Saturday, December 3, 2016

2016 දෙසැම්බර් 02 පෞද්ගලික බස් වර්ජනය



නියමිත ධාවන මංතීරුවෙන්, ගාලුපාරේ කොළඹ දෙසට ඇදෙන ලංගම සගයන්.
වැඩි කිරීමට නියමිත රථ වාහන දඩ අඩු කරීමට සහ තවත් ඉල්ලීම් මුල් කර ගනිමින් 2016 දෙසැම්බර් මස 02 වන දින පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර එදින පෞද්ගලික බස් සියල්ලක්ම පාහේ ධාවනයෙන් ඉවත්විය. එදින පොදු ප්‍රවාහන බස් රථයක් වෙනුවෙන් මාර්ගයට පැමිණි සෑම මගියෙක්ටම ප්‍රවාහන පහසුව සැලසීමේ අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුවිය. එම අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංගම කාර්ය මණ්ඩල මහත් කැපවීමේන් උත්සහ කල බව කිව යුතුය. දිවයින පුරා පුද්ගලික බස් රථ 25000ක් පමණ ධාවනය වන බවට සැලකේ. ශ්‍රී ලංගම සතුව ඇත්තේ බස් රථ 6000ක පමණ ඇණියකි. මෙම සීමිත සම්පත් යටතේ හැකි උපරිමයෙන්, ශ්‍රී ලංගමය වර්ජනයට මුහුණදුන් බව කිව යුතුය. එදිනෙදා බස් රථ භාවිතා කරන මගීන් බොහොමයක් එදින බස් රථ වෙනුවෙන් පාරට නොපැමිණියද, බස් රථයක් බලාපොරොත්තුවෙන් පාරට පැමිණි සෑම මගියෙක්ටම පාහේ ප්‍රවාහන සේවා සැලසීමට ලංගමයට හැකි වූ බව කිව යුතුය. එම මගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පැමිණි ලංගම බස් රථ වලට වැටුනේ මල් වැසි නොව ගල් මුල් ප්‍රහාරය. ලංගම බස් රථ 128 කට පමණ එලෙස ප්‍රහාර එල්ල වී ඇති බව ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි.  සේවක ප්‍රජාව මෙන්ම මගී ජනතාවද එම ප්‍රහාර වලින් අනතුරට ලක්ව ඇත. ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංගම පරිපාලනය කටයුතු කර තිබීම පැසසිය යුතුය.
ගල් ප්‍රහාරයකට ලක්වූ අම්පාර ඩිපෝවට අයත් බස් රථයක්. 
ගල් ප්‍රහාරයකට ලක්වූ කටුබැද්ද ඩිපෝවට අයත් බස් රථයක්.
ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.
ගල් ප්‍රහාරයකට ලක්වූ පොලොන්නරුව ඩිපෝවට අයත් බස් රථයක්.
ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.
කෙසේ වුවද ඒ ඒ නිවට ප්‍රහාර සියල්ල මැඩගෙන දිනය පුරා  සේවා පවත්වාගෙන යාටම ලංගමට හැකි විය.  එනම්, අතිශය වානිජකරණය වී ඇති අප රටේ පොදු ප්‍රවාහනය, සේවාවක් වශයෙන් පවත්වාගෙන යාමට ලංකා ගමනාගමන මණ්ඩලය සතුව තිබෙන වගකීමට ඔවුන් සාධාරණයක් ඉටු කර ඇති බව පෙනේ.

කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ වල වර්ජනය දින ශ්‍රී ලංගම සේවා පැවති අයුරු දැක්වෙන සෙයාරූ කීපයක් පහතින්.

බොරැල්ල බස් නැවතුම
බොරැල්ල. මාර්ග අංක 176, 175
බම්බලපිටිය. මාර්ග අංක 155 ගල්කිස්ස, 100 ගල්කිස්ස
බොරැල්ල. මාර්ග අංක 154 බම්බලපිටිය, ගල්කිස්ස/ 135 කොහුවල
නිට්ටඹුව බස් නැවතුම
මාතර බස් නැවතුම
ගල්කිස්ස. මාර්ග අංක 255 කොට්ටාව
මීට අදාළ ඡායාරූප ඔබ සතුව තිබේ නම් ඒවා sltbbus@hotmail.com යන ඊ ලිපිනය හරහා අප වෙත ලබාදෙන මේන් ඉල්ලා සිටිමු.

8 comments:

  1. ශ්‍රී ලංගම බස් 6000ද තියෙන්නෙ ඇත්තටම? විශ්වාස කරන්නත් අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඔව්! ගැටලුව තියෙන්නේ නව බස් රථ ලැබුනත්, අවුරුදු 15ට වඩා පැරණි බස් සීග්‍රයෙන් ඉවත් කිරීමයි.. කොහොම උනත් නව බස් රථ 1000ක් ලැබීමේ බලාපොරොත්තුවක් තියෙනවා..

      Delete
  2. new 1000 buses and 250 small buses. it already got the cabinet approval. but the problem is most of the CTB buses are older than 15 years.

    ReplyDelete
  3. There is a news that TATA engines are no longer manufactured. This may be true as TATA buses are fitted with Cummings engines after 2006. Therefore, there will be a serious limitation of lifespan of TATA buses unless they are upgraded to cummings engines. I doubt this will happen. Therefore, most probably and sadly we may see a gradual phasing out of TATA buses from SLTB fleet.

    ReplyDelete
  4. dimo does not like leasing agreements. that is why all new buses are leyland. anyway very few tata buses in the fleet now

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. I am a daily passenger of SLTB buses. The only reason I would ever get into a private bus is either because the route does not have SLTB buses running or there is no SLTB bus available (especially when I'm in a hurry). SLTB, you definitely need more buses - there are plenty of people who are loyal to SLTB and prefer SLTB buses over the wretched and cumbersome private buses.

    ReplyDelete