්ල, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, වව්නියාව, මුලතිව්, කිළිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්ක 09 ආවරණය වේ. සමස්ථ ධාවන කාලය පැය 12කට ආසන්නය. කතරගම දේවාලයේ වතාවත් සඳහා යන උතුරේ මගී ජනතාවට අතිමහත් සේවාවක් මෙම බස් රථ මගින් ඉටු වන බව සැලයි. යාපන ගමන අවසානයේදී බස් රථ රාත්‍රී ගාල් කෙරෙනුයේ ශ්‍රී ලංගම යාපනය ඩිපෝ පරිශ්‍රයේ ය.

බස් රථ පිටත්වීම 
කතරගමින්       19.20
යාපනයෙන්      18.20

ආශ්‍රිත: අපේ ලංගම

2 comments:

  1. ලංකාවේ ලංගම මගින් සිදුකරන දිගම ධාවනය මාතර දෙවුන්දර සිට යාපනය පේදුරුතුඩුව දක්වා දිවෙන බස් සේවය කියලා ලක්බිම පත්තරේ ලිපියක් පල උනා දැන් කාලෙකට කලින්.

    ලංකා අශෝක් ලේයිලන්ඩ් සුපර් වයිකින් ටර්බෝ ඩිසල් එන්ජිම සහිත බස් දෙකක් ධාවනය වන්නේ. රියදුරන් දෙදෙනක් ගමන් කරනවා එක් බස් රථයක. ගමන දුර නිසා දේ දෙදෙනා මාරුවෙන් මාරුවට බස් එක පදවන්නේ. මාතර ඉදන් වව්නියාව පැත්තට යනකං සිංහල සින්දු දාගෙන, එතනින් එහාට ද්‍රවිඩ ගීත අසමින් ගමන යනවා කියලා තිබුනා.

    ලිපියේ මාතෘකාව තිබුනේ 'සිංහල දෙමල සින්දු සමෝසමේ අසමින් යාපනේ යමු' වගේ එකක් මට මතක හැටියට.

    ලක්බිම පත්තරෙන් ඇහැව්වා නං ලිපිය හොයාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  2. මෙම බස්රථය තිස්සමහාරාමය.වීරවිල,ලුණුගම්වෙහෙර හරහා යන බැවින් හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණය වන බැවින් අවම වශයෙන් දිස්ත්‍රික්ක 10ක් මෙමගින් ආවරණය වේ

    ReplyDelete