Friday, November 29, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 06) - කලින් ආසන වෙන් කර ගැනීම සඳහා කුවිතාන්සිය -- SLTB Tickets (Part 06)

ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේ සිට දුර ගමන් යන මගීන් සඳහා කලින් ආසන වෙන් කිරීමේ පහසුකම සලසා දී ඇත. ම. බ. ක. හී පිහිටි ආසන වෙන් කිරීමේ කාර්යාලය මගින් එලෙස වෙන් කිරීමේදී මගියා අතට පත්වන කුවිතාන්සිය ඡායාරූපයේ දැක්වේ. කලින් ආසන වෙන් කිරීම සඳහා මගියෙකුගෙන් රු 30.00 ක මුදලක් අය කෙරේ. ගමනට අදාළ ප්‍රවේශපත්‍රය ද ඒ අවස්ථාවේදීම ලබා ගත යුතු අතර එය කුවිතාන්සියට අමුණනු ලැබේ.

කොදේසි මුද්‍රිත, කුවිතාන්සියේ පසු පිට

2 comments: