Sunday, June 12, 2016

ලංගමෙන් කප්පම්..

This photo was taken on June 02, 2016 in Katharagama, Southern, LK, using a Canon EOS 5D Mark 111.
Click for the full size picture.
බුත්තල කතරගම මාර්ගයේ ධාවනය වන රථ වාහන වලින් කප්පම් වශයෙන් ආහාර වර්ග ලබාගැනීමට මග දෙපස වනාන්තර ප්‍රදේශ වල වෙසෙන වන අලින් පුරුදුව සිටී. මාර්ගයේ පොදු ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංගම බස් රථ වලටද දැන් මෙය සුපුරුදු කරුණක් බවට පත්ව තිබේ. වන අලින්ට කප්පම් දීම සඳහා මග දෙපස කඩ පොළකින් පළතුරක් දෙකක් මිලට ගැනීමට කොන්දොස්තර මහත්වරුන්ද දැන් හුරුව ඇත. එලෙස බුත්තල සිට කතරගම බලා ධාවනය වන කතරගම ඩිපෝවට අයත් බස් රථයකින් කප්පම් ලබාගන්නා වන අලියෙකු සන්දිම දේවප්‍රිය මහතාගේ කැමරා කාචයේ සටහන්ව තිබූ අපූරුව.

NA-7053 / KTG 99 දරණ මෙම බස් රථය 2009 වසරේ ලංගම හා එක්වී ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ මුල්ම කාණ්ඩයට අයත් ආසන 42 කින් යුතු බස් රථයකි.

No comments:

Post a Comment