Tuesday, November 8, 2016

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 07) - භික්ෂූ කූපන් පොත -- SLTB Tickets (Part 07)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින්, මුදල් පරිහරණය නොකරන භික්‍ෂූන් වහන්සේලාගේ පරිහරණය වෙනුවෙන් මෙම භික්ෂූ කූපන් පොත හඳුන්වා දී ඇත. භික්‍ෂූන් වහන්සේ බස් රථයකින් ගමන්කරන විට ගමනට අදාළ වටිනාකමින් යුතු කූපන් පත් කොන්දොස්තර මහතා වෙත නිකුත් කළ හැක.

මෙම පොතේ පිටුවක කූපන් 4ක් ඇත. කූපන 4ක් අඩංගු පිටුවක් රූපයේ දැක්වේ.
වර්තමානයේ රුපියල් 3.00, රුපියල් 4.00, රුපියල් 8.00, රුපියල් 12.00, රුපියල් 15.00, රුපියල් 18.00, සහ රුපියල් 22.00 ආදී වශයෙන් කූපන් පිටු පොතෙහි අඩංගුය. රුපියල් 15ක වටිනාකමින් යුතු කූපනයක් රූපයේ දැක්වේ.
සෑම පොතකටම අංකයක් ඇති අතර සෑම කූපනයක් සඳහාමද අංකයක් ඇත. පිටකොටුව මධ්‍යම බස් නැවතුම ඇතුළු ප්‍රධාන බස් නැවතුම් වල පිහිටි ශ්‍රී ලංගම කාර්යාල මගින් මෙම පොත් මිලදී ගත හැකි අතර නිකුත් කරන ස්ථානයේ නිල මුද්‍රාව පොතේ සහ කූපන පිටුපස තිබිය යුතුය. පොතෙහි වත්මන් මිල රපියල් 720කි. ඔබටද මෙම භික්ෂූ කූපන් පොතක් මිලදී ගෙන, මුදල් පරිහරණය නොකරන භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කිරීමේ හැකියාව ඇත.

No comments:

Post a Comment